News Category
From Date
To Date
Maximum Number of Result

මැතිවරණ පැවැත්වීම ගැන තීරණය කිරීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට සහ මැතිවරණ කොමිෂන් සභාවට මිසක් දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට නොවේ.. - නාමල්

May 25, 2026 at 04:56 AM
|

මැතිවරණයක් පැවැත්විය යුතුද නැද්ද යන්න තීරණය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට සහ මැතිවරණ කොමිෂන් සභාවට මිස දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කල පානදුරේදී පැවැති ජන රැලියක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.

"අද මැතිවරණයක් පිළිබඳව කතාබහක් නෑ.ඊළඟට මැතිවරණයක් තියෙන දවසක් පිළිබඳව ඉඟියකුත් නෑ හැබැයි එහෙම තියෙද්දිත් අද අපි ගම් වලට යනකොට අපි ආසන බල මණ්ඩල කැඳවනකොට දිස්ත්‍රික්කයට එනකොට අපේ ආදරණීය දහස් ගණන් තරුණ තරුණියන් වැඩිහිටියන් අප වටා ඒකරාශී වෙන්නේ අද මේ ආණ්ඩුව කෙරෙහි තියෙන අවිශ්වාසය සහ අපි කෙරෙහි තියෙන විශ්වාසය ඔබ තමුන්නාන්සේලා තවදුරටත් තහවුරු කරමින් කියන බව මතක් කරන්න ඕනේ.

ඒ වගේම තමයි අපේ හාමුදුරුවනේ අපි අභියෝගවලට මුහුණ දීපු පක්ෂයක්.අපි ඉතා කෙටි කාලයකින් ලංකාවේ බලවත්ම දේශපාලන බලවේගය බවට පත්වුණා.අපි යම් පසුබෑමකටත් ලක්වුණා ඒ මොන අභියෝගය තිබ්බත් අපි අභියෝග වලින් පලා ගියේ නෑ.අපි ඔබත් එක්ක දේශපාලනය කරා. අපි ගමේ දේශපාලනය කරා. ඒ ගමේ ඔබත් එක්ක දේශපාලනය කරපු නිසා තමයි අද මේ රටේ ආණ්ඩුව කරගෙන එන ජනතා විරෝධී ආණ්ඩුව අරගෙන යන මේ රටට නොගැලපෙන දේශපාලන ප්‍රතිපත්ති සංස්කෘතීන් සම්බුද්ධ ශාසනයට කරන කෙනෙහිලිකම් පක්ෂයක් විදියට කණ්ඩායමක් විදියට ඊට එරෙහිව නැගී සිටින්න අවකාශය ලැබුණේ.

මේ ආණ්ඩුව බලයට ආවේ අමූලික බොරු කියලා බොරු බලාපොරොත්තු දීලා. එක අපේ හාමුදුරුවනේ මම මතක් කරන්න යන්නේ නැහැ.මොකද මේ ආසනය පහු කරනකොට මගේ ගිණුමට ඩොලර් බිලියන 18ක් වැටෙනවා හැබැයි තාම ඇවිල්ලා නෑ.කියනවනම් දැන් තමයි වෙලාව ඩොලර් හිඟයක් තියෙන වෙලාවේ අපේ හාමුදුරුවනේ දැන් තමයි බිලියන 18 ඕනේ.හැබැයි අමූලික බොරු කිව්වා ජනතාව රැවට්ටුවා ජනතාව නොමඟ යැව්වා තරුණ පරම්පරාවට අසීමිත බලාපොරොත්තු දුන්නා එක කාලයක් නංගි කෙනෙක් ගියා පුංචි කාර් එකක ඒක හරි ගියෙත් නෑ. ඊට පස්සේ ලක්ෂ දොළහට වාහනයක් ගන්න ගියා හැබැයි දැන් කියනවා එහෙම එකක් කිව්වේ නැහැලු අර එක කාලයක් කිව්වා උමා ඔයේ හිලක් කියලා ඊට පස්සේ කිව්වා හිල වහලා කියලා. ලක්ෂ දොළහට වාහනයක් දෙනවා කිව්වා දැන් කියනවා එහෙම එකක් කිව්වේ නැහැයි කියලා මේ රටේ තරුණ පරම්පරාව රැවැට්ටුවා. උපාධිධාරියාට රැකියා දෙනවා කිව්වා. කර්මාන්ත ජනපද නිර්මාණය කරනවා කිව්වා. තරුණයාගේ ආර්ථික ප්‍රශ්නයට මේ ආණ්ඩුව පිළිතුරක් දෙනවා කිව්වා අපේ හාමුදුරුවනේ ඒ හැම එකක්ම අද බොරුවක් බවට පත්වෙලා තියෙනවා.

ආණ්ඩුවට සැලැස්මක් නෑ අපි ආණ්ඩුවෙන් අහනවා අද මේ රටේ ලෝකයේ රටේ තියෙන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න ආණ්ඩුවේ තියෙන සැලැස්ම මොකක්ද?පහුගිය ආණ්ඩුවට බනින එකද නැත්නම් හැකර් කෙනෙක් පැන්නා සල්ලි ඉස්සුවා කියනඑකද නෑ ආණ්ඩුව සැලැස්මක් දෙන්න ඕනේ. ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ මුදල් අමාත්‍යාංශයට කතා කරාම මුදල් අමාත්‍යංශයෙන් ප්‍රශ්න කරාම  මුදල් අමාත්‍යංශෙන් ගානකටවත් ගණන් ගන්නේ නැතුව උත්තර දෙන්නේ ඇමතිවරයා.ඇමතිවරයා කියනවා ඩොලරයට සාපේක්ෂව රුපියල 400ට 450ට ගියත් කමක් නෑලු.එයාට කමක් නෑ හැකර්ලට ඒක ප්‍රශ්නයක් නෑ.තව එක්කෙනෙක් එනවා ආර්ථිකය ගැන දිශානතියට අනුව ඒ අයට හරියටම නිශ්චිතව දෙයක් කියන්න බෑලු.අද සම්පූර්ණ ආණ්ඩුව තමන් කරගෙන යන වැඩපිළිවෙල ගැන අනවබෝධයෙන් යුතුව වැඩකරන්නේ.

අවසානයට මොකක්ද වෙන්නේ බදු බර වැඩි කරන්නේ මේ රටේ මහජනතාවගෙන්.තෙල් මිල වැඩි කරනවා විදුලි බිල වැඩි කරනවා විදුලිබිල වැඩි කරනකොට ජල බිලත් වැඩි කරනවා මේ හැමදේම අවසානයේ ගෙවන්න වෙන්නේ මේ රටේ මහජනතාවට.ආණ්ඩුවේ ඉන්න අයට ප්‍රශ්නයක් නෑ නෑ. ඉන්න එකසිය පනස් නම දෙනාටත් ප්‍රශ්නයක් නැතුව ඇති. හැබැයි තමන් විසින් අවභාවිතා කරන තමන් විසින් අතුරුදහන් කරන හැම රුපියලක්ම හැම ඩොලර් එකක්ම තමන්ගෙම හැකර්ලා පැනලා ප්‍රාදේශීය සභාවේ සේප්පුවෙන් කඩන හැම රුපියලක්ම ගෙවන්න වෙන්නේ මේ රටේ මහජනතාවට ඒ බදු බර දෙන්නෙ මේරටේ ජනතාවට.ජනතාවට බදු පිට බදු බර පටවනවා ඇහුවම කියන්නේ අයිඑම්එෆ් කියලා.හැබැයි අවසානයේ ඒ හැම බදු බරම උහුලන්න වෙන්නේ මේ රටේ මහජනතාවට.

අද අපි ගම්වලට යනකොට රටේ ජනතාව ජීවන වියදම ගැන කතා කරනවා.ජීවන වියදම් පාලනය කරන්න ආණ්ඩුවට සැලැස්මක් නෑ.එක පැත්තකින් ගොවිජනතාව යල කන්නයට පොහොර ටික දී ගන්න බැරි වෙනකොට මහ කන්නය ගැන සැලැස්මක් නෑ අපේ හාමුදුරුවනේ.අපි අහනවා  පොහොර ටික දෙන්න ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද.ජනතාවට තුන් වේල කන්න පුළුවන් වෙන විදියට පෝෂදායි ආහාර වේලක් ගන්න පුළුවන් වෙන විදියට මේ රටේ ජීවන වියදම් පාලනය කරන්න ආණ්ඩුවේ තියෙන සැලැස්ම මොකක්ද.රටේ අහිංසක දුවා දරුවාගේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් දෙන්න අලුතින් කර්මාන්තශාලා ඉදිකරන්න රැකියා නිපදවන්න ආණ්ඩුවේ තියෙන සැලැස්ම මොකක්ද කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවෙන් අහනවා.ආණ්ඩුවට බෑ පහුගිය ආණ්ඩු වලට බැනලා අත හෝද ගන්න අපේ හාමුදුරුවනේ.ඔබ දීපු පොරොන්දු ඉටු කරන්න ඕනෙ වගේම අද තියෙන අභියෝග වලටත් ඔබ මුහුණ දෙන්න ඕනේ.මේ පීඩනය ජනතාව පිට දාලා ආණ්ඩුවට ඕනේ විදියට අත්තනෝමතික පාලනයක් ගෙනියන්න බෑ.දැන් මේ ගැන කතා කරාම මම දැක්කා ගොවි මහත්වරුන්ට පොහොර නෑ  කිව්වොත් පොලිසියෙන් අරගෙන යනවලු.දැන් ටින් නම්බරේ නැත්නම් හිරේ දානවා මාස හයකට.තේ ගොවියගෙ පොහොර ටික බඩ ඉරිඟු ගොවියගේ පෝර ටික මේ ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන්ම කප්පාදු කෙරුවා.මේ හැම දිස්ත්‍රික්කයකම තේ ගොවියෝ ඉන්නවා ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ආණ්ඩුවෙන් තියෙන සැලැස්ම මොකක්ද අපි අහනවා ආයේ නිකන් මේ ප්‍රංශයට ගිහින් අහන් ආවා නාමල් රාජපක්ෂ පිල්ලෙයාන් බලන්න ගියාද ඔව් මම ගියා ඇයි ප්‍රශ්නයක්ද මම ගියා තමයි මොකද? බන්ධනාගාරේ තාප්පෙන් පැනලා ගියාද මම නෑ ගේට්ටුවෙන් ගියේ මොකද මම තනියෙන් හම්බුනාද නෑ නිලධාරියා එක්ක තමයි හම්බවුණේ ඇයි ප්‍රශ්නයක්ද ඕක අහන්නද මේ ප්‍රංශෙට ගියේ හැබැයි ගිහිල්ලා අහන්නේ කාගෙද වරෙන්තු කරුවෙක්ගෙන්.තමන්ට වරෙන්තුවක් තියෙද්දී තානාපති කාර්යාලයට ගෙනල්ලා වාඩි කරගෙන තානාපතිවරයත් එක්ක එකතු වෙලා කට උත්තරේ ලියා ගත්තු පොලිස් නිලධාරීන්ටත් විරුද්ධව අපි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ.නීතිය සමාන නම් දැන් ජනාධිපතිවරයා කිව්වනේ නීතියට උඩින් කවුරුවත් නෑ කියලා දැන් නීතියට උඩින් කවුරුවත් නැත්නම් වරෙන්තකරුවෙක්ව තානාපති කාර්යාලයට ගෙනල්ලා කට උත්තරයක් ලියාගෙන ගෙන වරෙන්තුකරුවාව අතහැරපු එක ගැන කවුද නීතියක් ක්‍රියාත්මක කරන්නේ.පරීක්ෂණ කටයුතු කරන්න ආයි අපිට එන්න කිව්වම අපි හැංගෙනවද අපි එනවා ආයි අපිට හැංගි හැංගි ඉන්න වුවමනාවක් නෑ මට හැංගෙන්න පුළුවන්ද අපි එනවා හැබැයි අපි ආණ්ඩුවටත් කියන්නේ මේ රටේ පොලිස් නිලධාරියාගේ ගෞරවය ආරක්ෂා කරන්න.ඔබේ දේශපාලන වේදිකාවේ හිටපු සමහර නිලධාරීන්ට ඉහළ තනතුරු දීලා තානාපතිකම් දීලා බොහෝ හොඳ උසස්වීම් දෙන්න පුළුවන් හැබැයි ගමේ අහිංසක පොලිස් නිලධාරියා තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ ඔහු අසරණ කරන්න එපා. අද ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙලත් එක්ක ඔහු අසරණ වෙනවා.

පොලිසියේ ගෞරවය නැති වෙනවා ත්‍රිවිධ හමුදාවේ ගෞරවය නැතිවෙනවා ඒ හින්දා අපි ආණ්ඩුවෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය ආරක්ෂා කරන්න.

දැන් පහුගිය දවස්වල රණවිරුවා සමරන්න යනකොට පොලිසියට කට උත්තර දෙන්නත් දැන් වෙලා තියෙනවා.ඇයි රණවිරු ස්මාරකයට මල් තියන්න ගිහිල්ලා.හැබැයි ත්‍රස්තවාදීන් සමරන අයට හෙල්මට් නැතුව උනත් යන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ මම දැක්ක ගායකයෙකුත් ගිහිල්ලා තියෙනවා හෙල්මට් දාලා වෙලාවට මායි නෝනයි හෙල්මට් එක දාගෙන ගියේ නැත්නම් මටත් හෙන තොප්පියක් සෙට් වෙන්නේ.අපිට දමිළ ජනතාව එක්ක ප්‍රශ්නයක් නෑ කරුණාකරලා ආණ්ඩුවට කියනවා මේක දමිළ ජනතාව එක්ක ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්න එපා.

අද මම දැක්කා පහුගිය දිනක මේ ආණ්ඩුවේ මහලේකම්වරයා යාපනයේ ගිහින් කියනවා මැතිවරණය තියන්නේ නෑලු.අපේ හාමුදුරුවනේ මැතිවරණයක් තියන්න ඕනද නැද්ද කියල කියලා කියන්න ඕනේ පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි.මේ කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද කියන්නේ ඡන්දෙ තියෙන දවස  .පක්ෂෙක ලේකම් කෙනෙක් එහෙම කියන්න බෑ ඡන්දෙ තියන්නේ අහවල් දවසේ කියලා හැබැයි මොකක්ද වෙන්නේ  ඔහු කියනවා අපි මේ අවුරුද්දේ ඡන්දෙ තියන්නේ නෑ.අපි ආණ්ඩුවට අභියෝග කරනවා බස්නාහිර පළාත් සභාව තියන්න බය නම් දකුණු පළාත් සභාව තියන්නත් බය නම් අඩුම තරමේ උතුරු පළාත් සභාවත් පුළුවන් නම් තියන්න කියලා අභියෝගය අපි ආණ්ඩුවට දෙනවා.බය අපිටනේ දකුණටනේ. උතුරට තියන්න උතුර තියලා  පෙන්නන්න ආණ්ඩුවට කොන්දක් තියෙනවා නම් ඡන්දකට යන්න පුළුවන් කියලා.ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දෙන්න.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් පස්සේ අද වෙනකන් උතුරේ ඡන්දයක් තියල නෑ හැබැයි හැමෝම කතා කරන්නේ උතුරේ ජනතාවගේ අයිතිය ගැන දෙන්න ඡන්ද අයිතිය.

අපේ හාමුදුරුවනේ අද සංස්කෘතියට ගහනවා මහා සංඝරත්නයට අපහාස කරනවා ආණ්ඩුව උත්සාහ කරනවා මහා සංඝරත්නයට අපහාස කරන්න මේ රටේ සංස්කෘතීන් යට ගහන්න පුංචි දරුවන්ගෙ ඉඳන් වැඩිමහලා දක්වා වෙනකන් සංස්කෘතියක අගය විශ්වාසය ගෞරවය බිඳින්න ආණ්ඩුව උත්සාහ කරනවා.ඒක ජේවීපී එකේ දේශපාලනය වෙන්න පුළුවන් මේ අයට දරුවෝ කෙරෙහි කැක්කුමක් නැති වෙන්න පුළුවන් මේ අයට කාන්තාවෝ කෙරෙහි ගෞරවයක් නැති වෙන්න පුළුවන් ඒක ඒ අයට දේශපාලන භාණ්ඩයක් වෙන්න පුළුවන් දැන් අපි විශ්වාස කරනවා අපේ හාමුදුරුවනේ අපි මහා සංඝරත්නය ආරක්ෂා කරන්න ඕනේ. මේ රටේ සම්බුද්ධ ශාසනය බුද්ධ රත්නය අපි ආරක්ෂා කරන්න ඕන.කාන්තාවගේ අයිතිය පුංචි දරුවාගේ අයිතිය වැඩිහිටියාගේ අයිතිය අපි ආරක්ෂා කරන්න ඕනේ.පුංචි දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වා ඔවුන්ගේ නිසි ගෞරවය වගේම මේ රටේ සංස්කෘතියට ගොඩනැගෙන සමාජය තුළ නීතිය සමානව ක්‍රියාත්මක වෙන්න ඕන.ආණ්ඩුවට ඕන තැන්වල නීතිය වෙනස් කරන්නයි ආණ්ඩුවට වාසි වෙන තැන්වල නීතිය වෙනස් කරන්නයි ආණ්ඩුවට අවාසි වෙන්න තැන්වල නීතිය මාරුකරන්නයි රටේ නීති දෙකක් තියෙන්න බෑ.තිබ්බා ප්‍රභාකරන්ගේ කාලේ අද රටේ නීති දෙකක් තියෙන්න බෑ.ඒ හින්දා අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණාකරලා පරීක්ෂණ කටයුතුවලට  ඇගිලි ගහන්න ලෑස්ති වෙන්න එපා මේ රටේ නීති දෙකක් ක්‍රියාත්මක වෙන්න බෑ.සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕන ඕනෑම තැනක තරාතිරම අදාල වෙන්නෙ නෑ ඕනෑම තරාතිරමක අයෙක් වැරැද්දක් කෙරුවොතින් නීතිය හමුවේ දඬුවම් විඳින්න ඕනේ ඒ වගේම ඒක මාලිමාවෙද ආණ්ඩුවේ ඇමැතිවරුද කියන දේ අදාල වෙන්නේ නෑ.ඒ වගේම තමයි මගේ අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය අපි මේ රටේ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරන්න කටයුතු කරනවා.අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලන්නේ අපි මේ රටේ මහ පොළොවේ පය ගහපු දේශපාලන පක්ෂයක් අපි වැඩ කරපු දේශපාලන බලවේගයක් අපි වැඩ කරලා වැඩ පෙන්නපු දේශපාලන බලවේගයක් යම් අතපසුවීම් වෙලා තියෙනවා අපි නෑ කියන්නේ නෑ. අපි ඒ අතපසුවීම් හදාගෙන වැරදිත් හදාගෙන  මේ රටට ගැලපෙන මහ පොළොවේ පය ගහපු දේශපාලන බලවේගයක් නිර්මාණය කරන්න පෙළගැහෙන්වා කියන එකත් අපි ඔබට මතක් කරන්න ඕන.

අද සමහරු කියනවා මේ විපක්ෂය මදි ඉතින් එහෙම කියනවා ජේවිපී එකේ සහෝදරයන්ට මම කියන්නේ තාම අපි වැඩේට හරියට බැස්සේ නැහැ.මේ පටන්ගෙන්ම විතරයි මේ පානදුරට ආවේ අපි පටන් ගැම්ම විතරයි මේ ජන බලවේගය අපි ගොඩනගනවා මේ ජන බලය අපි ගොඩනගනවා මේ රටේ මහ පොළොවේ පය ගහලා ඔබට ඔබට ඔබේම ආණ්ඩුවක් ජනතාවාදී ආණ්ඩුවක් හදනකම් මේ බලවේගයට නායකත්වය දෙනවයි කියන ඉල්ලීම කරමින් එය බලාපොරොත්තුව දෙමින් ඔබ තමුන්නාන්සේලාට ජයවේවා කියමින් සුබ අනාගතයක් පතනවා."

සම්බන්ධිත පුවත් | Related News

උතුරු කොරියාව සහ රුසියාව සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද පළමු පාලම විවෘත කර තිබේ.
කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,
දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.
කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරය ජිනීවා නුවරදී ඊයේ පස්වරුවේ ආරම්භ විය.
නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.