ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල්වරයෙකු ඝාතනය වේ
ඊශ්‍රායල ප්‍රහාරක යානා සිරියාවේ ඩැමස්කස් අගනුවරට එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු මිය ගිය බව ඊයේ(25) ඉරාන ඨස්නිම් පුවත් පත වාර්තා කළේය. ඔහු නමින් ජෙනරාල් සෙයිද් රාසි මූසාවි වන අතර ඉරානයේ ප්‍රභූ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) කියා සිටියේ ජෙනරාල් සෙයිද් රාසි මූසාවි ඊශ්‍රායල විරෝධී “ප්‍රතිරෝධී පෙරමුණට” සහාය දැක්වීම සඳහා සිරියාවේ කටයුතු කළ බවයි.
ප්‍රහාරය පිළිබඳ ප්‍රවෘත්තිය ඉරානයේ ඨස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රථමයෙන් වාර්තා කරන ලද අතර ඉන් ටික වෙලාවකට පසු IRGC විසින් එම ප්‍රවෘත්ට්තිය තහවුරු කළේය. "පැය කිහිපයකට පෙර, ඩැමස්කස් හි ළමුන් ඝාතනය කරන සියොන්වාදී පාලන තන්ත්‍රයේ සාපරාධී මිසයිල ප්‍රහාරයක් හේතුවෙන්, IRGC හි ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශකයෙකු වූ බ්‍රිගේඩියර් ජෙනරාල් සෙයිඩ් රාසි මුසාවි දිවි පිදූවේය." IRGC නිකුත් කළ ප්‍රකාශය පැවසුවෙය.
මූසාවි "සිරියාවේ ප්‍රතිරෝධී පෙරමුණට සහාය දීමේ වගකීම දැරීය" යනුවෙන් IRGC ප්‍රකාශය මගින් අවධාරණය කරන අතර ලෙබනනයේ හිස්බුල්ලා සහ ඉරාකයේ සහ සිරියාවේ විවිධ ෂියා මුස්ලිම් සන්නද්ධ සංවිධාන ඇතුළු ඉරානයේ පිටුබලය ලබන ඊශ්‍රායල විරෝධී කණ්ඩායම්වල පුලුල් සභාගය සම්බන්ධයෙන්ද සඳහන් කරමින් IRGC සිය ප්‍රකාශය මගින් කරුණු හෙළිදරව් කළේය.
මූසාවි යනු 1990 ගණන්වල අග භාගයේ සිට 2020 දී අමෙරිකා එක්සත් ජනපදය විසින් ඝාතනය කරන තෙක් IRGC හි QUDS බලකායට අණ දුන් Qasem Soleimani ගේ සමීපතම සගයෙකි. QUDS බලකාය මූලික වශයෙන් ඉරානයෙන් පිටත ක්‍රියාත්මක වන අතර, “ප්‍රතිරෝධී පෙරමුණේ සිටින අය ඇතුළුව ටෙහෙරානයේ සහචරයින්ට සහාය සහ පුහුණුව ලබා දෙයි. ”
එහි වත්මන් අණදෙන නිලධාරී, බ්‍රිගේඩියර් ජෙනරාල් එස්මයිල් කානි, ඊශ්‍රායලයට එරෙහි සටනේදී හමාස් සංවිධානයට ආධාර කිරීමට නොවැම්බරයේදී පොරොන්දු වූ අතර, ටෙහෙරානය "මෙම කුරිරු සතුරාට සහ ඔහු පිටුපස සිටින අයට ගාසා තීරය සහ එහි වීරෝදාර ජනතාව යටත් කර ගැනීමට ඉඩ නොදෙන" බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පලස්තීන සටන්කාමී කණ්ඩායමට දන්වා ඇත්තේ සෘජු හමුදා මැදිහත්වීමකට ඉරානයේ සහාය ලබා නොදෙන බවයි.
කෙසේ වුවද ඊශ්‍රායල හමුදාව 24 වනදා එල්ල කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වා නැති අතර සාමාන්‍යයෙන් සිරියානු අහසේ කළ සිය මෙහෙයුම් සම්බන්ධයෙන් නිහඬව සිටීමට කටයුතු කරමින් සිටිති. හමාස් සමඟ යුද්ධය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වූ දා සිට ඊශ්‍රායල ගුවන් යානා සිරියාවේ අර්ධ ගුවන් මෙහෙයුම් නිතර නිතර සිදු කර ඇති අතර, ඉරානය සමඟ පෙලගැසී ඇති සන්නද්ධ කන්ඩායම් විසින් භාවිතා කරන බව පැවසෙන ගුවන් තොටුපලවල් සහ වෙනත් මධ්‍ය්ස්ථාන වෙත පහර එල්ල කිරීමට කට්යුතු කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..