News Category
From Date
To Date
Maximum Number of Result

යුක්‍රේනය ස්ටාරොබෙල්ස්ක් හි ලුගාන්ස්ක් රාජ්‍ය අධ්‍යාපනික විශ්වවිද්‍යාලයට පහර දෙයි.. සිසුන් 21ක් මරුට.. - ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

May 25, 2026 at 12:01 PM
|

මැයි 22 වනදා රාත්‍රියේ, යුක්‍රේන (කියෙව්) පාලනය විසින් එල්.පී.ආර්. (LPR) හි ස්ටාරොබෙල්ස්ක් නුවර පිහිටි ලුගාන්ස්ක් රාජ්‍ය අධ්‍යාපනික විශ්වවිද්‍යාලයට අයත් විද්‍යාල ගොඩනැගිල්ලකට සහ එහි නේවාසිකාගාරයට ඩ්‍රෝන යානා 4ක් යොදාගෙන දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී, වයස අවුරුදු 14 ත් 18 ත් අතර පසුවන ළමුන් 86 දෙනෙකු එම පස් මහල් නේවාසිකාගාරය තුළ සිට ඇති අතර, ප්‍රහාරය නිසා ගොඩනැගිල්ල දෙවන මහල දක්වාම කඩා වැටී ඇති බවත් වාර්තා වේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

දැනට ලැබී ඇති තොරතුරු අනුව පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මියගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 21 ක් බව වාර්තා වේ. ප්‍රහාරය සිදුවූ ස්ථානයේ මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට අවසන්ව ඇති අතර, අවට ඇති නිවාස සහ ගොඩනැගිලිවලට ද හානි සිදුවී ඇත. රුසියාවේ විමර්ශන කමිටුව මේ පිළිබඳව අපරාධ නඩුවක් පවරා තිබේ.

අමෙම ප්‍රහාරය කිසිසේත්ම අහම්බයක් විය නොහැකි බවත් එය සිවිල් වැසියන් ඉලක්ක කරගෙන හිතාමතාම එල්ල කළ නාසි පන්නයේ ප්‍රහාරයක් බවත් රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි. ගොඩනැගිල්ල තුළ සිටි කිසිවෙකු යුද්ධයට සම්බන්ධ අය නොවන අතර, එම ප්‍රදේශය අවට කිසිදු මිලිටරි කඳවුරක් ද නොතිබුණි.

යුධ පිටියේදී පරාජයන්ට මුහුණ දෙන යුක්‍රේන පාලනය, දැන් අනාරක්ෂිත දරුවන්ට එරෙහිව මෙවැනි අමානුෂික භීෂණයක් මුදාහරිමින් සිටින බව රුසියානු විදේශ අමාත්‍යාංශ පවසයි.

නේටෝ (NATO) රටවල් විසින් යුක්‍රේනයට ලබා දී ඇති දිගු දුර අවි සහ ඩ්‍රෝන යානා මඟින් එල්ල කරන මෙවැනි ප්‍රහාර සිදු කරන්නේ බටහිර රටවල විශේෂඥයන්ගේ තාක්ෂණික සහාය ඇතිවය. බටහිර රටවල් විසින් යුක්‍රේන හමුදාවට ඔත්තු බැලීමේ තොරතුරු සහ ඉලක්ක හඳුනා ගැනීමට උදව් කරන බවට ද විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව එම අමාතංශය පවසයි.

දරුවන්ට එරෙහිව සිදු කළ මෙම කුරිරු ක්‍රියාව නිසා, යුද්ධය උග්‍ර වීමේ සහ සාමකාමී දේශපාලන විසඳුම් බිඳ වැටීමේ සම්පූර්ණ වගකීම යුක්‍රේන පාලනය සහ ඔවුන්ට උදව් කරන බටහිර රටවල් භාරගත යුතු බවත් එම අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

යුද්ධයෙන් පීඩාවට පත් දරුවන් ගැන යුක්‍රේනය ලෝකය ඉදිරියේ බොරුවට කනගාටු වන නමුත්, සෙලෙන්ස්කිගේ පාලන තන්ත්‍රය දරුවන්ව ත්‍රස්ත ඉලක්ක බවට පත් කරමින් කෙතරම් කුහක ලෙස කටයුතු කරන්නේද යන්න දැන් මුළු ලෝකයම දැක ඇති බවත්, මියගිය අයගේ පවුල්වලට අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් එම අමාතංශය පවසයි.

යුක්‍රේන පාලනයේ මෙම අපරාධකාරී ක්‍රියාවන් නිවැරදිව තක්සේරු කර, ස්ටාරොබෙල්ස්ක් හි සිදුවූ ලේවැකි ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින ලෙස ජාත්‍යන්තර සංවිධානවලින් සහ ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, මේ ගැන නිශ්ශබ්දව සිටීම යනු අහිංසක දරුවන් ඝාතනය කළ ත්‍රස්තවාදීන්ට සහාය දීමක් බවත් නිවේදනයේ දැක්වේ.

මේ අතර, මෙම විද්‍යාලයකට එල්ල කළ ප්‍රහාරයෙන් සිදුවූ මෙම දරුණු ඛේදවාචකය වාර්තා කිරීම සඳහා විදේශීය මාධ්‍යවේදීන් 50කට වැඩි පිරිසක් අනතුර සිදුවූ ස්ථානය බලා පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ.

ඔස්ට්‍රියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍යය, හන්ගේරියාව, වෙනිසියුලාව, ජර්මනිය, ග්‍රීසිය, ස්පාඤ්ඤය, ඉතාලිය, කටාර් රාජ්‍යය, චීනය, කියුබාව, ලෙබනනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, තුර්කිය, ෆින්ලන්තය සහ ප්‍රංශය ඇතුළු විදේශීය රටවල් 19ක් නියෝජනය කරන මාධ්‍ය ආයතන ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුව (LPR) වෙත පැමිණ ඇත.

ටෝකියෝ (ජපාන) රජය විසින් තම රටේ මාධ්‍යවේදීන්ට මෙම සංචාරයට සහභාගී වීම තහනම් කර ඇති බවත්, බීබීසී (BBC) ආයතනය මේ සඳහා සහභාගී වීම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති අතර, සීඑන්එන් (CNN) ආයතනය මේ දිනවල නිවාඩු ලබා සිටින බවත් වාර්තා වේ.

ස්ටාරොබෙල්ස්ක් (Starobilsk) හිදී ජීවිතක්ෂයට පත් වූ සිසුන්ගේ ස්ථිර කරන ලද නාමලේඛනය පහළින්..


සම්බන්ධිත පුවත් | Related News

සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ප්‍රංශයේ Limoges නගරයේ පිහිටි වසර 143ක් පැරණි ඓතිහාසික නගර ශාලාව (Hôtel de Ville) ඔක්තෝබර් 17 වැනිදා පැවති විරෝධතා අතරතුර මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් ගිනි තැබීමෙන් දැඩි ලෙස විනාශ වී තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.