News Category
From Date
To Date
Maximum Number of Result

අන්තර්ජාලය ආශ්‍රිත මුල්‍ය වංචාවන්ගේ ඉන්දීය සලකුණ

May 23, 2026 at 06:54 PM
|

ඔහියෝ පළාතේ විශ්‍රාමික තැපැල්කරුවෙකු වන රොජර්ට දිනක් ඉන්දියානු උච්චාරණයකින් යුත් ඇමසන් පාරිභෝගික සේවා නියෝජිතයෙකු යැයි කියාගන්න පුද්ගලයකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.ව්‍යාජ පාරිභෝගික සේවා නියෝජිතයා, රොජර්ගේ ගිණුමේ සුළු ගැටළුවක් ඇති බව ඔහුට දන්වන ලදී. දෙදෙනා අතර ඇතිවූ කතා බහ අවසන පාරිභෝගික සේවා නියෝජිතයෙකු යැයි කියාගන්නා පුද්ගලය ගැටළුව විසඳුවා යැයි පැවසූ සැනින් රොජර්ට ඔහුගේ ජීවිත කාලය පුරාම කළ ඉතිරිකිරීම් අහිමි වී ගියේය.

උතුරු මියන්මාරයේ කොකාං හි "පවුල් හතර"(Bai family, Wei family, Liu family සහ Ming family නමින් මියන්මාරයේ උතුරු කොකාං ප්‍රදේශයේ වංචා කඳවුරු සහ අනීතික ව්‍යාපාර පාලනය කළ බලවත් අපරාධ පවුල් හතරයි.) අපරාධ කණ්ඩායම් බිඳ වැටීමෙන් පසු මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවෙමින් පවතී. අන්තර්ජාල උපයෝගී කරගෙන පවත්වා ගෙන ගිය වංචා මධ්‍යස්ථාන හිස්ව තිබුණි. නමුත් මධ්‍යස්ථානය වටා ඇද තිබූ කටු කම්බි තවමත් දක්නට ලැබුණි. විදුලි බැටන් පොලු තවමත් ගොඩනැගිලි තුල දක්නට තිබේ. සුදු දැන්වීම් පුවරු මත ලියා ඇති වංචා කිරීමට අදාළ තිර පිටපත් පවා මකා දමා නොතිබුණි. අවිධිමත්ව සැකසුනු විනෝද ආකේඩයක මෙන්, පරිගණක පුටු මේස ආදිය ඒවායේ වාඩි වී ක්‍රීඩාව දිගටම කරගෙන යන තෙක් බලා සිටියෝය. එම මධ්‍යස්ථානයට ඉන්දියානුවන් පැමිණියහ, නමුත් ඔවුන් කඳු සහ ගංගා හරහා තම ගමන් මලු රැගෙන එහි යාමට සමත් වූයේ කෙසේදැයි කිසිවෙකු  අදටත් දන්නේ දන්නේ නැත. කෙනෙකු ඔවුන්ව දකින විට, ඔවුන් දැනටමත් එහි පදිංචි වී  සිටින අයවළුන් ලෙස හැසිරී ඇත.

ටෙලිකොම් වංචාවන් සම්බන්ධයෙන් ගත් කල, ඉන්දියාව මියන්මාරයේ “මුල් ගුරුතුමා” ලෙස හැඳින්විය හැකිය. මියාවඩ්ඩි වංචා කලාපයක් ලෙස නැගී ඒමටත් පෙර, ඉන්දියාවට පරිණත දුරකථන වංචා කාර්මික දාමයක් තිබුණි. ඔවුන් විශේෂයෙන් ඉලක්ක කළේ, ස්වදේශික ඉංග්‍රීසි බස භාවිත කරන්නන් වූ අතර මයික්‍රොසොෆ්ට් පාරිභෝගික සේවය, IRS (Internal Revenue Service) හෝ සමාජ ආරක්ෂණ පරිපාලනය ලෙස පෙනී සිටිමින්,'ඔබේ පරිගණකය වෛරසයකින් ආසාදනය වී ඇති බවත්, නැතහොත් ඔබ ෆෙඩරල් බදු කාර්යාංශයට ඇමරිකානු ඩොලර් 200,000 ක් ණය වී ඇති බවත්' පවසමින් "ගූගල් ප්ලේ" තෑගි කාඩ්පත් භාවිතයෙන් ගෙවීමට අවශ්‍ය බවත් අවධාරණය කළහ.

වංචා අංගන කිසි විටෙකත් දේශසීමා වලින් බැඳී නොතිබුණි. කටු කම්බි, විදේශ ගමන් බලපත්‍ර හඳුනා නොගනී. විදුලි බැටන් පොලු ඔබ කතා කරන භාෂාව ගණන් නොගනී. එමෙන්ම කාර්යසාධන ඉලක්ක සියලු මිනිසුන්ට එක හා සමානව සලකනු ලබයි. බායි, වෙයි, ලියු සහ මිං යනු කලෙක මියන්මාරයේ වංචා අංගනවල ආධිපත්‍යය දැරූ "පවුල් හතර" නම් අපරාධ කණ්ඩායම් වන අතර ඔවුන් අධිරාජ්‍යයක් පවත්වාගෙන යන බව සිතූ නමුත් ඔවුන් සැබවින්ම ක්‍රියාත්මක වූයේ ප්‍රතිස්ථාපනය කළ හැකි ක්‍රියාවලියක් තුල පමණි. පවුල් හතරෙහි අන්තර් ජාල වංචා අධිරාජ්‍යය බිඳ වැටුණි, නමුත් ක්‍රියාවලිය ඉතිරිව පැවතුනි.

"පවුල් හතරේ" බිඳවැටීම අවසානය-'2.0 සංස්කරණය'

ද ඉකොනොමිස්ට් හි වාර්තාවකට අනුව, උතුරු මියන්මාරයේ වංචා සංයෝගවල පුනරාවර්තන වේගය දැනටමත් බොහෝ නීත්‍යානුකූල තාක්‍ෂණ සමාගම් ඉක්මවා ගොස් ඇත. "පවුල් හතරේ" බිඳවැටීම අවසානය නොව, සංස්කරණය යාවත්කාලීන කිරීමක් පමණක් විය. ඒ අනුව, '2.0 සංස්කරණය' දැන් පරීක්ෂණ මට්ටමේ පවතී.

CNN පුවත් සේවය විසින් සම්මුඛ සාකච්ඡාවට ලක් කරන ලද උතුරු මියන්මාරයේ කොකාං ප්‍රදේශවාසීන්ට අනුව, මුලින්ම මුම්බායි සිට කණ්ඩායමක් පැමිණි අතර, එම කණ්ඩායම  පුද්ගලයින් පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත විය. ඔවුන් ගමන් මලු, ලැප්ටොප්, ස්ටාර්ලින්ක් ටර්මිනල සහ   භාගයක් පමණ මසාලා පිරවූ පෙට්ටියක්ද ඇදගෙන ගිය අතර, තොරතුරු තාක්ෂණ දැණුමෙන් සන්නද්ධ වූවෙකුගේ බාහිර පෙනුම සහිත පුද්ගලයින්ගෙන් අපේක්ෂා කළ හැකි සිනහව ඔවුන්ගේ මුහුණු වලින් පිළිබිඹු වූ බවද පැවසූහ. ඔවුන්ගෙන් එක් අයෙක් තවත් බඳවා ගැනීම් සඳහා පුද්ගලයින්ට ආමන්ත්‍රණය කරමින් , "අළුත් කාර්යාලය ටිකක් අබලන්. ඒ වුනාට එයට වර්ධනය වීමේ හැකියාවක් තිබෙනවා." පැවසූ බව ඇසුණු බව පැවසුවේය.

හයිද්‍රාබාද් පලාතේ පුරවැසියෙකු වූ රාම් බඳවා ගැනීමට පල කළ දැන්වීමකට ආකර්ෂණය වූ වෙකි. දැන්වීමේ මෙසේ සඳහන් විය: "අග්නිදිග ආසියාවේ ඉහළ වැටුප් සහිත පාරිභෝගික සේවා රැකියාවක්, මසකට රුපියල් 50,000 ක වැටුපක්, ආහාර සහ නවාතැන්ද සමගින්." පැමිණීමෙන් පසු, ආහාර සැබවින්ම ඇතුළත් බව ඔහු සොයා ගත්තේය, නවාතැන් ද එසේමය, රැකියාව සහ පාරිභෝගික සේවය අතර සම්බන්ධතාවය කිඹුලෙකු සහ සම්බාහන පුටුවක් අතර සම්බන්ධතාවයට ආසන්න වශයෙන් සමාන විය. "මම සිතූ තරම් නොවේ," ඔහු පැවසීය, "නමුත් අන්තර්ජාල වේගය ඉතා හොඳයි." ඔහු මධ්‍යස්ථානයේ රැඳී සිටියේය.

තවත් පිරිසක් ස්වේච්ඡාවෙන් මධ්‍යස්ථානය වෙත පැමිණියහ. ඔවුන්ගේ තත්වයන් වඩාත් සංකීර්ණ විය. ඔවුන්ට ඉන්දියාව හැර යාම හෝ අවස්ථාව ලුහුබැඳීමක් ලෙස හෝ ඔවුන් විසින් කළ යුතු උපායමාර්ගික නැවත ස්ථානගත කිරීමක් ලෙස ඔවුන්ගේ ආගමනය විස්තර කළ හැකිය.

මුම්බායි පලාතේ විසූ ආනන්ද් එවැනි අයෙකි. ඔහු ඉන්දියාවේදී ගෙවා නොතිබූ credit card නඩුවකට මුහුණ දී සිටි අතර, මාස තුනක් ඇතුළත අධිකරණයට පැමිණෙන ලෙස නියෝග කර තිබුණි. “මට ටිකක් විවේකයක් අවශ්‍ය වුණා,” ඔහු පැවසීය, “ඒ අතර credit card එකේ මුදලත් ආපසු ගෙවන්න මට ඕන වුණා.” දැන් ඔහු වංචා මධ්‍යස්ථානයේ කොමිස් ලබන්නන් අතර තුන්වැනි ස්ථානයේ සිටී.

සිදුවෙමින් පවතින දේ ඉන්දීය බලධාරීන් ඉක්මනින් අවබෝධකරගත් අතර ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කළහ. ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මියන්මාර බලධාරීන් සමඟ කිහිප වතාවක් සාකච්ඡා කළ අතර, සෑම අවස්ථාවකම මහා පරිමාණයෙන් පැමිණි , හමුදා ප්‍රවාහන ගුවන් යානා භාවිත කරමින්, මාධ්‍යවේදීන් රැගෙන එමින් මානුෂීය ගලවා ගැනීමේ බැරෑරුම් පොරොන්දු රැගෙන ගියෝය.

බස් රථ වංචා  මධ්‍යස්ථාන තිබෙන සංකීර්ණවල දොරටුවලට ළඟා විය. රාජ්‍ය තාන්ත්‍රිකයින් ශබ්ද විකාශන යන්ත්‍ර අල්ලාගෙන තම පුරවැසියන්ට ආපසු නිවසට යන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් අන්තර්ජාලා වංචා මධ්‍යස්ථානවල රැඳී සිටි පිරිසෙන් හතරෙන් තුනක් පමණ බස් රථවලට නැගීම ප්‍රතික්ෂේප කළහ.

“මම මෙහෙ හොඳින් ඉන්නවා, ස්තුතියි.” යැයි “ගලවා ගත්” ඉන්දියානුවෙකු වූ රොහිත් මාධ්‍යවේදීන්ට පැවසීය. “මගේ ළඟ ඉඳපු කෙනා කිව්වා, ඔහු ආපසු යන්නේ නැහැ. පිටපත් වලට දැන් හුරු වෙලා, ව්‍යාපාරය හොඳට කෙරෙනවා, මේ මාසේ කොමිස් මුදලත් තවම ලැබිලා නැහැ  නැහැ කියලා.” 

"Five Eyes" සමඟ සුමටව අදහස් හුවමාරු කරගන්නා ඉන්දියානු වංචාකරුවා 

ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සහභාගී වූ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට අනුව, ඔහුගේ වෘත්තීය ජීවිතයේ වඩාත්ම දුෂ්කර සාකච්ඡාව වූයේ මියන්මාර හමුදා රජය සමඟ කටයුතු කිරීම නොව, කල් ඉකුත් වූ ක්ෂුද්‍ර ණය සම්බන්ධයෙන් නඩුවකට මුහුණ දීම සඳහා කොල්කටාවේ 24 හැවිරිදි තරුණයෙකුට තම අන්තර්ජාලා වංචා සේවා ස්ථානය අතහැර දමා ආපසු නිවසට යාමට ඒත්තු ගැන්වීම බවයි.

ඉන්දියානුවන්ගේ පැමිණීම සංකීර්ණ තුළ ව්‍යාපාරයේ දිශාව මූලික වශයෙන් පරිවර්තනය කළේය. ඉන්දියානුවන් මැන්ඩරින් කතා නොකරයි, නමුත් පෙර පරම්පරාවේ වංචා සින්ඩිකේට් තුලට කිසි විටෙකත් ප්‍රමාණවත් ලෙස ඊර්ෂ්‍යා කළ නොහැකි එක් වාසියක් ඔවුන් සතුව ඇත. එනම්, ඔවුන්ට ඉංග්‍රීසි කතා කිරීමට ඇති වාසියයි.

ඉන්දියාවේ ලොව දෙවන විශාලතම ඉංග්‍රීසි කතා කරන ජනගහනය ඇති රටය. මුම්බායි සිට චෙන්නායි දක්වාත්, නවදිල්ලියේ සිට හයිද්‍රාබාද් දක්වාත්, ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවීමට හැකියාව ඇති පුද්ගලයින් සංඛ්‍යාව බටහිර යුරෝපයේ මුළු ජනගහනයම ඒකාබද්ධ කළ සංඛ්‍යාව ඉක්මවා යයි. එමඟින් පමණක් ඔවුන්ට "Five Eyes" හෙවත් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන කණ්ඩායමේ ඕනෑම සාමාජික රටක සාමාන්‍ය පුරවැසියන් සමඟ සුමටව අදහස් හුවමාරු කර ගැනීමට ඉඩ සලසයි.

ඔවුන් අන්තර්ජාල වංචා මධ්‍යස්ථානවලට ඇතුළු වූ විගස, වංචා මාර්ගෝපදේශ ඉංග්‍රීසියට පරිවර්තනය කර, සාගරයෙන් එපිට ජීවත් වන ආදරය කෙරෙහි අති විශාල විශ්වාසය සහිත ජනතාව ඉලක්ක කරති.

එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කොමිසම සහ ස්ටැන්ෆර්ඩ් අන්තර්ජාල නිරීක්ෂණාගාරය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ වාර්තාවකට අනුව, 2024 දී, අන්තර්ජාතික දුරකථන වංචා සහ මාර්ගගත ආදර වංචා හේතුවෙන් ඇමරිකානු පුරවැසියන්ට සිදු වූ පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 12 ඉක්මවා ගිය අතර එම අගය එම වසරේ මියන්මාරයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 16% ට ආසන්න වශයෙන් සමාන වේ.

කෙටි සාකච්ඡාවකදී, CIA සංවිධානයේ නියෝජිතයෙකු පෙන්වා දුන්නේ මෙම මුදලින් සැලකිය යුතු කොටසක් KK සංකීර්ණය (KK සංකීර්ණය (බොහෝ විට KK පාර්ක් ලෙස හැඳින්වේ) යනු මියන්මාරයේ තායිලන්ත මායිම් නගරයක් වන මයාවාඩි අසල පිහිටි දැවැන්ත, කුප්‍රකට සයිබර් අපරාධ සහ මිනිස් ජාවාරම් කෙරෙන මධ්‍යස්ථානයකි. එය මහා පරිමාණයේ සයිබර් වංචා සහ නූතන වහල්භාවය සඳහා ගෝලීය සංකේතයක් බවට මේ වන විට පත්ව ඇත.) නියෝජනය කරන මියන්මාරය තුළ ඇති අන්තර්ජාල වංචා මධ්‍යස්ථාන වෙත ගලා ගිය බවයි. පසුව ඉන්ටර්පෝල් ආයතනය Cඓඇ තක්සේරුව විධිමත් ලෙස තහවුරු කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කළ අතර, ඒ සමඟම ඉන්දියා-මියන්මාර සයිබර් අපරාධ කොරිඩෝවේ ක්‍රියාකාරී ඉන්දියානු සැකකරුවන් 400 කට වැඩි පිරිසකට රතු නිවේදනද නිකුත් කළේය.

2025 වසර තුළ පමණක්, මියන්මාරයේ උතුරු ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වූ ඉන්දියානු වංචා ජාල ඇමරිකානුවන්ට ඩොලර් බිලියන 4.7කට වැඩි පාඩුවක් සිදුකර තිබුණි. එසේම, ඇමරිකාව ලෝකයේ දෙවැනි විශාලතම "telecom fraud" ගොදුර බවට පත්විය. ඇමරිකානුවන්ට මෙවැනි වංචා පිළිබඳ අත්දැකීම් අඩුය. ඔවුන් තවමත් විශ්වාසවන්තය, හදවතින් මෘදුය. “ඔබේ Social Security account එක suspend   කර ඇත” යැයි දුරකථන ඇමතුමක් ලැබුණු විට, ඔවුන් තවමත් අවංකව “මම දැන් මොකද කරන්න ඕනේ?” යැයි අසති.

pig-butchering scam සහ Bollywood නළු නිළියන් හැඟීම් උද්දීපනය කිරීම

ඉන්දියානු ආකාරයේ “pig-butchering scam" (pig-butchering scam යනු දිගුකාලීන ආයෝජන වංචාවක් වන අතර එහිදී වංචාකරුවන් වින්දිතයින් සමඟ ගැඹුරු විශ්වාසයක් ගොඩනඟා ගනී - බොහෝ විට ව්‍යාජ ආදර හෝ මිත්‍රශීලී සබඳතා හරහා - ඔවුන් වංචනික ගුප්ත ව්‍යවහාර මුදල් හෝ වෙළඳ වේදිකාවල ආයෝජනය කිරීමට ඔවුන්ව හසුරුවයි. මෙය රූපක වශයෙන් අදහස් කරන්නේ වින්දිතයා මූල්‍යමය වශයෙන් "ඝාතනය" කිරීමට පෙර අවධානය සහ ව්‍යාජ පොරොන්දු සමඟ "තරබාරු කිරීම" යන්නයි) ප්‍රධාන වශයෙන් ආදර වංචාවන් කෙරෙහි අවධානය යොමු කළේය. ඉන්දියාව ලෝකයේ විශාලතම ආදර චිත්‍රපට කර්මාන්තයක් ඇති රටකි. Bollywood නළු නිළියන් වැස්සේ නටමින්, මල් වතු හරහා දුවමින්, වැරදි අවබෝධ සහ සමාදානය අතර කාන්තාවන්ගේ හැඟීම් උද්දීපනය කරති. ආදර හැඟීම් නිර්මාණය කිරීමේදී, ඔවුන් ලෝකයේ ඉහළම මට්ටමේ සිටිති.

මෙම සිද්ධාන්තය මාර්ගගතව යොදවන විට, ගිණුමක් ලියාපදිංචි කිරීම, කඩවසම් යුරෝපීය පිරිමින් කිහිප දෙනෙකුගෙන් ඡායාරූප කට්ටලයක් සොරකම් කිරීම, බළලුන්ට ආදයරය කරන බළලුන් දෙදෙනෙකු හිමි ඔක්ලහෝමා නගරයේ 58 හැවිරිදි දික්කසාද වූ ඇමරිකානු කාන්තාවක් සමඟ ගැලපීම සහ පසුව සම්බන්ධතාවයක් ආරම්භ කිරීමද ඇතුළත් වේ. මාස දෙකක් ඇතුළත, සංවාදය මෙම ස්ථානයට ළඟා විය යුතුය. එනම් "මම ඔබට ඇත්තටම කැමතියි, නමුත් මගේ තෙල් නල මාර්ග ව්‍යාපෘතිය හදිසියේම මූල්‍ය ගැටලුවලට මුහුණ දුන්නා, ඔබට මුලින්ම මට යම් මුදලක් ණයට දිය හැකිද, අපි හමුවූ විට මම ඔබට ආපසු ගෙවන්නම්." මෙය සම්මත ක්‍රියා පටිපාටියයි.

මෙම ව්‍යාපාරයේ විශාලතම විචල්‍යය උච්චාරණ විධිය වන්නේය. එය නරකම නැත, නමුත් ප්‍රේම සම්බන්ධය සඳහා එය භාවිතා කිරීම සාමාන්‍යයෙන් ඉහළ සාර්ථකත්ව අනුපාත ඇති නොකරයි. ටෙක්සාස් හි තනිකඩ කාන්තාවන් බොහෝ විට පළමු දුරකථන ඇමතුමෙන් පසු ඇමතුම ලබා දෙන්නාව ආචාරශීලී ලෙස අවහිර කරයි.

නමුත් සංඛ්‍යාව විශාල වීම මගින් වැරදීම් සියල්ලටම වන්දි ගෙවිය හැකිය. KK සංකීර්ණය තුළ එකවර ඉන්දියානුවන් 3,000 ක් සිටින විට, සාර්ථකත්ව අනුපාතය 3% ක් පමණක් වුවද, ඇමරිකානුවන් අනූවක් සෑම දිනකම ආදරයෙන් බැඳේ. එම 90 දෙනාගෙන් 10 දෙනෙකු පමණක් ඩොලර් 50,000 බැගින් අහිමි වුකරගන්නේ වුවද, එය ඩොලර් 500,000කි.

පෙන්සිල්වේනියාවේ විශ්‍රාමික ගුරුවරයෙකු වන ජෝන්, එම 3% ට අයත්වූ කෙනෙකු විය. NBC සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු පැවසුවේ ඩුබායි හි සේවය කරන බ්‍රිතාන්‍ය ඛනිජ තෙල් ඉංජිනේරුවෙකු බව කියා සිටි කෙනෙකු dating app එකක් හරහා මුණගැසුණු බවයි. ඔහු විසින් එවන ලද ඡායාරූප ස්වීඩන් පිරිමි නිරූපිකාවක් මෙන් කඩවසම් විය. ඔහු මෘදු ලෙස කතා කළේය, අවධානයෙන් හා සැලකිලිමත් විය, සෑම උදෑසනකම ඔහුට කෙටි පණිවිඩයක් යවනු ලැබීය. "සුබ උදෑසනක්, මගේ හිරු එළිය."

ජෝන්ට ඇමරිකානු ඩොලර් 190,000 ක් අහිමි විය, එය ඔහු වසර තිස් දෙකක ගුරු වෘත්තිය තුළ රැස් කරගත් සේසතම විය.

“ඔහුගේ උච්චාරණය ටිකක් අමුතුයි,” ජෝන් පැවසීය, “නමුත් මම සිතුවේ ඔහු ඩුබායි හි වැඩි කාලයක් රැඳී සිටි නිසා දේශීය උච්චාරණයෙන් බලපෑමට ලක්වන්නට ඇති කියායි.”

වාර්තාකරු ඔහුට පැවසූවේ ඩුබායි හි නිල භාෂාව හින්දි නොව අරාබි බවයි.

“මම දන්නවා,” ජෝන් පිළිතුරු දුන්නේ, “නමුත් මම ඒ කාලේ ආදරයෙන් බැඳී සිටියා.”

පසුව, පොලිසිය ඔහුට දැනුම් දුන්නේ ඡායාරූපය නෝර්වීජියානු ශාරීරික යෝග්‍යතා බ්ලොග්කරුවෙකුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් සොරකම් කර ඇති බවයි. එම නෝර්වීජියානු බ්ලොග්කරු, අද දක්වාම, දැනටමත් ඔහුගේ ඡායාරූප උතුරු මියන්මාරයේ ක්‍රියාත්මක වංචා ජාලයේ සබඳතා දාහතකට සම්බන්ධ වී ඇති බව නොදනී.

අවසානයේ INTERPOL විසින් හඳුනා ගැනීමට පෙර, මුම්බායි හි හිටපු IT ඉංජිනේරුවෙකු වන වික්‍රම්, “සුඛෝපභෝගී යාත්‍රාවක බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙකු” ලෙස පෙනී සිටිමින් ඇමරිකානු කාන්තාවන් තිස් දෙනෙකුට වැඩි පිරිසක් සමඟ එකවර මාර්ගගත ආදර සබඳතා පවත්වා ගෙන ගොස් ඇත. ඔවුන්ගෙන් වැඩිමලා වයස අවුරුදු හැත්තෑ දෙකක කාන්තාවක් වන අතර, ලාබාලතම කාන්තාව වයස තිස් එකක තැනැත්තියකි.

“සබඳතා ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම අවශ්‍යයි,” ඔහු තම සගයන්ට පැවසීය. “ඔබ මුදල් පමණක් ඉල්ලනවා වගේ අනෙක් පුද්ගලයාට දැනෙන්න දෙන්න බැහැ.”

ඔහු රැකියාවේදී සෑම දිනකම කළ පළමු දෙය නම්, එක් එක් සම්බන්ධතාවයේ ප්‍රගතිය, අනෙක් පාර්ශවයේ මූල්‍ය තත්ත්වය සහ ඊළඟ චිත්තවේගීය සන්ධිස්ථානය සඳහා ඇස්තමේන්තුගත ප්‍රේරක කාලය තහවුරු කිරීම සඳහා ස්වයං-සාදන ලද එක්සෙල් පැතුරුම්පතක් (spreadsheet ) විවෘත කිරීමයි. ඔහු පැතුරුම්පත "මගේ ආදරය" ලෙස නම් කළේය. එය පසුව චෝදනා පත්‍රයට සාක්ෂි ලෙස අමුණා ඇත.

ඉන්දියානුවන්ගේ නව එකලස් කිරීමේ මාර්ග හෙවත් ශ්‍රම සංචලනයේ ගෝලීයකරණ මුහුණුවර

දිල්ලි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වන මහාචාර්ය ෂර්මා සම්මුඛ සාකච්ඡාවකදී සාර්ව මට්ටමේ ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කළේය.

“ඔබ තේරුම් ගත යුතුයි,” මහාචාර්ය ෂර්මා පැවසුවේ, “මෙය ශ්‍රම සංචලනයේ ගෝලීයකරණ මුහුණුවරයි. උතුරු මියන්මාරයේ අංගන අත්‍යවශ්‍යයෙන්ම කාර්මික පොකුරු වේ. කාර්මික කලාපවල මූලික අදහස වන්නේ වැඩට සුදුසු හැකියාව හෝ වාසිය ඇති අය එම ස්ථානයට පැමිණ වැඩ කිරීමයි. පෙර පරම්පරාවේ වංචා සින්ඩිකේට් විසින් ඉතිරි කර ඇති යටිතල පහසුකම්, ජාල සහ සමුච්චිත මෙහෙයුම් අත්දැකීම් සැලකිය යුතු නිහඬ වත්කමක් වේ. අපේ තරුණ ඉන්දියානුවන් ඉංග්‍රීසි කතා කරනවා, තාක්ෂණික කුසලතා තිබෙනවා...”

වාර්තාකරු ඔහුට බාධා කළේය: “මහාචාර්යතුමනි, ඔබ විස්තර කරන කර්මාන්තය අන්තර්ජාලය ආශ්‍රිත වංචාවක්.”

“මම සාකච්ඡා කරන්නේ වියුක්ත ආර්ථික ආකෘතියක් ගැනයි,” ඔහු පිළිතුරු දුන්නේය. “කරුණාකර මාව සන්දර්භයෙන් බැහැරව උපුටා දක්වන්න එපා.”

ආර්ථික න්‍යායේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, අංගන තුළ සැබවින්ම වාඩි වී සිටින්නේ කවුරුන්ද යන්න සැලකිල්ලට ගන්නේ නැත. ඒවා හුදෙක් ගොඩනැගිලි, අන්තර්ජාල කේබල්, විදුලි බැටන් පොලු සහ කටු කම්බි පේළි වලින් සමන්විත යටිතල පහසුකම් වන අතර, සියලු ජාතීන් කෙරෙහි සමාන මධ්‍යස්ථභාවයක් පවත්වා ගෙන යයි. අතීතයේ  තිබූ සමෘද්ධිය බිඳ වැටී තිබිය හැකි නමුත්, ඉන්දියානුවන් නව එකලස් කිරීමේ මාර්ග ඉදිකර ඇත.

මේ මොහොතේ, ජනේලයෙන් පිටත නිවර්තන වනාන්තරය තර්කානුකූලව හරිත පැහැයෙන් යුක්තය. පහළ මාලයේ ජනක යන්ත්‍ර දිගටම හම් හඬ නඟයි. අවන්හල් වල තිබෙන භාජනවල මාළු පිණි තවමත් බුබුලු දමයි. කොතැනක හෝ සිටින, ඇමරිකානුවෙකුගේ ජංගම දුරකථන තිරය දැල්වී, කම්පනය වෙමින් පවතී.

උතුරු මියන්මාරයේ කොකාං ප්‍රදේශය පදනම් කරගෙන කරනු ලබන අන්තර්ජාලය ආශ්‍රිත මුල්‍ය වංචාවන්ගේ ඉන්දීය සලකුණ සම්බන්ධයෙන් අප වෙත ලැබුණු පර්යේෂණාත්මක ලියවිල්ලක් ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි. සැකසුම ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.