වසන්ත සමරසිංහලා රනිල්ගේ අමුඩෙන් විදේශීය විනිමය අතීසාරය පාලනය කරන්න හදනවා - ජාතික සංවිධානවලින් අභියෝගයක්
විදේශගත මාලිමා සාමාජිකයින් ඩොලර් එව්වේ නැතිනම් ආර්ථික අර්බුදය වර්ධනය වන බවට අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ ප්‍රතිචාරය ඔහුගේ වචනයෙන්,
"විදේශ විනිමය අර්බුදයට විසඳුම් හොයන්න වසන්ත සමරසිංහලා ඉගෙන ගන්න ඕනෙ බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂික් හසීනාගෙන්. පළමුවැන්න කළු වෙළඳපොළ දිරිමත් කෙරෙන සහ විදේශ විනිමය වංචාවලට මග පාදන නීතියේ සිදුරු වැසීම. අපේ රටේ කළේ සිදුරු වැසීම වෙනුවට නීතිය පෙනේරයක් බවට පත් කිරීම.
රනිල් වික්‍රමසිංහ මහතා 2017 දී රවි කරුනානායක විනිමය වංචා චෝදනාවලින් නිදහස් කරගැනීම සඳහා සම්මත කළ විදේශ විනිමය පනත තිබෙන තාක්කල් මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න බැහැ. ඒ පනත ඉවත් කරලා පෙරතිබූ පනත් බලාත්මක කරන්න කොන්ද පණ නැති සහ දැනුම නැති පිරිසකට මේ අර්බුදයට විසඳුම් හොයන්න බැහැ.
දෙවැන්න වෙළඳ හිඟය අවමකර ගැනීම සඳහා තම ජාවාරම්කාර ආනයන සගයින්ගේ "සන්තෝෂම්" අතහැර ආනයන ධෛර්යමත් කිරීමේ බදු පැනවීම සහ එම බදු අරමුදල් දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීම මගින් අපනයන වර්ධනය කිරීම සඳහා යෙදවීමය.
තුන්වැන්න කාන්තාවන් අඩු පඩියට විදේශීය වහල් සේවයට සැපයීම වෙනුවට වීෘත්තීය පුහුණුව සහිත වැඩි වැටුප් ලැබෙන ක්ෂේත්‍රවල විදේශීය රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා පවතින වෘත්තීය පුහුණු ආයතන පද්ධතිය, පෞද්ගලික ආයතන, පිරිවෙන් සහ ආරක්ෂක හමුදා හමුදා සතු සම්පත් යොදාගනිමින් ජාතික වෘත්තීය පුහුණු ක්‍රියාන්විතයක් දියත් කිරීම. බංග්ලාදේශයෙන් ඒ සඳහා හොඳම ආදර්ශය ලබාගත හැක.
සතර වැන්න විදේශ රැකියා ලාභීන්ගේ අරමුදල් ආයෝජනය දිරිමත් කිරීම සඳහා වැඩි පොලියක් සහ ආයෝජන ප්‍රතිලාභ ලැබෙන ජාතික ස්වෛරී අරමුදලක් ගොඩනැගීම සහ ආයෝජන සඳහා රක්ෂණ ආවරණයක් ලබාදීමය.
සිංගප්පූරුවේ 'තමාසෙක්' අරමුදල අධ්‍යයනය කිරීම මගින් ආණ්ඩුවේ දුප්පත්කමට යම් විසඳුමක් ලැබෙනු ඇත. එම අරමුදල යොදවා ලෝකයේ වටිනාම ඛනිජ සම්පත් තිබෙන අපේ රටේ ඩොලර් මිලයන 500ක් වැනි සොච්චමක් ආයෝජනය කළහොත් මිලියන 5000ක් වසරක දී උපයාගත හැක."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..