රුපියලේ පිරිහීම දරුණු වෙයි.. ශ‍්‍රී ලංකාව නැවතත් 2022ට වැඩි අර්බුදයක් ආසන්නයේ..
ලෝකයේ පිරිහෙන මුදල් ඒකක අතර ශ්‍රී ලංකා රුපියල ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, රුපියල මෙලෙස අඛණ්ඩව කඩාවැටුණහොත් 2022 වසරේදී ජනතාව මුහුණ දුන් පීඩනයට වඩා වැඩි ආර්ථික පීඩනයකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇති බවත් මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා අනතුරු අඟවයි.
රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඇතිවිය හැකි කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ආර්ථික ප්‍රතිවිපාක ඉතා භයානක විය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.
හාචාර්යවරයා පවසන පරිදි, ඇමෙරිකානු ඩොලරයක අගය රුපියලකින් වැඩි වන සෑම අවස්ථාවකම මෙරට සමස්ත ණය බර රුපියල් බිලියන 37.7කින් ඉහළ යයි.
පසුගිය පෙබරවාරි මාසය වන විට රුපියල් 309ක් ලෙස පැවති ඇමෙරිකානු ඩොලරයක අගය මේ වන විට රුපියල් 344 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, ඒ අනුව මෙරට ණය බර සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කරයි.
රුපියල මෙලෙස දිගින් දිගටම අවප්‍රමාණය වීම හරහා ආයෝජකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ විශ්වාසය බිඳ වැටෙන බවත්, එමඟින් රට නැවත වතාවක් දරුණු ආර්ථික අර්බුදයකට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බවත් මහාචාර්යවරයා අවධාරණය කරයි.
මෙම තත්ත්වය හමුවේ රජය වගකීමෙන් බැහැර නොවිය යුතු බව පවසන මහාචාර්ය පෙරේරා මහතා, මෙය ඇමෙරිකාව හෝ ඉරානය අතර පවතින යුද තත්ත්වය වැනි ජාත්‍යන්තර කරුණු මත සිදුවන්නක් යැයි පවසමින් රජය ඇඟ බේරා ගැනීමට උත්සාහ නොකළ යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..