News Category
From Date
To Date
Maximum Number of Result

මුදුන්මල්කඩ බඳු ජය ශ්‍රී මහා බෝධිය සහ දළදා වහන්සේ ඉලක්ක කර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි.. පළමු වෙඩිමුරය මහා විහාරයට එල්ල කළා.. - පූජ්‍ය ඇලපාතගම ඥානරතන හිමි හෙළිකරයි

May 27, 2026 at 10:18 AM
|

වර්තමානයේ සිදුවන ඇතැම් පුද්ගලික සිදුවීම් මුල් කරගනිමින්, අටමස්ථානාධිපති ඇතුළු උත්තරීතර මහා විහාරීය සඟ පරපුරට සහ බුද්ධ ශාසනයට ප්‍රහාර එල්ල කිරීමේ සියුම්, සූක්ෂම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් විවිධ රාජ්‍ය නොවන සංවිධාන (NGO) සහ සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බව ජාතික භික්ෂු එකමුතුව අවධාරණය කරයි. 

කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු පූජ්‍ය ඇලපාතගම ඥානරතන හිමියන් සඳහන් කළේ, ශාසනය තුළ සිටින සුළු පිරිසකගේ වැරදි අඩුපාඩු පෙන්වමින් සමස්ත සඟ පරපුරම සහ බුද්ධ ශාසනය විනාශ කිරීමේ මෙම අදෘශ්‍යමාන හස්තයන් පිළිබඳව රටේ බෞද්ධ ජනතාව අතිශය බුද්ධිමත්ව සහ ප්‍රඥාවන්තව කල්පනා කළ යුතු කාලය එළඹ ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

"විශේෂයෙන්ම අද දවසේ අපි මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් සිද්ධ කරන්න ඕන කියලා අදහස් කරන්න යෙදුණේ වර්තමානය බලපුවාම ශාසනික වශයෙන් විශාල පරිහානිදායක තැනකට අපේ ශාසනය කිසියම් අදෘශ්‍යමාන හස්තයක් විසින් රැගෙන යන බව අපිට විශේෂයෙන්ම දැනෙනවා, තේරෙනවා. ඉතින් ඒ බව දැන දැනත් අපිට දැනී දැනීත් නිහඬව විහාරස්ථාන වල රැඳී සිටිමින් ගම්මාන වල ආගමික වතාවත් සිද්ධ කරමින් නිහඬව ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසාම තමයි මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් සිද්ධ කරන්න අපි අදහස් කළේ.

ඉතින් ඒ අනුව විශේෂයෙන්ම අපි මේ වෙලාවේ අවධාරණය කරන්න ඕන, සිහිපත් කරන්න ඕන සාමාන්‍ය බැලූ බැල්මට පිටතින් බලපුවාම ඕනෑම කෙනෙකුට වැටහෙනවා අපේ රටේ තියෙන්නේ උත්තරීතර අධිකරණයක්. ඒ වගේම අපේ රටේ ඉන්නවා ශ්‍රේෂ්ඨ නීතීඥවරු. ඉතින් මෙන්න මේ උත්තරීතර අධිකරණයටත් අපේ රටේ ඉන්න මේ සම්භාවනීය නීතීඥවරු මේ සියල්ල පසෙක දාලා අපි දකිනවා සමාජ මාධ්‍ය විසින් මේ රටේ නීතිය අතට අරගෙනදෝ කියලා. විශේෂයෙන්ම අපේ ශාසනය ගත්තහම එහෙම නැත්නම් මේ උතුම් චීවරය ගත්තහම මේ රටේ අපි දන්නවා එදා රජදරුවන්ගේ කාලේ ඉඳලා මේ රට ආරක්ෂා කරගෙන මේ රටේ සිදුවන යම් යම් අගතිගාමී කටයුතු වලදී ශාසනික වශයෙන් වේවා, සාමාජික වශයෙන් වේවා හැම අවස්ථාවකදීම මේ උතුම් චීවර සෙවණ යට තමයි මේ සියල්ලටම අපේ රාජ රාජ මහාමාත්‍යවරුන් පවා උත්තර සපයන්න යෙදුණේ.

අතීතයේ ඉඳලාම මේ චීවරය එක්ක හා බැඳිච්ච වගකීමක් ශ්‍රී ලාංකික අපිට මේ ශ්‍රී ලංකා ධරණී තලයට විශේෂයෙන්ම පවතිනවා. අපි දන්නවා එදා කුඩාපොළ ස්වාමීන් වහන්සේ ඒ වගේම යතිවරයන් වහන්සේලා විශේෂයෙන්ම මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිත පවා එදා පරිත්‍යාග කරලා සුද්දාගේ කොඩිය බිමට ඇදලා දාලා පාගුවේ උන්වහන්සේ එදා තමන්ට වෙඩි උණ්ඩ වදිනවා කියලා නොදැන නෙමෙයි. වෙඩි උණ්ඩයට බිය නොවී උන්වහන්සේලා මේ ශාසනය රකින්න, ශාසනය වෙනුවෙන් එදා අතීතයේ ක්‍රියාත්මක වුණා.

දුටුගැමුණු රජතුමාගේ සටන් පාඨය වුණේ 'මගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව බුද්ධාගම එහෙම නැත්නම් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්' කියලයි. මේ වගේ ප්‍රකාශයන් පවා අපිට අපේ ඉතිහාස පුරාවෘත්ත බලපුවාම, මහාවංශය අධ්‍යයනය කරපුවාම දකින්න පුළුවන්කම තියෙනවා.


අතීතයේ භික්ෂූන් වහන්සේලා මේ රට වෙනුවෙන් සුවිශේෂී කැපකිරීමක්, ජීවිත පරිත්‍යාගයක් එදා අතීතයේ සිද්ධ කරන්න යෙදුණා. ඒ වගේම තමයි පළවෙනි සියවසේ මාතලේ අලුලෙනේ එදා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළා. අද මුළු ලෝකයම තියෙන්නේ අපේ රටේ ග්‍රන්ථාරූඪ කරපු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපිටකයයි. මේ වගේ පිරිවෙන් වෙහෙර විහාර ඉදිකරමින් සමාජයේ දරුවන්ට ඉස්සෙල්ලාම අකුරු කියෙව්වේ පන්සලේ හාමුදුරුවෝ. මේ වගේ මෙකී නොකී සුවිශාල කාර්යභාරයක් ශාසනික වශයෙන් සහ සාමාජික වශයෙන් අපේ ස්වාමීන් වහන්සේලා පෙර සිද්ධ කරන්න යෙදුණා.

එහෙම ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු මේ රට, මේ ශාසනය මේ වෙනකොට යම්කිසි අන්තගාමී අතලොස්සක් දෙනෙක් අතර දෝලනය වෙමින් ඒ අය මේ ශාසනය විනාශ කරන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරගෙන යන බව විශේෂයෙන්ම අපිට මේ වෙලාවේ පැහැදිලි වෙනවා. ආසන්න වශයෙන් ගත්තහම අපේ මුදුන් මල්කඩ තමයි විශේෂයෙන්ම ජය ශ්‍රී මහා හාමුදුරුවන් වහන්සේ එහෙම නැත්නම් මහා විහාරය. අනිත් අපේ මුදුන් මල්කඩ තමයි දන්ත ධාතූන් වහන්සේ. ඉතින් දැන් පළවෙනි වෙඩිමුරය මේ අය ආරම්භ කරලා තියෙනවා. ඉස්සෙල්ලාම ප්‍රහාරය එල්ල කළා අපේ මහා විහාරයට, අපේ නායක හාමුදුරුවන් වහන්සේට.

විශේෂයෙන්ම මේ වෙලාවේ ජාතික භික්ෂු එකමුතුව හැටියට අපේ මතය තමයි මේ රටේ නීතියක් තියෙන්න ඕන. මේ රටේ නීතිය කිසිම පැවිදිද, ගිහිද, බලවතාද, දුබලයාද කිසිම භේදයකින් තොරව සර්ව සාධාරණව නීතිය හැමෝටම ක්‍රියාත්මක විය යුතුමයි. නමුත් මේ වෙනකොට සමාජ මාධ්‍ය විසින් මේ ස්වාමීන් වහන්සේගේ මේ සිද්ධිය අල්ලලා ඒ සිද්ධියත් එක්කලා ඒ පුද්ගලිකව ඒ පුද්ගලයා නෙවෙයි අටමස්ථානාධිපති කියන මෙන්න මේ තනතුරට ප්‍රහාර ගැසීමේ බොහොම සියුම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් යන බව අපිට ඉතාම පැහැදිලියි.

ඒක නිසා විශේෂයෙන්ම මේ වෙලාවේ අපි අවධාරණය කරන්න ඕන අපේ රටේ සිටින බෞද්ධ ජනතාව මේක බොහොම සූක්ෂමව, මේක බොහොම ප්‍රඥාවන්තව, මේක බොහොම බුද්ධිමත්ව ඔබ සිතිය යුතුම කාලය එළඹිලා තියෙනවා. මක්නිසාද අපි දන්නවා අපේ රටේ නොයෙක් ආකාරයේ කුමන්ත්‍රණකාරී අන්තගාමී වැඩපිළිවෙලවල් ඕන තරම් පසුගිය කාලසීමාව තුළ සිද්ධ වුණා. දැන් මේගොල්ලන්ට හොඳ පල්ලමක් වෙලා තියෙනවා මේ වෙන යම් යම් සිද්ධිදාමයන් අල්ලලා මේ ශාසනයට ප්‍රහාර එල්ල කරන්න. මේ රට කියලා කියන්නේ අවුරුදු 5000ක් බුද්ධ ශාසනය පවතින රට. දැන් 2600ක් ගිහිල්ලා තියෙනවා තව 2400ක් මේ රටේ බුද්ධ ශාසනය රැකිය යුතුයි, රැකෙන්නට ඕන.

ඉතින් ඒක නිසා අපේ බෞද්ධ මිනිස්සු බොහොම කල්පනාකාරීව, බොහොම ප්‍රඥාවන්තව මේ කාරණය දිහා, මේ සිදුවන සිද්ධිදාමයන් දිහා බලන්න ඕන, කල්පනා කරන්න ඕන, හිතන්න ඕන. එහෙම නොවුණොත් අනාගතේ මේ රටේ ඉතාම ඉක්මනින් මේ ශාසනය අන්තර්ධාන වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ලොකු අපරාධයක්.

විවිධ NGO නඩවල අදෘශ්‍යමාන හස්තයන්ට ඔබ හසු නොවී, නොරැවටී බොහොම බුද්ධිමත්ව හිතලා බලලා මේ ශාසනය විනාශ වීමේ කරා ගමන් කරන මේ මාවතට ඔබ හසු නොවී කටයුතු කරන්න. වර්තමානයට එනකොට ස්වාමීන් වහන්සේලා 35,000ක පමණ ප්‍රමාණයක් තමයි වැඩ ඉන්නේ. ඉතින් ඒ අතර ස්වාමීන් වහන්සේලා දහසක් යම් අගතිගාමී නොගැලපෙන දේවල් සිද්ධ කරන්න පුළුවන්. හැබැයි ඉතුරු 34,000ක් ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් මේ ගම්මාන වල, දුෂ්කර ගම්මාන වල රැඳී සිටිමින් මේ මිනිසුන්ගේ ආගමික වතාවත් සිද්ධ කරමින්, සමහර විට දානේ ටික නැතුව ඒ දුක් සියල්ල දරාගෙන, අලීන්ගෙන් බැට කකා මේ ශාසනය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියෙහි නිරතව ඉන්නවා.

ඉතින් ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේලාටත් කිසියම් බලපෑම් සහිත සිතුවිලි එන්න පුළුවන්. මේ සිද්ධිත් එක්ක සිවුර හැරදා යෑමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුලුවන්. ඉතින් ඒක නිසා බෞද්ධයෝ මේ වෙලාවේ බොහොම කල්පනාකාරී වෙන්න ඕන, බොහොම බුද්ධිමත් වෙන්න ඕන, ප්‍රඥාවන්තව හිතලා මේ සියල්ල මධ්‍යස්ථව හිතලා බලලා මේ ශාසනය විනාශ කිරීමේ ක්‍රියාවලියට හැම කෙනාම විරුද්ධ වෙන්න ඕන කියන මතය මේ වෙලාවේ අපි විශේෂයෙන් පළ කරනවා.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ දේහය තිබියදීම තමයි සුභද්‍ර හාමුදුරුවෝ අභද්‍ර වචනය ප්‍රකාශ කළේ. ඊට පස්සේ පළවෙනි ධර්ම සංගායනාව පවත්වලා අනවශ්‍ය ස්වාමීන් වහන්සේලා ඉවත් කිරීමේ ක්‍රියාවලියක් සිද්ධ කරනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ වෙලාවේ මේ ශාසනය තුළ අර 35,000ක පිරිස තුළ යම්කිසි සුළු පිරිසක් ඉන්න පුළුවන්, ඒ නිසා සමස්තය නොවන බව හැමදෙනාම බෞද්ධ ජනතාව හැටියට අපි අවධාරණය කරගන්න ඕන කියන කාරණය මේ වෙලාවේ අපි බොහොම කරුණිකව අපේ බෞද්ධ සමාජයට සිහිපත් කරනවා."

මෙහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් උන්වහන්සේ,

ප්‍රශ්නය: අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේට මේ විදිහට දෝෂාරෝපණ, විවිධ සමාජ මාධ්‍ය සහ ෆේස්බුක් (Facebook) ඔස්සේ විවිධ ප්‍රචාරයන් යනවා. ඇත්තටම මොකක්ද ස්වාමීන් වහන්සේ මේ ගැන කියන්න තියෙන්නේ?

පිළිතුර: පැහැදිලිවම දැන් අපිට පේනවා අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ වැරදි බවට තවමත් ඔප්පු වෙලා නැහැ. හැබැයි මේ සමාජ මාධ්‍ය විසින් උන්වහන්සේ වැරදිකරුවෙක් බවට පරිවර්තනය කරලා, මේ වෙනකොට සම්පූර්ණයෙන්ම සියලුම ස්වාමීන් වහන්සේලා වැරදියි කියන තැනට සමාජ මාධ්‍ය විසින් පත් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඉතාම පැහැදිලියි මෙතන විශේෂයෙන්ම අදෘශ්‍යමාන හස්තයක්, අදෘශ්‍යමාන NGO නඩ එකතු වෙලා මේ ලොකු ගේම් එකක් ගහන්නේ කියන එක.

ඒක නිසා අපි විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා, ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා, ඒ වගේම බුද්ධශාසන අමාත්‍යතුමා ඇතුළු හැමදෙනාටම මේ වෙලාවේ අවධාරණය කරනවා. ඒ වගේම අපි දස වැදෑරුම් යෝජනා ක්‍රමයක් ජනාධිපතිතුමාට සහ අදාළ අංශවලට ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ වෙලාවේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ සමාජ මාධ්‍ය නියාමනයක් සිද්ධ කරලා, ශාසනයට එල්ල කරන මේ ප්‍රහාරයන් වළක්වන්න අවශ්‍ය කරන දැඩි තීන්දු තීරණ ගන්නා ලෙසයි.


සම්බන්ධිත පුවත් | Related News

උතුරු කොරියාව සහ රුසියාව සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද පළමු පාලම විවෘත කර තිබේ.
කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,
දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.
කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරය ජිනීවා නුවරදී ඊයේ පස්වරුවේ ආරම්භ විය.
නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.