යුද්ධය දිනන්න චීනය ලංකාවේ වරායන් තුළ 'බදු රහිත මිලිටරි ගබඩා' පිහිටුවා තිබුණා.. - හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ
යුද්ධයේ අවසන් අදියරේදී චීනය විසින් ලංකාවේ වරායන් තුළ බදු රහිත මිලිටරි ගබඩා (Bonded Warehouses) පවත්වාගෙන යාම, යුද ජයග්‍රහණයට විශාල පිටුවහලක් වූ බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.
චීනයේ මැදිහත්වීම පිළිබඳව අදහස් දක්වමින් කොළඹගේ මහතා කියා සිටියේ, 2006-2009 යන තීරණාත්මක කාලසීමාව තුළ බීජිං පාලනය කොළඹ සහ ගාල්ල වරායන්හි මෙවැනි බදු රහිත මිලිටරි ගබඩා පිහිටුවීමට තරම් දුරදිග ගිය පියවරක් ගත් බවයි.
"ඒ කියන්නේ අපිට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ගත්ත අවසර පත්‍රයක් අරගෙන එතනට යන්න පුළුවන්කම තිබුණා. ඒක හරියට බඩු ලැයිස්තුවක් අරගෙන ආයුධ සුපිරි වෙළඳසැලකට යනවා වගේ වැඩක්. ඔබට අවශ්‍ය දේ තෝරාගෙන, ඒවා රැගෙන ගොස් භාවිත කරලා, පසුව මුදල් ගෙවන්න පුළුවන්," යැයි ඔහු පැවසීය.
චීනය විසින් මෙම ගබඩාවල විවිධ මාදිලියේ මිලිටරි සැපයුම් කලින්ම ගබඩා කර තිබූ බවත්, එමඟින් මෙහෙයුම් සඳහා අවශ්‍ය දේ වහාම ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.
"වෙනත් කිසිදු රටක් තවත් රටක මේ වගේ දෙයක් කරලා තියෙනවාද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔවුන් සියලුම ද්‍රව්‍ය ගබඩාවට රැගෙන ආවා, අපි ගිහින් ඒවා ලබාගත්තා," යැයි ඔහු කීය.
වෙනත් කිසිදු රටක් මෙවැනි සහයෝගයක් ලබා දී නැති බව පෙන්වා දෙන කොළඹගේ මහතා, වසර 30ක යුද්ධය නිමා කිරීමට චීනයෙන් ලැබුණු මෙම මිලිටරි සහයෝගය අතිශය තීරණාත්මක වූ බව ද අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..