මෙනින්ජයිටීස් රෝගීන් 200ක්..
මේ වනවිට මෙනින්ජයිටීස් රෝගීන් 200ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය පැවසුවේ, මේ වනවිට දිස්ත්‍රික්ක 4ක රෝගීන් 50ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.
මේ වනවිට රෝගීන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන අතර, එළැඹෙන වැසි සමය තුළ රෝග බෝවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවද වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළාය.
මේ අතර උණුකර නිවාගත් ජලය පානය කිරීම ඉතා වැදගත් බවද පැවසු වෛද්‍යවරිය, රෝගී දරුවෙකු සිටී නම් දරුවා පාසල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියාය.
රෝගී ලක්ෂණ ඇති පුද්ගලයින් ජනතාව රැස්වන ස්ථානවල නොගොස් සිටීම වඩාත් සුදුසු බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
දෙණියායේ පාසල් සිසුන් කිහිපදෙනෙකු අතර පැතිර තිබු මෙනින්ජයිටිස් රෝගය තවත් ප්‍රදේශ කිහිපයකින්ද වාර්තා වෙමින් පවතී.
ඒ අනුව එම ව්‍යාප්තිය පාලනය සහ වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සියලුම අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
තද උණ හිසරදය, වමනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් දෙණියාය ප්‍රදේශයේ පාසල් ළමුන් පිරිසක් පසුගිය දිනක රෝගී වීම සෞඛ්‍ය අංශවල අවධානයට ලක්වුණි.
එහිදී අනාවරණ වූයේ මෙනින්ජයිටීස් රෝගය එම දරුවන් අතර පැතිර ඇති බවය.
ඒ අනුව රෝගය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශ පාසල් කිහිපයක් දින කිහිපයකට වසා දැමුණි.
වසංගත රෝග විද්‍යා අංශය පසුගිය සිකුරාදා අනාවරණ කළේ දෙණියාය ප්‍රෙද්ශයේ පාසල් ළමුන් අතරින් වාර්තා වූ මෙම මෙනින්ජයිටීස් රෝගීන් දියතලාව, වැලිමඩ සහ රිකිල්ලගස්කඩ රෝහල්වලින්ද වැඩි වශයෙන් මේ වන විට වාර්තාවන බවය.
මෙම මෙනින්ජයිටීස් රෝගී තත්ත්වය පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිත විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් පවතින බව මේ වන විට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එහි ව්‍යාප්තිය පාලනය සහ වැළැක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සියලුම අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
මෙනින්ජයිටීස් රෝගී තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය සහ වමනයයි.
එය දින 7ක් ඇතුළත සුව අතට පත්වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ජලය සහ ආහාර මගින් මෙම රෝගී තත්ත්වය වැලඳෙන බවට හඳුනාගෙන තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..