News Category
From Date
To Date
Maximum Number of Result

මැදපෙරදිග අර්බුදයට ඇඟිල්ල දික්කර රුපියලේ බිඳවැටීම වහන්න බෑ.. IMF ලණුව කා දේශීය නිෂ්පාදකයා මරාදමන විෂම චක්‍රය මෙන්න.. - විමල් හෙළිකරයි

May 24, 2026 at 06:48 PM
|

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වත්මන් පුනරුද රජය නීතිය ක්‍රියාත්මක කිරීමේදී රටේ සෙසු පොදු ජනතාවට එක එක විදියකුත් ගජමිතුරු කූඨ ව්‍යාපාරික පැළාන්තියට තව විදියකුත් වශයෙන් දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන බවත්, මෙරට දැවැන්ත ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තිය සමඟ එක්ව ව්‍යාජ “නව වාම ප්‍රභූ පන්තියක්” නිර්මාණය කරමින් රටේ ධනය සූරාකෑමේ නිරත වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දැඩි ලෙස විවේචනය කරමින් අවධාරණය කරයි. බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ පක්ෂ කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිදුකළ බරපතළම ආර්ථික වංචාව සහ නීතිය අකර්මන්‍ය කිරීමේ උත්සාහයන් පිළිබඳව කරුණු රැසක් “ග්‍රැෆික් සාක්ෂි” ද සහිතව මෙහිදී අනාවරණය කෙරිණි.

මාධ්‍ය හමුව ආරම්භ කරමින් විමල් වීරවංශ මහතා මුලින්ම අවධානය යොමු කළේ පසුගිය මැයි 18 වැනිදා සිදුවූ සිදුවීමක් කෙරෙහිය. රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අනුව රණවිරු ස්මාරකය අභියසට ගොස් උත්තමාචාර පුද කිරීමට තමන් ඇතුළු පිරිස කටයුතු කළ බව ඔහු සිහිපත් කළේය. එහෙත් එම පොදු ස්ථානයේදී උපහාර දැක්වීමට බාධා කළ තලංගම පොලිසිය, වහාම පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස තමන්ට දැනුම් දී ඇති බව වීරවංශ මහතා හෙළි කළේය.

"නීතිය කාටත් එක හා සමානයි කියා ජනාධිපතිවරයා පුන පුනා ප්‍රකාශ කළද, ප්‍රායෝගික තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්," යැයි පැවසූ ඒ මහතා, අධිකරණ අමාත්‍යාංශයට අයත් මල්වානේ පිහිටි කුප්‍රකට මන්දිරය බලහත්කාරයෙන් අත්පත් කරගෙන දින ගණනාවක් එහි රැඳී සිටිමින්, ආහාර පාන ගනිමින්, නටමින් ගයමින් සිටි පැලවත්තට අයිති “ව්‍යාජ අන්තරේ” ශිෂ්‍ය කණ්ඩායමට විරුද්ධව කිසිදු පොලිස් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව ප්‍රශ්න කළේය. 

ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඒ පිළිබඳව ලිඛිතව පැමිණිල්ලක් කර තිබියදීත්, අඩුම තරමින් ඔවුන්ගෙන් කටඋත්තරයක් හෝ ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇත. එතැන ආණ්ඩුවේ මහනුවර ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු ද සිටි බවත්, ඔවුන් පැලවත්තේ රූකඩ කල්ලියක් ලෙස නීතිය අතට ගෙන ක්‍රියා කරද්දී පොලිසිය අන්ධව සහ ගොළුව සිටි බවත් වීරවංශ මහතා චෝදනා කළේය. පොදු මහජනතාව වෙනුවෙන් විවෘත කළ ස්මාරකයකට මල් තැබූ තමන්ට නීතිය එක විදිහකුත්, රාජ්‍ය දේපළ බලහත්කාරයෙන් අත්පත් කරගත් අන්තරේ පැටවුන්ට නීතිය තව විදිහකුත් ක්‍රියාත්මක වන බව පවසමින්, අනුර කුමාරගේ ආණ්ඩුවේ නීති විනිශ්චය පිළිබඳව තමන්ගේ බලවත් පිළිකුල සහ අප්‍රසාදය පළ කරන බව ඔහු කියා සිටියේය. නීතියට ගරු කරමින් ලබන සඳුදා පෙරවරු 10.00 ට තමන් තලංගම පොලිසියට ගොස් ප්‍රකාශය ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝ විශ්ලේෂණයක නිරත වූ හිටපු මන්ත්‍රීවරයා, පසුගිය දිනවල දේශීය මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල වේගයෙන් බිඳ වැටීම, දුර්වල වීම සහ අවප්‍රමාණය වීම පිටුපස ඇති සැබෑ ආර්ථික පසුබිම කරුණු සහිතව පැහැදිලි කළේය. රජය විසින් වරින් වර ප්‍රකාශ කරන්නේ රුපියල අවප්‍රමාණය වීමට සහ උද්ධමනය ඉහළ යාමට ප්‍රධානතම සහ එකම හේතුව මැදපෙරදිග කලාපයේ පවතින දේශපාලනික සහ මිලිටරි නොසන්සුන්තාව බවයි.

එහෙත් ප්‍රස්ථාර සටහන් (Graphs) මාධ්‍ය වෙත පෙන්වමින් වීරවංශ මහතා පෙන්වා දුන්නේ, මැදපෙරදිග බලපෑම ලෝක ව්‍යාප්ත එකක් නම් එය කලාපීය සෙසු රටවලට ද එක හා සමානව බලපෑ යුතු බවයි. එම දත්තයන්ට අනුව, ශ්‍රී ලංකා රුපියල 20%ක සුවිශාල ප්‍රතිශතයකින් අවප්‍රමාණය වී ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන පකිස්ථානය 11%කින් ද, ඉන්දියාව සහ බංග්ලාදේශය ඊට වඩා ඉතා අඩු ප්‍රතිශතයන්ගෙන් ද අවප්‍රමාණය වී ඇති බව විමල් පෙන්වයි. 

සිංගප්පූරුව පවතින්නේ සියල්ලටම වඩා පහළ ස්ථාවර මට්ටමකය. මෙලෙස ශ්‍රී ලංකාව පමණක් අසාමාන්‍ය ලෙස අධි ප්‍රමාණයකින් බිඳ වැටීමට හේතුව මැදපෙරදිග තත්ත්වය නොව, වත්මන් පාලනයේ ද්‍රෝහිකම්, බාල ගල්අඟුරු ආනයනයෙන් සිදුකළ විනාශය සහ වැරදි ගිණුම්වලට මුදල් බැර කරමින් සිදුකළ මහා පරිමාණ මුදල් කොල්ලය හා දූෂණයන් බව හෙතෙම අනාවරණය කළේය. තමන්ගේ අදක්ෂකම සහ හොරකම වසා ගැනීමට මැදපෙරදිගට ඇඟිල්ල දික් කිරීම මුළුමනින්ම සාවද්‍ය බව ඔහු කීවේය.

ආණ්ඩුව විසින් සිදුකර ඇති අලුත්ම සහ බරපතළම චෞර ක්‍රියාව වන්නේ බදු පැනවීමට අදාළ රහසිගත තොරතුරු කලින්ම තමන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට ලබා දී ඔවුන්ට අයුතු ලාභ උපයා ගැනීමට ඉඩ සැලසීම බව වීරවංශ මහතා මෙහිදී විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේය. මැයි මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ආනයනය සඳහා 50%ක අධිභාරයක් (Surcharge) පැනවීමට රජය තීරණය කර තිබුණි. එහෙත් මෙම තොරතුර මැයි 15 වැනිදා, එනම් බද්ද පැනවීමට පෙර දින කලින්ම දැනගත් "ගජමිතුරු චෞර රැල" එදිනම පමණක් ණයවර ලිපි (LC) 380ක් විවෘත කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයාම පිළිගෙන තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙම ණයවර ලිපි 380 මඟින් වාහන 1782ක් පමණක් මෙරටට ගෙන්වන බව වුවද, වාහන ආනයනකරුවන්ගේ සංගමය එම දත්ත ප්‍රතික්ෂේප කර ඇති බව වීරවංශ මහතා පෙන්වා දුන්නේය. සාමාන්‍ය ආනයනකරුවෙකුට එක ණයවර ලිපියකින් ගෙවිය හැක්කේ වාහන කිහිපයක් වුවද, මහා පරිමාණ ප්‍රධාන වාහන නියෝජිත සමාගම්වලට (Agents) එකම ණයවර ලිපියක් හරහා වාහන 100, 500, 1000 හෝ 3000ක් වුවද ආනයනය කිරීමේ නෛතික හැකියාව පවතී. මැයි 15 වැනිදා පමණක් ඩොලර් මිලියන 30කට වඩා වැඩි ප්‍රමාණයක ණයවර ලිපි නිකුත් කර ඇත. සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුගේ ණයවර ලිපියක වළංගු කාලය මාස 3ක් වන අතර, ප්‍රධාන නියෝජිත සමාගම්වල වළංගු කාලය වසර එකහමාරක් හෝ දෙකක් දක්වා දිගු වේ.

මේ අනුව, අදාළ මහා පරිමාණ සමාගම්වලට ඉදිරි වසර දෙකක කාලය පුරාම 50%ක අධිභාරය ගෙවීමෙන් තොරව, බදු සහනය යටතේ වාහන දහස් ගණනක් මෙරටට ගෙන්වීමට අවස්ථාව සලසා දී ඇත. මෙමඟින් රජයට අහිමි වන බදු ආදායම රුපියල් බිලියන 10කට වඩා අධික බව වීරවංශ මහතා ගණන් බලා පෙන්වා දුන්නේය. මෙහි ප්‍රධානම සහ වැඩිම ණයවර ලිපි ප්‍රමාණයක් විවෘත කර ඇති ආයතනය ධම්මික පෙරේරා මහතාට අයත් "හේලීස් මොබිලිටි" (Hayleys Mobility) ආයතනය බව හිටපු මන්ත්‍රීවරයා සෘජුවම නම් කරමින් හෙළි කළේය. බදු ඔත්තුව කලින් ලබා දී ලබාගත් කප්පම කීයදැයි ප්‍රශ්න කළ ඔහු, සාමාන්‍ය ජනතාවට සහ වයස අවුරුදු 18 පිරුණු තරුණයන්ට "ටින් නම්බර්" (TIN Number) ලබා ගැනීමට බල කරද්දී, ධම්මික පෙරේරා වැනි කෝටිපතියන්ට බදු මඟහැරීමට රජය දොරටු විවෘත කර දී ඇති බව පැවසීය.

ගම්වල හාමතේ ඉදිමින්, දහඩිය හලමින්, පෝස්ටර් අලවමින්, දරු පවුල් නොතකා "විප්ලවය" සහ "සමාජවාදය" වෙනුවෙන් කැපවූ ජනතා විමුක්ති පෙරමුණේ අවංක පාක්ෂිකයන්ගේ ශ්‍රමය අද භාවිත වන්නේ ධම්මික පෙරේරලාට කෝටි ප්‍රකෝටි ගණනින් අයුතු ලාභ උපයා දීමට බව වීරවංශ මහතා උපහාසාත්මකව ප්‍රකාශ කළේය. "මෙන්න පුනරුදය!" යැයි පැවසූ ඔහු, නිර්ප්‍රභූ පන්තියෙන් බලය උදුරා ගත් බව කියන පාලකයින් අද ව්‍යාපාරික ප්‍රභූන්ගේ රූකඩ බවට පත්ව අලුත් "වාම ප්‍රභූ පන්තියක්" නිර්මාණය කරමින් සිටින බව කියා සිටියේය.

රටේ මූල්‍ය කළමනාකරණය මුළුමනින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) පාවා දී ඇති බවට ද හිටපු මන්ත්‍රීවරයා චෝදනා කළේය. පසුගියදා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී "ණය නැතුව රටක් කරන්න බැහැ, ණය මරු" යනුවෙන් ප්‍රකාශ කළද, වසර 76ක ඉතිහාසය පුරා මෙරට පැවැති ජනතා විමුක්ති පෙරමුණේ නිල ස්ථාවරය වූයේ රට ණය උගුලක හිර නොකළ යුතු බවයි. වසර 76ක් තිස්සේ ලබාගත් සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 28ක් වන අතර, වත්මන් අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය ගතවූ වසර එකහමාරක කාලය තුළ පමණක් රුපියල් ට්‍රිලියන 5ක දැවැන්ත ණයක් ලබාගෙන ඇතැයි ඔහු හෙළි කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 700ක ණය මුදල ලබා ගැනීම සඳහා, එළඹෙන 25 වැනිදා වන විට මෙරට තෙල් මිල සහ විදුලි ගාස්තු නැවත වටයකින් සුවිශාල ලෙස ඉහළ දැමීමට ආණ්ඩුව සූදානම් වන බවට ඔහු අනතුරු ඇඟවීය. එම ඩොලර් මිලියන 700 යනු තෙල් නැව් 3කට පමණක් සෑහෙන මුදලක් බවත්, එය ගෙවූ සැනින් මුදල් අවසන් වන බවත් ඔහු සිහිපත් කළේය.

එමෙන්ම, IMF කොන්දේසි මත දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට පනවා තිබූ "සෙස් බද්ද" (Cess Tax) ඉදිරි වසර 4 තුළ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව එකඟ වී ඇති අතර, එහි පළමු අදියර දැනටමත් ක්‍රියාත්මක කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස විදේශීය ආනයන දිරිගැන්වී දේශීය නිෂ්පාදන කඩා වැටෙන අතර, වෙළඳ පරතරය පුළුල් වී රට තවදුරටත් දීන ලෙස විදේශ ණය මත යැපෙන විෂම චක්‍රයකට හිරවන බව ඔහු පැහැදිලි කළේය.

මීට අමතරව, හම්බන්තොට වරාය ආශ්‍රිතව තෙල් පිරිපහදුවක් සඳහා චීනයේ "සිනොපැක්" (Sinopec) සමාගම සිදු කිරීමට ගිය ඩොලර් මිලියන 300ක ආයෝජනයට මූල්‍ය අරමුදලේ නියෝග මත බදු සහන දීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම ආයෝජන අහිමි වී ඇති බවත්, පෝට් සිටි (Port City) ආයෝජන අධෛර්යයට පත් කර ඇති බවත් වීරවංශ මහතා අනාවරණය කළේය. මේ හේතුවෙන් රටේ නිෂ්පාදන පද්ධතිය බිඳ වැටී, සංචාරක ව්‍යාපාරය සුළු වශයෙන් හෝ අඩාල වූ සැණින් සමස්ත ආර්ථිකයම දැඩි අර්බුදයකට (කක්කල් කැස්ස සහ නිව්මෝනියාව වැනි තත්ත්වයකට) පත්වන බව ඔහු උපමා කරමින් පෙන්වා දුන්නේය.

ලබන වසරේ (2027) මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති වසර හතරේ ගිවිසුම අවසන් වන නමුත්, ඉන් මිදීමට වත්මන් ආණ්ඩුවට කිසිදු ජාතික න්‍යාය පත්‍රයක්, උපායමාර්ගික දැක්මක් හෝ ශක්තියක් නොමැති බව වීරවංශ මහතා ප්‍රකාශ කළේය. මෙම ක්‍රමවේදය දිගින් දිගටම පැවතුණහොත් මීට වඩා භයානක සහ දැඩි කොන්දේසි සහිත නව IMF ගිවිසුමකට රට යටත් කිරීමට සිදුවන බවට ඔහු අනතුරු ඇඟවීය.

ජනතාවට "නීලකාස බොරු" කියමින් බලයට පත් වූ පාලකයින්, අද තමන්ගේ ගජමිතුරු වළල්ල සමඟ එකතු වී රටේ ධනය මංකොල්ලකන "නීලකාස හොරු රැලක්" බවට පත්ව ඇති බවත්, ඉදිරියේදී පිහිටුවන ජාතිකවාදී පාලනයක් යටතේ මැයි 15 වැනිදා වාහන බදු ඔත්තුව ලබාගෙන LC විවෘත කළ සියලුම සමාගම් සහ ඊට සම්බන්ධ දේශපාලන අධිකාරිය අනිවාර්යයෙන්ම නීතිය ඉදිරියට පමුණුවන බවත් වීරවංශ මහතා අවධාරණය කළේය. වත්මන් පාලනයේ සියලු දූෂණ සහ හොරකම් අඛණ්ඩව ජනතාව හමුවේ අනාවරණය කිරීමට තම පක්ෂය ක්‍රියා කරන බව පවසමින් ඒ මහතා මාධ්‍ය හමුව නිමා කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මාධ්‍ය හමුවේදී පැවැත්වූ කතාව පහළින්..

"සුභ උදෑසනක් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාට. මේ මාධ්‍ය සාකච්ඡාව ප්‍රධාන කරුණු දෙකක් මුල් කොටගෙන පැවැත්වීමට අපි තීරණය කළේ කාලීන වශයෙන් මේ රටේ පොදු ජනතාව මේ කරුණු දෙක පිළිබඳව දැනුවත් කිරීම අවශ්‍යයි කියලා අපි විශ්වාස කරන නිසා.

පළවෙනි එක තමයි එදා මැයි මාසේ 18 වෙනිදා රණවිරු ස්මාරකයට මල් තියන්න ගිය අපි, රණවිරු ස්මාරකය අභියසට ගිහිල්ලා ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවන්ට උත්තමාචාර පුද කිරීම සඳහා අපට තියෙන අයිතිය අනුව ක්‍රියා කරපු අපිට දැන් දැනුම් දීලා තියෙනවා තලංගම පොලිසියට වහාම පැමිණෙන්න කියලා. ඒ අනුව අපි දන්වලා තිබෙනවා ලබන සඳුදා පෙරවරු 10 වෙනකොට අපි තලංගම පොලිසියට පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. 

එතකොට දැන් අධිකරණ අමාත්‍යාංශයට අයිති මල්වාණේ අර කුප්‍රකට මන්දිරය, ඒකට ඇතුල් වුණා පැලවත්තට අයිති අන්තරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමක්. ඒගොල්ලෝ දවස් ගණන් කකා බිබී නටා ගයා ඒක ඇතුළේ වෙලා හිටියා. පොලිසිය පැත්තවත් බැලුවේ නැහැ. ඒක රාජ්‍ය දේපළකට බලහත්කාරයෙන් ඇතුළු වීමක්, අත්පත් කර ගැනීමක්. ඒ ගැන කිසිම පොලිස් ක්‍රියාමාර්ගයක් නැහැ. පසුව ප්‍රාදේශීය ලේකම්වරයා ඒ ප්‍රදේශයේ පැමිණිල්ලක් පවා කරලා තිබුණා.

ඒ පැමිණිල්ලට අනුව අඩු ගානේ කටඋත්තරයක් ගැනීමක්වත් නැහැ. එතන හිටියා ආණ්ඩුවේ නුවර ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක්ගේ පුතෙකුත්. ඉතින් ඒ ඇවිල්ලා පැලවත්තේ රූකඩ කල්ලියක්. ඒ පැලවත්තේ රූකඩ කල්ලිය නීතිය අතට අරන් ක්‍රියා කරලා කිසිම ආකාරයක ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් නැහැ. එතකොට පොලිසිය අන්ධයි. හැබැයි මේ රටේ සියලු වැසියන්ට තියෙන අයිතිය අනුව “රණවිරු ස්මාරකය ගාවට ගිහිල්ලා මල් ටිකක් තියලා වීරෝධාර රණවිරුවන්ට අපේ උත්තමාචාරය පළ කරන්න අපට තියෙන අයිතිය”, ඒකට බාධා කළා. 

බාධා කරලා දැන් අපිට කියනවා පොලිසියට එන්න ප්‍රකාශයක් ගන්න කියලා. ඉතින් අපි දැන් ඒ අනුව සඳුදා උදේ යනවා තලංගම පොලිසියට අපේ ප්‍රකාශය දෙන්න. ජනාධිපතිවරයා කියනවනේ නීතිය කාටත් එක හා සමානයි කියලා. හැබැයි අර අධිකරණ අමාත්‍යාංශයට අයිති මල්වානේ මන්දිරය අත්පත් කරගත්තු කට්ටියට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැනේ. අපි ගියේ මොකක්වත් අත්පත් කරගන්න නෙවෙයිනේ. අපි ගියේ මහජනයාට විවෘත පොදු ස්ථානයකට ගිහිල්ලා මල් ටික තියලා ආචාරය පුද කරන්න. ඒ ස්මාරකය හැදුවේ මහජනයාට ඒ වැඩේ කරන්න. ඊට කලින් අවුරුද්දෙත් අපි ගියා.

එතකොට අපට නීතිය එක විදියකුත්, අන්තරේ පැටවු ටික අධිකරණ අමාත්‍යාංශයට අයිති මල්වාණේ මන්දිරය අත්පත් කරගන්නකොට නීතිය ගොළුයි, නීතිය අකර්මන්‍යයි, නීතිය ගර්හිතයි. ඉතින් ඒ නිසා මේ තමයි ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන විදිහ. අපි ඒ පිළිබඳව අපේ පිළිකුල, අප්‍රසාදය පළමු කොටම පළ කරනවා. 

අනිත් වැදගත් කාරණය තමයි ඔබ දන්නවා අපි මීට පෙරත් සඳහන් කළා වගේ අපේ රට ආර්ථිකමය වශයෙන් අපි ඉතාම දුෂ්කර තත්ත්වයකට මුහුණ දීලා ඉන්න රටක්. ඒ දුෂ්කර තත්ත්වයකට මුහුණ දීලා ඉන්න රට ඔබ කවුරුත් දන්නවා පසුගිය දිනවල වේගයෙන් අපේ දේශීය මුදල් ඒකකයේ අගය, රුපියල බිඳ වැටෙන්න, දුර්වල වෙන්න, අවප්‍රමාණය වෙන්න පටන් ගත්තා. ආණ්ඩුව පැහැදිලි කරනවා වරින් වර මේ රුපියල දුර්වල වෙන්නේ බිඳ වැටෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි, මේකට එකම හේතුව මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය කියලා. දැන් මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය නිසා තමයිලු දැන් මේ සිද්ධ වෙන සියලු රුපියල අවප්‍රමාණය වීම්, මිල වැඩිවීම්, උද්ධමනය ඉහළ යාම මේ සියල්ලටම හේතුව හැටියට පෙන්නන්න හදන්නේ.

මැදපෙරදිග තත්ත්වය සමස්තයක් හැටියට එකම බලපෑම්කාරී හේතුව නම් ඒ හේතුව අනිත් රටවල් වලටත් අපිට හා සමානවම දැනෙන්න ඕනේ. මම ඔබට පෙන්නන්නම් මේ ප්‍රස්ථාරය දිහා බැලුවම ඔබට පෙනේවි මේ දේශීය මුදල් ඒකකය අවප්‍රමාණය වීම සිදුවෙන්නේ එක හා සමාන වේගයකින් නෙවෙයි. මේක දිහා අවධානය යොමු කරන්න. 

මේ උඩම ඉන්නේ ශ්‍රී ලංකාව. දෙවෙනියට ඉන්නේ පකිස්තානය. සිංගප්පූරුව තියෙන්නේ යටම. එතකොට ඉන්දියාව තියෙන්නෙත් බංග්ලාදේශයටත් යටින්. එතකොට පේනවා 20%කින් ලංකාවේ මුදල් ඒකකය අවප්‍රමාණය වෙනවා. අනිත් කිසිම රටක් ඒ ප්‍රමාණයෙන් අවප්‍රමාණය වෙලා නැහැ. අපි ලංකාවේ රුපියල් 20%කින් අවප්‍රමාණය වෙනවා. ඊළඟට දෙවෙනියට තියෙන රට පකිස්තානය, එතන අවප්‍රමාණය වෙලා තියෙන්නේ 11%කින්. එතකොට මෙච්චර අධි ප්‍රමාණයකින් ලංකාවේ රුපියල අවප්‍රමාණය වෙන්නේ මැදපෙරදිග තත්ත්වය හින්දද? එහෙමනම් මැදපෙරදිග තත්ත්වය හැම රටටම එකාකාරී ලෙස බලපාන නිසා මේ අනිත් රටවල් වල මුදල් ඒකකයත් මේ හා සමාන අනුපාතයකින් දුර්වල වෙන්න ඕනේ. එහෙම වෙලා නැහැ.

ඒ නිසා තමන්ගේ තියෙන ද්‍රෝහිකම්, මේ රටේ ආර්ථිකයට කරපු හානිය, බාල ගල්අඟුරු ගෙනල්ලා කරපු හානිය, මේ හොරකම් වලින් වැරදි ගිණුම් වලට සල්ලි දාලා කරපු හානිය, මේ හානියේ බලපෑම වහන්න මැදපෙරදිගට ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ. 

දැන් බලන්න අලුත්ම ක්‍රමය තමයි ආණ්ඩුව ගහන්න නියමිත බද්දක් ගැන තොරතුරු කලින් දීලා තමන්ගේ ගජමිතුරු චෞර රැලට අයුතු වාසි ගන්න ඉඩ සලසා දීම. මේ වනවිට මේ ගැන බොහෝ පාර්ශ්ව කරුණු අනාවරණය කරලා තිබෙනවා. අපි දන්නවා මැයි 16 සිට බලපැවැත්වෙන පරිදි තමයි අධිභාරයක් පැනෙව්වේ වාහන ආනයනයට. වාහන ආනයනයට පනවපු අධිභාරය 50%ක. ඒක ක්‍රියාත්මක වෙන්නේ මැයි 16 ඉඳලා. මැයි 15 වෙනිදා මේ තොරතුර කලින් දැනගත්තු කට්ටිය, දැන් මුදල් අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව “ණයවර ලිපි (LC) 380” ක් විවෘත කරලා තියෙනවා ඊට කලින් දවසේ. 

එතකොට ඔහු කියන්නේ මේ ණයවර ලිපි 380 න් ගේන්නේ වාහන 1782යි කියලා. අපි දන්නවා වාහන ආනයනකරුවන්ගේ සංගමය මේ වනවිට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මේ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාගේ දත්ත වලංගු නැහැ කියලා.

ඒ කියන්නේ එක එල්සී (LC) එකකින් සාමාන්‍ය වාහන ආනයනකරුවෙක් නම් ඔහු විවෘත කරන එක ණයවර ලිපියකට වාහන ගේන්න පුළුවන් එකක් දෙකක්, වැඩිම උනොත් 10ක්. හැබැයි අපි දන්නවා වාහන නියෝජිත සමාගම්, ඒජන්ට්ලා, ඒගොල්ලොන්ට ඒ සීමාව නැහැ. එක ණයවර ලිපියකින් ඒගොල්ලොන්ට වාහන 100, 200, 500, 1000 වුණත් ගේන්න පුළුවන්. ඒ නිසා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාට කියන්න බැහැ මේ නිකුත් කරලා තියෙන ණයවර ලිපි 380න් වාහන එන්නේ අහවල් ප්‍රමාණයයි කියලා. 

මොකද හේතුව සාමාන්‍ය ආනයනකරුවෝ නම් මේ ණයවර ලිපි නිකුත් කළේ ඒ කියන කතාව හරි. එතකොට අනිවාර්යයෙන් එක ණයවර ලිපියකින් වාහන දෙකක්, පහක්, දහයක්, වැඩිමනොත් 100ක්. නමුත් නියෝජිතායතන, වාහන ප්‍රධාන නියෝජිත සමාගම්, ඒජන්ට් එකම ණයවර ලිපියකට පුළුවන් වාහන 3000, 4000, 5000 නෙවෙයි ඊටත් වඩා වුණත් ගේන්න. දැන් ඒ අධිභාරයෙන් බේරෙන්න මැයි 15 පමණක් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාම කියන ආකාරයට ඩොලර් මිලියන 30කට වඩා මුදලක් එළියට ගිහිල්ලා තියෙනවා, ණයවර ලිපි නිකුත් කරලා තියෙනවා. සාමාන්‍ය වාහන ආනයනකරුවකුගේ ණයවර ලිපියක වළංගු කාලය මාස තුනයි.

නමුත් ප්‍රධාන වාහන නියෝජිත සමාගම් වල ණයවර ලිපියක වළංගු කාලය වසර එකහමාරක් දෙකක් අරන් දිගු කාලයක් දක්වා යනවා. ඒ කියන්නේ මොකක්ද? අර බද්ද, 50%ක අධිභාරය පනවන්න කලින් දවසේ නිකුත් කරපු එක ණයවර ලිපියකින් ඒ වාහන නියෝජිත ආයතන වලට අවුරුදු එකහමාරක් දෙකක් පමණ යනකන්ම වාහන ගේන්න පුළුවන්. ඒ අවුරුදු එකහමාරක් දෙකක් පමණ යනකන්ම ගේන සෑම වාහනයකටම අර අධිභාරය අදාළ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, මේ අනුව මේ මහා පරිමාණ සමාගම් අධිභාරය ගෙවීමකින් තොරව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයත් නොදන්නා තරම් ප්‍රමාණයක් ඉදිරි අවුරුදු එකහමාර දෙක අතර කාලය ඇතුළත මේ රටට ගෙනෙන්න පුළුවන් 50%ක අධිභාරයෙන් මිදිලා. 

දැන් මේකේ ප්‍රධානම, වැඩිම ණයවර ලිපි නිකුත් කරපු එක්කෙනා තමයි හේලීස් මොබිලිටි (Hayleys Mobility). හේලීස් මොබිලිටි කියන්නේ ධම්මික පෙරේරාගේ ආයතනය. මේ ගජමිතුරු චෞර රැලට, ඒ හේලීස් මොබිලිටි ඇතුළු ගජමිතුරු චෞර රැලට ගහන අධිභාරය පිළිබඳ ඔත්තුව කලින් දීලා, ඔත්තුව ලබා දුන්නට ගන්න කප්පම කීයද? ඒ කප්පම වගේද එකෙන් මේ රටට නැතිවී යන බදු ආදායම? රුපියල් බිලියන 10කට වැඩියි. 

මේ රටේ හෙට ඉපදෙන, අවුරුදු 18 අයට කියනවා ටින් නම්බර් (TIN Number) එකක් ගන්න කියලා. කොල්ලෝ ටින් නම්බර් ගන්න ඕනා. හේලීස්ට ගජමිතුරු අධිභාරයට කලින් දවසේ වාහන ආනයනය කරන්න එල්සී (LC) ඕපන් කරන්න ගජමිතුරු චෞර රැලට ඉඩකඩ හදලා දෙනවා. මෙන්න පුනරුදය! මේ ජනතා විමුක්ති පෙරමුණේ ගමේ උදවියට, හරියට කෑමක් නැතුව දහඩිය පෙරාගෙන පෝස්ටර් අලවගෙන නිදි මරාගෙන "විප්ලවය" කියලා එකක් හිතේ තියාගෙන "සමාජවාදය" කියලා එකක් හිතේ තියාගෙන දරු පවුල ගැන නොසලකා වැඩ කරපු මිනිහගේ දාඩිය බිඳුයි අද ධම්මික පෙරේරලාට කෝටි ප්‍රකෝටි ගානින් අයුතු ලාභ ලබන්න ඉඩකඩ හදලා දීලා තියෙන්නේ. අන්තිමට ඒ මිනිස්සු කැපවෙලා තියෙන්නේ, මැරිලා මැරිලා වැඩ කරලා තියෙන්නේ, දාඩිය හලලා තියෙන්නේ, ෆුල් ටයිම් වැඩ කරලා තියෙන්නේ ධම්මික පෙරේරලාට ලාභ උපද්දවලා දෙන්න.

අනිත් අයට නොලැබෙන අතිශය විශාල ලාභ පංගු ධම්මික පෙරේරලාට උපද්දලා දෙන්න. මේක තමයි දැන් මෙතන තියෙනවා ප්‍රභූ පන්තියෙන් බලය ගන්න ඕනේ කිව්වේ නිර්ප්‍රභූ පන්තිය. දැන් නිර්ප්‍රභූ පන්තිය බලය අරන් ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තියත් එක්ක අලුත් ප්‍රභූ පන්තියක් හදනවා, අලුත් වාම ප්‍රභූ පන්තියක් හදනවා. ගමේ පෝස්ටර් අලවපු මිනිහා තාම ඉන්නේ හාමතේ. ප්‍රභූ පන්තිය එළවලා බලය ගත්තු නිර්ප්‍රභූන් අද ව්‍යාපාරික ප්‍රභූන්ගේ රූකඩ බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට පේනවා මේ චෞර ගජමිතුරු වළල්ලට ඕන කරන විදිහටයි මේ රට අද පාලනය කරන්නේ. අනිත් පැත්තෙන් මේ රට පාලනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕන කරන විදිහට. ඊයේ පෙරේදා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියනවා "ඔව් ණය ගන්න ඕන, ණය නැතුව රටක ආර්ථිකයක් ගෙනියන්න බැහැ, ණය මරු" කියලා. එහෙම නෙවෙයි කලින් තිබිච්ච ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ. ඔය මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒකේ පූර්ණකාලීන සාමාජිකයෙක්වත් මධ්‍යම කමිටු සාමාජිකයෙක්වත් නෙවෙයි.

දැන් එයා ඔහොම කිව්වට එයා නොදන්න ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ මේ ණය උගුලක ලංකාව හිර කරනවා කියලා. ට්‍රිලියන 28යි වසර 76ක ණය ප්‍රමාණය. මේ අවුරුදු එකහමාරට අනුර කුමාර දිසානායක අරන් තියෙනවා ට්‍රිලියන පහක්. මේ ණය උගුලෙන්ද මේ රට ගොඩගන්නේ? දැන් කියනවා ඩොලර් මිලියන 700ක් අපිට මූල්‍ය අරමුදලෙන් හම්බවෙන්න නියමිතයිලු. ඒ 700 නිකන් හම්බවෙන්නේ නැහැ. 

මේ 25 වෙනිදා වෙනකොට අපිට ආරංචි හැටියට තෙල් මිල ආයේ වටයකින් ඉතා විශාල ගණනකින් ඉහළ දාන්න නියමිතයි. නැවත වටයකින් විදුලි මිල ඉහළ දාන්න නියමිතයි. ඒ ටික ඒ විදිහට කළොත් විතරයි මූල්‍ය අරමුදල ඔය කියන ඩොලර් මිලියන 700 දෙන්නේ. ඩොලර් මිලියන 700 කියන්නේ තෙල් නැව් තුනකට සමාන අගයක්. තෙල් නැව් තුනකට බිල ගෙව්වාම මේ සල්ලි හොයාගන්න නැහැ. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? මූල්‍ය අරමුදල එක පැත්තකින් දේශීය නිෂ්පාදන අධෛර්යයට පත් කරන නීති රීති වලට ආණ්ඩුව තල්ලු කරලා තියෙනවා. ඒ කියන්නේ සෙස් බද්ද (Cess tax) අයින් කරනවා. සෙස් බද්ද කියන්නේ විදේශයෙන් එන තරඟකාරී නිෂ්පාදන වල මිල අපේ වෙළඳපොළ ඇතුළේ පොඩ්ඩක් ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ගහන බද්ද. ඒකෙන් දේශීය නිෂ්පාදකයා රකිනවා.

දැන් මූල්‍ය අරමුදල සෙස් බද්ද අයින් කරන්න කියනවා. ආණ්ඩුව දැන් සෙස් බද්ද ක්‍රමානුකූලව ඉදිරි අවුරුදු හතර ඇතුළත සම්පූර්ණයෙන් අයින් කරනවා. පළවෙනි කොටස අයින් කළා. ඒකෙන් වෙන්නේ ආනයන දිරිගැන්වෙනවා, දේශීය නිෂ්පාදන අධෛර්යයට පත් වෙනවා. ඒක එක උපායක්. ඒකෙන් වෙන්නේ මොකද? අපට එන ආදායම අඩුවෙනවා, දේශීය නිෂ්පාදන බිඳ වැටෙනවා. එතකොට ඩොලර් එන්නේ නැහැ, තියෙන ඩොලර් ටිකත් නැතිවෙනවා. ඊළඟට මොකද කරන්නේ? විදේශ ආයෝජන වලට දෙන බදු සහන නතර කරලා තියෙන්නේ. 

සිනොපැක් (Sinopec) ආයතනය ඩොලර් මිලියන 300කට වැඩි ආයෝජනයක් කරන්න සූදානම් වුණා හම්බන්තොට වරාය ආශ්‍රිතව තෙල් පිරිපහදුවකට. ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා චීනයේ ගිය වෙලාවේ ගිවිසුම් අත්සන් කරලා ඒක කරන්න එකඟ වුණා. ඒකට බදු සහන දෙන්න තීරණය කරනකොට මූල්‍ය අරමුදල කිව්වා "බැහැ, බදු සහන දෙන්න බැහැ" කියලා. අන්න විදේශ ආයෝජන අධෛර්යයට පත් කරනවා. ඒවා ආකර්ෂණය කරගන්න දෙන්නේ නැහැ. පෝට් සිටියට (Port City) එන ආයෝජන වලට දෙන බදු සහන දිරි ගැන්වීම අධෛර්යයට පත් කරනවා. ඒවා දෙන්න බැහැ කියනවා. ඒ මගින් වෙන්නේ දේශීය නිෂ්පාදන පද්ධතිය වට්ටනවා, විදේශීය ආනයනය මත තවදුරටත් අපිව ගැට ගහනවා. අනිත් පැත්තෙන් විදේශීය ආයෝජන දිරිගන්වන්න තියෙන හැකියාවත් නැති කරනවා. ඒකත් වළක්වනවා. 

අනිත් පැත්තෙන් ආනයන මත ගහලා තියෙන සෙස් බද්ද අයින් කරනවා. ඒ නිසා ආනයනය දිරිගැන්වීම සිද්ධ කරනවා. ඒ ආනයනය දිරිගැන්වීම වනාහි විදේශ විනිමය වැඩි වැඩියෙන් රටෙන් එළියට යාම. රටෙන් එළියට විදේශ විනිමය වැඩි වැඩියෙන් යාම වනාහි වෙළඳ පරතරය පුළුල් වීම. වෙළඳ පරතරය පුළුල් වීම වනාහි තව තවත් විදේශ ණය මත යැපෙන දීන ඉරණමකට රාජ්‍යය ගොදුරු කිරීම. දැන් මේ යන්නේ විෂම චක්‍රය. සංචාරක ව්‍යාපාරය පොඩ්ඩක් අඩු වෙච්ච ගමන් අපිට කක්කල් කැස්ස හැදෙන්නේ ඒකයි. මොනවාහරි ලෝක පරිමාණ වසංගතයක් ආවොත් අපිට නිව්මෝනියාව හැදෙන්නේ ඒකයි. 

ඒ නිසා මේ තමයි මූල්‍ය අරමුදලේ උපාය මාර්ගය. දැන් ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට මේ ගහලා තියෙන අවුරුදු හතරේ එකඟතාවය ඉවරයි. අපි අහනවා මේ ආණ්ඩුවට න්‍යාය පත්‍රයක් තියෙනවද? උපාය මාර්ගයක් තියෙනවද? ඕනකමක් තියෙනවද? ශක්තියක් තියෙනවද ඒ ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට අවසන් වෙන මූල්‍ය අරමුදලේ ගිවිසුමෙන් එළියට එන්න? මේ යන විදිහට ගියොත් මූල්‍ය අරමුදලේ මීටත් වඩා භයානක එකඟතාවන් සහිත නව ගිවිසුමකට යටත්වෙන මාවතේ තමයි මේ රට ඇදගෙන යන්නේ.

ඒ නිසා අපි ඉතා බලවත් ලෙස අනතුරු අඟවනවා. මේ රට වැටිලා තියෙන තැනින් ගොඩගන්නම් කියන බලාපොරොත්තුව මහජනතාව තුළ දීලා, එක පැත්තකින් නීලකාස බොරු කියලා, දැන් නීලකාස හොරු රැලක් තමන්ගේ ගජමිතුරු චෞර වළල්ලත් එක්ක හොරු රැලක් බවට පරිවර්තනය වී තිබෙනවා. මේ නීලකාස බොරු කියපු, ඒ චෞර වළල්ලත් එක්ක රටේ ධනය මංකොල්ලකන මේ හොර රැලට කිසි ලෙසකින්වත් උපායමාර්ගික දැක්මක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. මූල්‍ය අරමුදලේ පදයට නට නට මහජනයා මත බර පටවන එක ඇරෙන්න, දේශීය නිෂ්පාදන වල පිරිවැය ඉහළ දාන එක ඇරෙන්න, විදුලි බිල වැඩි කරන එක ඇරෙන්න, තෙල් මිල වැඩි කරන එක ඇරෙන්න, ඔක්කොම අපරාධ කරලා මැදපෙරදිගට ඇඟිල්ල දික් කරලා බේරෙන්න හදන එක ඇරෙන්න වෙන කිසිම හැකියාවක් මේ නීලකාස හොරු රැල අද පෙන්නලා නැහැ. 

ඒ නිසා අපි ඉතා ඕනෑකමින් අවධාරණය කරනවා මේ වාහන අධිභාරය පනවන්න කලින් දවසේ එල්සී (LC) විවෘත කරපු සියලු සමාගම් වලට අනාගත අපේ පාලනයක් යටතේ නීතිය ඉදිරියට ගේනවා. උත්තර දෙන්න වෙනවා. කවුද ඔත්තුව දුන්නේ කියන එකට උත්තර දෙන්න වෙනවා. ඔත්තුව දුන්නු උදවියට ඒකට උත්තර දෙන්න වෙනවා. අපි අනිවාර්යයෙන් මේ චෞර වළල්ලේ සියලු නීලකාස හොරකම් එක දිගට අනාවරණය කරනවා."


සම්බන්ධිත පුවත් | Related News

වොෂින්ටනයේ යුද ප්‍රයත්නයන්ට සහ ප්‍රචාරණ යාන්ත්‍රණයට දැඩි පහරක් එල්ල කරමින්, ඉරානයට එරෙහිව එල්ල කරන ඇමරිකානු හමුදා ප්‍රහාර මගින් ධවල මන්දිරය අපේක්ෂිත කිසිදු අරමුණක් ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බව ඇමරිකානු බුද්ධි අංශ වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය වසර 14ක් පුරා හෙබවූ පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන් වහන්සේ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.
කොටගල ප්‍රාදේශීය සභාවේ ඊරොස්ට් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගනේෂන් රාජේන්ද්‍රන්ට ජාතික ජන බලවේගයේ කොටගල ප්‍රදේශයේ සංවිධායක සහ ආධාරකරුවෙකු විසින් පහර දුන් බව කියමින් රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබයි.
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය වසර 22ක ශාස්ත්‍රීය හා විභාග පරීක්ෂණ ඉතිහාසය තුළ මුළුමනින්ම ශිෂ්‍යාවන්ගෙන් පමණක් සමන්විත වූ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමකට මුහුණ දීමට සිදුවූ බව කැළණිය විශ්වවිද්‍යාලයේ (රාගම) වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.
ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා ලබන 28 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (22) නියෝග කළේය.
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.