යුක්‍රේනය ස්ටාරොබෙල්ස්ක් හි ලුගාන්ස්ක් රාජ්‍ය අධ්‍යාපනික විශ්වවිද්‍යාලයට පහර දෙයි.. සිසුන් 21ක් මරුට.. - ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
මැයි 22 වනදා රාත්‍රියේ, යුක්‍රේන (කියෙව්) පාලනය විසින් එල්.පී.ආර්. (LPR) හි ස්ටාරොබෙල්ස්ක් නුවර පිහිටි ලුගාන්ස්ක් රාජ්‍ය අධ්‍යාපනික විශ්වවිද්‍යාලයට අයත් විද්‍යාල ගොඩනැගිල්ලකට සහ එහි නේවාසිකාගාරයට ඩ්‍රෝන යානා 4ක් යොදාගෙන දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී, වයස අවුරුදු 14 ත් 18 ත් අතර පසුවන ළමුන් 86 දෙනෙකු එම පස් මහල් නේවාසිකාගාරය තුළ සිට ඇති අතර, ප්‍රහාරය නිසා ගොඩනැගිල්ල දෙවන මහල දක්වාම කඩා වැටී ඇති බවත් වාර්තා වේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
දැනට ලැබී ඇති තොරතුරු අනුව පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මියගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 21 ක් බව වාර්තා වේ. ප්‍රහාරය සිදුවූ ස්ථානයේ මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට අවසන්ව ඇති අතර, අවට ඇති නිවාස සහ ගොඩනැගිලිවලට ද හානි සිදුවී ඇත. රුසියාවේ විමර්ශන කමිටුව මේ පිළිබඳව අපරාධ නඩුවක් පවරා තිබේ.
අමෙම ප්‍රහාරය කිසිසේත්ම අහම්බයක් විය නොහැකි බවත් එය සිවිල් වැසියන් ඉලක්ක කරගෙන හිතාමතාම එල්ල කළ නාසි පන්නයේ ප්‍රහාරයක් බවත් රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි. ගොඩනැගිල්ල තුළ සිටි කිසිවෙකු යුද්ධයට සම්බන්ධ අය නොවන අතර, එම ප්‍රදේශය අවට කිසිදු මිලිටරි කඳවුරක් ද නොතිබුණි.
යුධ පිටියේදී පරාජයන්ට මුහුණ දෙන යුක්‍රේන පාලනය, දැන් අනාරක්ෂිත දරුවන්ට එරෙහිව මෙවැනි අමානුෂික භීෂණයක් මුදාහරිමින් සිටින බව රුසියානු විදේශ අමාත්‍යාංශ පවසයි.
නේටෝ (NATO) රටවල් විසින් යුක්‍රේනයට ලබා දී ඇති දිගු දුර අවි සහ ඩ්‍රෝන යානා මඟින් එල්ල කරන මෙවැනි ප්‍රහාර සිදු කරන්නේ බටහිර රටවල විශේෂඥයන්ගේ තාක්ෂණික සහාය ඇතිවය. බටහිර රටවල් විසින් යුක්‍රේන හමුදාවට ඔත්තු බැලීමේ තොරතුරු සහ ඉලක්ක හඳුනා ගැනීමට උදව් කරන බවට ද විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව එම අමාතංශය පවසයි.
දරුවන්ට එරෙහිව සිදු කළ මෙම කුරිරු ක්‍රියාව නිසා, යුද්ධය උග්‍ර වීමේ සහ සාමකාමී දේශපාලන විසඳුම් බිඳ වැටීමේ සම්පූර්ණ වගකීම යුක්‍රේන පාලනය සහ ඔවුන්ට උදව් කරන බටහිර රටවල් භාරගත යුතු බවත් එම අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
යුද්ධයෙන් පීඩාවට පත් දරුවන් ගැන යුක්‍රේනය ලෝකය ඉදිරියේ බොරුවට කනගාටු වන නමුත්, සෙලෙන්ස්කිගේ පාලන තන්ත්‍රය දරුවන්ව ත්‍රස්ත ඉලක්ක බවට පත් කරමින් කෙතරම් කුහක ලෙස කටයුතු කරන්නේද යන්න දැන් මුළු ලෝකයම දැක ඇති බවත්, මියගිය අයගේ පවුල්වලට අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් එම අමාතංශය පවසයි.
යුක්‍රේන පාලනයේ මෙම අපරාධකාරී ක්‍රියාවන් නිවැරදිව තක්සේරු කර, ස්ටාරොබෙල්ස්ක් හි සිදුවූ ලේවැකි ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින ලෙස ජාත්‍යන්තර සංවිධානවලින් සහ ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, මේ ගැන නිශ්ශබ්දව සිටීම යනු අහිංසක දරුවන් ඝාතනය කළ ත්‍රස්තවාදීන්ට සහාය දීමක් බවත් නිවේදනයේ දැක්වේ.
මේ අතර, මෙම විද්‍යාලයකට එල්ල කළ ප්‍රහාරයෙන් සිදුවූ මෙම දරුණු ඛේදවාචකය වාර්තා කිරීම සඳහා විදේශීය මාධ්‍යවේදීන් 50කට වැඩි පිරිසක් අනතුර සිදුවූ ස්ථානය බලා පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ.
ඔස්ට්‍රියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍යය, හන්ගේරියාව, වෙනිසියුලාව, ජර්මනිය, ග්‍රීසිය, ස්පාඤ්ඤය, ඉතාලිය, කටාර් රාජ්‍යය, චීනය, කියුබාව, ලෙබනනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, තුර්කිය, ෆින්ලන්තය සහ ප්‍රංශය ඇතුළු විදේශීය රටවල් 19ක් නියෝජනය කරන මාධ්‍ය ආයතන ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුව (LPR) වෙත පැමිණ ඇත.
ටෝකියෝ (ජපාන) රජය විසින් තම රටේ මාධ්‍යවේදීන්ට මෙම සංචාරයට සහභාගී වීම තහනම් කර ඇති බවත්, බීබීසී (BBC) ආයතනය මේ සඳහා සහභාගී වීම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති අතර, සීඑන්එන් (CNN) ආයතනය මේ දිනවල නිවාඩු ලබා සිටින බවත් වාර්තා වේ.
ස්ටාරොබෙල්ස්ක් (Starobilsk) හිදී ජීවිතක්ෂයට පත් වූ සිසුන්ගේ ස්ථිර කරන ලද නාමලේඛනය පහළින්..

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්