ජෝන් කීල්ස් ආයතනය LGBTQ ප්‍රවර්ධනය කිරීම ගැන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය කළ පැමිණිල්ලට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා කළ කරුණු දැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පටහැනියි - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
ජෝන් කීල්ස් ආයතනය LGBTQI + ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩනීති සංග්‍රහයේ අන්තර්ගත 365 සහ 365 (අ) වරදකට අනුබලදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමාගමේ වගකිවයුතු නිලධාරින් නීතිය හමුවට පනවන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පසුගිය වසරේදී පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබිණි.
ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව නිලධාරී ඉසුරු ගුණසේකර විසින් 2022 සැප්තැම්බර් 2 වන දින සමාගම මගින් පවත්වාගෙන යන ECHELON වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් තම ආයතනය LGBTQI+ ( LGBTQI+ යනු කාන්තා සම ලිංගික, පුරුෂ සම ලිංගික,ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර්ලිංගික හෝ තමන්ගේ ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව ප්‍රශ්න කරන පුද්ගලයන් ලෙස අර්ථ ගැන්වේ.) ආයතනයේ සේවක මණ්ඩලයට විශේෂ ප්‍රමුඛතාවයක් සහිතව එම ප්‍රජාව ඇතුළත් කිරීම සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, 2020 දී 'ONE JKH” සන්නාමය යටතේ සමාගමේ සියලු DE&I මුලපිරීම් ඒකාබද්ධ කර තිබෙන බව පවසා ඇති බවට එම පැමිණිල්ලෙහි සඳහන් කර තිබිණි.
කෙසේ වුවද එම පැමිණිල්ල සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාට පිළිතුරු ලිපියක් මගින් දන්වා ඇත්තේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් එමගින් අගතියට පත් හෝ වින්දිත පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය නොවන බවත් ය.
ජෝන් කීල්ස් ආයතනය මගින් ඔවුන්ගේ ශ්‍රම බලකාය සඳහා කුමන පුද්ගලයකු බඳවා ගන්නේද යන්න ඔවුන්ගේ ආයතනය සතු අයිතිවාසිකමක් බවද එම ලිපියේ දක්වා තිබේ.
මේ අතර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙම පිළිතුරු ලිපියට පිළිතුරක් සපයමින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වෙත ලිපියක් මගින් දන්වා ඇත්තේ ස්ථානාධිපතිවරයා එම කරුණු දැක්වීමේදී සිතා මතාම හෝ නොදැනුවත්ව හෝ වැරදි සහගත කරුණු ඉදිරිපත්කර ඇති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) යටතේ වෙනසකට භාජනය නොකළ යුත්තේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත නොව ස්ත්‍රී පුරුෂ භේදය මත පිහිටා බවයි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එම ලිපිය මගින් පෙන්වාදී ඇත්තේ.
ස්ථානාධිපතිවරයා කරුණු දැක්වූ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටද පටහැනි කරුණු දැක්වීමත් බවත් ඒ මහතා එමගින් පෙන්වා දී තිබේ..
ස්ථානාධිපතිවරයා නිකුත් කළ ලිපිය සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ පිළිතුරු ලිපිය පහළින්..


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..