භාණ්ඩාගාර කොල්ලයේ පරිඝණක ගැන පරීක්‍ෂණයක්..
ශ්‍රී ලංකා මහ භාණ්ඩාගාරයෙන් විදේශීය ණය වාරිකයක් ගෙවීම සඳහා වෙන් කර තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් හැකර් කණ්ඩායමක ග්‍රහණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවට සම්බන්ධ සියලුම පරිගණක, සේවාදායක (Servers) සහ අනෙකුත් ඩිජිටල් උපාංග වහාම පරීක්ෂාවට ලක් කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කර ඇත්තේ.
එමෙන්ම එම තාක්ෂණික පරීක්ෂණවලට අදාල සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට ගෙවීමට තිබූ ණය මුදලක් මෙලෙස හැකර්වරුන් විසින් විද්‍යුත් තැපැල් (Email) පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී ව්‍යාජ ගිණුම් අංක වෙත හරවා යවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පුළුල් විමර්ශන සිදු කරන අතර, භාණ්ඩාගාරයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද මුදල් අමාත්‍යාංශය මීට පෙර පියවර ගෙන තිබුණා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..