ශ්‍රීලන්කන් ගුවන් සේවය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතට පත් කිරීමට රජය සැරසෙයි..
ශ්‍රීලන්කන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව ගුවන්සේවා අමාත්‍ය අනුර කුමාරණාතිලක පවසයි.
රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, බදු ගෙවන්නන්ගේ මුදලින් ජාතික ගුවන් සේවය නඩත්තු කිරීම තවදුරටත් සිදු කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.
ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑම සඳහා රජයට මේ වන විට විශාල මූල්‍ය දායකත්වයක් සැපයීමට සිදුව ඇති බව හෙළි කළ අමාත්‍යවරයා, ඒ අනුව වසරකට රුපියල් බිලියන 30 බැගින් 2030 වසර දක්වා රුපියල් බිලියන 90ක පමණ මුදලක් වෙන් කිරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළේය.
මීට අමතරව, සිය මෙහෙයුම් කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් තවත් රුපියල් බිලියන 10ක අතිරේක මුදලක් ඉල්ලා ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී අනාවරණ කළේය.
“මේක සදහටම කරගෙන යන්න බැහැ. ජීවිතේට ගුවන් යානයක් දැකලවත් නැති මිනිස්සු තමන්ගේ බදු මුදලින් මේ ගුවන් සේවය නඩත්තු කරන්න දායක වෙන එක අසාධාරණයි” යැයි ඔහු පැවසීය.
ඒ අනුව, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් වෙත යොමු වීමට රජය තීරණය කර ඇති අතර ආයෝජකයන්ට ආරාධනා කිරීම සඳහා වන ආයෝජන යෝජනා සකස් කරමින් පවතින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම ආයෝජන ක්‍රියාවලිය හැසිරවීම සඳහා ආයතනයකට වගකීම් පවරන බවත්, මේ වසර ඇතුළත ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් හෙතෙම කියා සිටියේය.
කෙසේවුවද, ගුවන් සේවය සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කිරීමට රජයේ අදහසක් නොමැති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
විශේෂයෙන්ම හදිසි අවස්ථාවන්හිදී ජාතික ගුවන් සේවයක් තුළ යම් මට්ටමක රාජ්‍ය මැදිහත්වීමක් පැවතීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.
ඊට උදාහරණ ලෙස, කොවිඩ්-19 වසංගත සමයේදී චීනයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය ඉටුකළ කාර්යභාරය සහ ඉන්දියාවේදී සිදුවූ මහාමාර්ග අනතුරකින් පසු එහි සිරවී සිටි ශ්‍රී ලාංකික පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ ගුවන් වාර සංවිධානය කිරීම ඔහු සිහිපත් කළේය.
හදිසි අවස්ථාවන් සඳහා ජාතික ගුවන් සේවය තුළ අවම වශයෙන් යම් මට්ටමක හෝ රජයේ මැදිහත්වීමක් තිබිය යුතු බව විශ්වාස කරන බැවින්, ගුවන් සේවය සතු පවතින රාජ්‍ය දේපළ සුරකිමින්, ඒකාබද්ධ හවුල්කාරිත්ව ව්‍යුහයක් යටතේ පෞද්ගලික ආයෝජන ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..