විදුලිය ඉන්ධන මිල වැඩි කලා මදි.. තව වැඩි කල යුතුයි.. - IMF
ශ්‍රී ලංකාව තුළ විදුලිය සහ ඉන්ධන මිල නියම කිරීමේදී, ඒවා නිෂ්පාදනය කිරීමට හා සැපයීමට වැය වන සැබෑ පිරිවැය වහාම නිරූපණය වන පරිදි මිල සූත්‍ර සක්‍රිය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සිය නවතම කාර්ය මණ්ඩල වාර්තාව මඟින් අවධාරණය කර සිටියි.
මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා වැය වන සැබෑ වියදම පාරිභෝගික ගාස්තු මඟින් නැවත අයකර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට ජනවාරි මාසයේ සිට මෙතෙක් ලංකාව සමත්ව නොමැති බවයි.
නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක පැවතිය ද, ඊට සාපේක්ෂව විදුලි මිල ගණන් යළි සමාලෝචනය නොකිරීම මීට හේතුවයි.
පසුගිය මාර්තු 31 වැනිදා අනුමත කරන ලද සියයට 10.9 ක විදුලි ගාස්තු සංශෝධනය මඟින් ද, ඉහළ ගිය ඉන්ධන මිල සහ බලශක්ති සංයුතියේ සිදු වූ වෙනස්කම් සම්පූර්ණයෙන්ම ආවරණය වී නොමැති බව එම වාර්තාවේ සඳහන් වේ.
මේ හේතුවෙන්, පළමු කාර්තුවේදී සිදු වූ මූල්‍ය අලාභය පියවා ගැනීම සඳහා, පවතින ක්‍රමවේදයට අනුව සකස් කළ නව ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරි තෙවැනි කාර්තුවේදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වීමට නියමිතය.
විදුලි අංශයට අමතරව, ඉන්ධන මිලකරණය සම්බන්ධයෙන් ද පවතිනුයේ බරපතළ තත්ත්වයකි. මැදපෙරදිග කලාපීය අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය ද, පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙරට ක්‍රියාත්මක වන්නේ සැබෑ පිරිවැය ආවරණය නොවන ගාස්තු ක්‍රමයක් බව මූල්‍ය අරමුදල පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති අතීත පාඩු පියවීම සඳහා රජය විසින් වන්දි ලබා දීමට පියවර ගන්නා අතර, දැනට ලබා දෙන ඉන්ධන සහන පූර්ව ඇස්තමේන්තුගත මුදලක් මත පමණක් සිදු වන බව තහවුරු කරමින් කැබිනට් තීරණයක් නිකුත් කෙරෙනු ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.
කෙසේ වුවද, දැනට පවතින ඉන්ධන සහන ලබා දීමේ ක්‍රියාවලිය එළඹෙන සැප්තැම්බර් මාසයේදී සම්පූර්ණයෙන්ම අවසන් වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
බලශක්ති ක්ෂේත්‍රයේ පවතින මිල අස්ථාවරත්වය අවම කිරීම සහ විදුලි සමාගම්වල මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් වඩාත් විනිවිදභාවයකින් යුතු මිල පාලන ක්‍රමවේදයක් අවශ්‍ය බව මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
මේ සඳහා, සැබෑ පිරිවැය ආවරණය වන පරිදි පැහැදිලි විදුලි ගාස්තු නිර්ණායක සකස් කිරීමට සිය තාක්ෂණික කණ්ඩායමේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..