යාපනය තිස්ස විහාරයේ නොසන්සුන්තා මැද වන්දනාකරුවෝ විශාල ප්‍රමාණයක් පැමිණෙති.. විරෝධතාකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්..
යාපනය ඓතිහාසික තිස්ස රාජ මහා විහාරස්ථාන භූමිය කේන්ද්‍ර කරගනිමින් පසුගිය දින කිහිපය පුරා දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන ඇති අතර, දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් විසින් කරන ලද විශේෂ කැඳවීමකට අනුව, කන්කසන්තරය ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික තිස්ස රාජමහා විහාරස්ථානය නීති විරෝධී බව පවසමින් ඊට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
මෙම උද්ඝෝෂණ මාලාව මැයි මස 29 වනදා පස්වරු 4.00 සිට පස්වරු 6.00 දක්වාත්, අනතුරුව උදාවූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය වූ මැයි මස 30 වනදා උදෑසන 7.00 සිට පස්වරු 6.00 දක්වාත් අඛණ්ඩව පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර, ඒ සඳහා මහජනතාවට, පක්ෂ සාමාජිකයින්ට සහ ආධාරකරුවන්ට සහභාගී වන ලෙස ලේකම්වරයා විවෘතව ඇරයුම් කර තිබු බවද වාර්තා වේ.
කෙසේ නමුත් එම විරුද්ධතාවය සඳහා උපරිමින් සහභාගී වී ඇත්තේ 18 දෙනෙකු පමණ ප්‍රමාණයක් බවත් වාර්තා වේ.
මෙම විරෝධතා ව්‍යාපාරය අතරතුර ඓතිහාසික තිස්ස රාජ මහා විහාරස්ථාන භූමියට අනවසරයෙන් ඇතුළුවී පොලිස් රාජකාරියට බාධා කරමින්, විහාරස්ථානය ඇතුළත ප්‍රදේශය අනවසරයෙන් ඡායාරූප ගැනීමට උත්සාහ කළ අන්තවාදී බෙදුම්වාදීන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් වාර්තා වේ.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වහාම මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත් අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
කෙසේ වුවද, වසර දෙදහසකට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය ඉවත් කරන ලෙස ඉල්ලමින් උතුරේ ක්‍රියාත්මක වන දෙමළ අන්තවාදී කණ්ඩායම් විසින් වෙසක් පොහෝ දිනයේදී පවා විහාරස්ථානය ඉදිරිපිට විවිධ උද්ඝෝෂණ සහ බලපෑම් එල්ල කරමින් සිටියද, දකුණේ සිට පැමිණි වන්දනාකරුවන්ගෙන් ඊට කිසිදු බාධාවක් එල්ල වී නොමැත.
මෙම බලපෑම් හා විරෝධතා සියල්ල නොතකමින් දකුණේ සිට පැමිණි විශාල වන්දනාකරුවන් පිරිසක් ඊයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේත් තිස්ස රාජ මහා විහාරය වැඳ පුදා ගැනීමට කටයුතු කර තිබේ.
ප්‍රදේශයේ පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වුවද, පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් විහාරස්ථාන භූමිය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත.




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..