උද්ධමනය තවත් නගී..
2026 මැයි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රදේශය සඳහා වන මාසික පාරිභෝගික උද්ධමන අනුපාත වාර්තාව අද දින ප්‍රකාශයට පත් කර ඇත.
එම නිල වාර්තාවට අනුව, 2026 අප්‍රේල් මාසයේදී 5.4% ක් ලෙස සටහන් වූ මතුපිට උද්ධමන අනුපාතය, 2026 මැයි මාසය වන විට 5.5% ක් දක්වා සුළු ඉහළ යෑමක් පෙන්වයි.
2026 අප්‍රේල් මාසයේදී 201.6 ක් ලෙස පැවති කොළඹ පාරිභෝගික මිල දර්ශකය (මතුපිට), මැයි මාසයේදී 203.4 ක් දක්වා වැඩි වී තිබේ. මේ අනුව, දර්ශක යොමු කාලය වන 2021 වසරට සාපේක්ෂව පොදු මිල මට්ටමෙහි සමස්ත වැඩිවීම 103.4% කි.
නිතර මිල වෙනස් වන ආහාර, බලශක්ති සහ ප්‍රවාහන වියදම් ඉවත් කර ගණනය කරනු ලබන මූලික/යටිදැරි (Core) උද්ධමන මිල දර්ශකය ද අප්‍රේල් මාසයේ පැවති 185.6 සිට මැයි මාසයේදී 186.1 දක්වා වැඩි වී ඇත.
ආහාර කාණ්ඩය සඳහා ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය 0.9% ක් ලෙස සටහන් වන අතර, එහි මාසික වෙනස 0.3% කි. සමස්ත උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයෙන් ලැබී ඇති දායකත්වය 0.31% කි.
ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 7.8% ක් දක්වා ඉහළ අගයක පවතින අතර, එහි මාසික වෙනස 0.9% කි. සමස්ත උද්ධමන අනුපාතය සඳහා ආහාර නොවන කාණ්ඩයෙන් ලැබී ඇති දායකත්වය 5.20% ක් වැනි ඉහළ අගයක් ගනී.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..