අමෙරිකාවේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ ධුරයෙන් තුල්සි ගැබාර්ඩ් ඉල්ලා අස්වෙයි..
ට්‍රම්ප් පරිපාලනයේ අමෙරිකානු ජාතික බුද්ධි අධ්‍යක්ෂ ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව තුල්සි ගැබාර්ඩ් (Tulsi Gabbard) ප්‍රකාශ කර තිබේ.
ඒ, තම සැමියාට මෑතකදී වැළඳුණු අස්ථි පිළිකා (bone cancer) රෝගී තත්ත්වය හේතුකොට ගෙනයි.
"සෑම අභියෝගයකදීම ඔහුගේ ශක්තිය සහ ආදරය මා දිරිමත් කළා. මා මෙවැනි වගකිවයුතු මෙන්ම කාලය වැයවන ධුරයක රැඳී සිටින අතරතුර, මෙම සටනට තනිවම මුහුණ දෙන ලෙස මගේ හෘද සාක්ෂියට එකඟව මට ඔහුගෙන් ඉල්ලා සිටිය නොහැකියි." යනුවෙන් ඇය ඉදිරිපත් කළ ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.
එසේම එම ලිපියේ ගැබාර්ඩ් සඳහන් කළේ ඇයගේ සැමියා වන ඒබ්‍රහම් (Abraham) ඉදිරි සති සහ මාස කිහිපය තුළ විශාල අභියෝගවලට මුහුණ දෙනු ඇති බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටියේ, ගැබාර්ඩ් විශිෂ්ට සේවාවක් ඉටු කළ බවත්, ඇයගේ අඩුව තදින්ම දැනෙනු ඇති බවත් ය.
ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ගැබාර්ඩ් සාධාරණ ලෙසම ඔහු සමග සිටීමට කැමැත්තක් දක්වන අතර, ඔවුන් දැනට මුහුණ දී සිටින දැඩි සටනින් ජයගෙන ඔහුව නැවත යහපත් සෞඛ්‍ය තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව, ඇයගේ ඉල්ලා අස්වීම ජුනි 30 වැනිදා සිට ක්‍රියාත්මකය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්