News Category
From Date
To Date
Maximum Number of Result

රණවිරුවෝ යුද්දෙ ඉවර නොකලානම් ජනාධිපතිට යාපනේ ජොගින් යන්න වෙන්නෙ නෑ.. යුද්දෙ ඉවර කරන්න නායකත්වය දීපු නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් අද හිරබත් කනවා- නාමල්

May 19, 2026 at 06:54 AM
|

"රණවිරුවො යුද්ධෙ ඉවර නොකලා නම් වර්තමාන ජනාධිපතිවරයාට යාපනයට යන්න නෙවෙයි අපේ හාමුදුරුවනේ ප්‍රභාකරන්ගෙන් අහල අවසර අරගෙන තමයි ජොගින්  යන්න වෙන්නේ" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අවිස්සාවේල්ල  රණවිරු ගම්මානයේ පැවති රණවිරු සැමරුමකට සහභාගීවී ජනතාව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

"අද අපි දකිනවා යුද්ධය අවසන්. යුද්ධය අවසන් උනාට බෙදුම්වාදීී ආකල්ප නැතුව යුද්ධය අවසන් කරන නායකත්වය දීපු අයගෙන් කරන පලිගැනීම අවසන් නෑ.කණගාටුවට කාරණය ඒක.අවාසනාවන්ත කාරණය ඒක. අද ඔබ මම දහ අට වෙනිදා නිදහස සමරනවා වගේම අද ඔබ මට නිදහස සමරන්න දායකත්වය දීපු රණවිරුවෝ දහස් ගණනක් තවම ආබාධිතව ජීවත් වෙනවා.ඒ වගේම ඒකට නායකත්වය දීපු නිලධාරීන් අදටත් හිරබත් කනවා.බුද්ධි අංශ නිලධාරීන් හිරබත් කනවා.ආණ්ඩුවේ උවමනාව එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ උවමනාව ඉෂ්ඨකරන්න ආණ්ඩුව මැදිහත්වෙමින් සිටිනවා. අදටත් කණගාටුවට කාරණය ඒක.හිටපු නාවික හමුදාපතිවරයා උළුගේතැන්න මහත්තයා මේ ආණ්ඩුව ආපු ගමන් ගිහිල්ල දැම්මා ඇතුලට බොරු චෝදනා දාලා සුරේෂ් සලේ බුද්ධි අංශ ප්‍රධානියා අදටත් හිරගෙදර.පාස්කු ඉරිදා ප්‍රහාරය ෆයිල් එක යට ගහපු අයට අද ප්‍රමෝෂන් මේ රටේ වැඩ නොකර බොරු කිව්වොත් ෆයිල් යට ගැහුවොත් ප්‍රමෝෂන්.වැඩ කරොත් හොරෙක් බවට පත්වෙලා හිරේ යන්න වෙනවා.ඒක තමයි ජේවීපී න්‍යාය පත්‍රය.

බුද්ධි අංශ නිලධාරීන්ගේ කැපවීම ඔවුන්ගේ තරුණ විය රට ජාතිය වෙනුවෙන් කැප කරලා ජීවිත පරදුවට තියලා සේවය කරේ.ඒ තොරතුර මත තමයි රණවිරුවට සටන් කරන්න පුළුවන් සැලැස්ම හදන්න  පුළුවන් වාතාවරණය හැදුනේ.ඒ සියල්ල පැත්තකට දාලා අද දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ඔවුන්ව සිර ගෙවල්වලට ගිහින් දාල තියෙන්නෙ.තවමත් සමහර උදවිය එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව අපි එල්ටීටීඊ ඩයස්පෝරාවටත් කියන්නේ අපි යුද්ධ කරේ දෙමළ ජනතාව එක්ක නෙවෙයි. එල්ටීටීඊ එකත් එක්ක.අපිට තියෙන ප්‍රශ්නෙ දෙමළ මිනිස්සු එක්ක නෙමෙයි.අපි දැන් මිනිස්සු එක්ක සහයෝගයෙන් සහෝදරත්වයෙන් එකට වැඩ කරනවා.අපේ නෑදෑයෝ ඥාති ඉන්නවා දමිල අය හැබැයි අපිට එල්ටීටීඊ එකත් එක්ක ප්‍රශ්නයක් තිබ්බා.ලෝකයේ තහනම් ත්‍රස්තවාදී  සංවිධානයක් ඒ ලෝකයේ තහනම් කරපු ත්‍රස්තවාදී සංවිධානය ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ඝාතනය කරපු අපේ රටේ නායක නායිකාවෝ ඝාතනය කරපු අහිංසක කිරිසප්පයෝ මරපු මේ රටේ බෙදුම්වාදයේ වපුරලා වෙනම රාජ්‍යයක් ස්ථාපනය කරන්න ගිහිපු එල්ටීටීඊ ත්‍රස්තවාදය එක්ක අපි සටන් කෙරුවා.අපි ඔහොම පරාජය කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ.ඒ වාඩුව ගන්න ඒ අය තවමත් මාන බලනවා කියන එක අපි මතක් කරන්න ඕනේ.

හැබැයි අපි රණවිරුවන්ට කියන්නේ ජීවිතය පූජා කරපු රණවිරුවන්ගේ බිරින්දෑවරුන් මෙතන ඉන්නවා ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවන්ගේ අම්මල තාත්තලා දරුවෝ මෙතන ඉන්නවා අදටත් ආබාධිත තත්ත්වයේ ඉන්න රණවිරුවෝ මෙතන ඉන්නවා අද රටේ බොහොමයක් ඉන්නවා ලෝකයේ නොයෙක් තැන්වලට ගිහිල්ලා අද ජීවත් වෙනවා. රණවිරු දෙමව්පියෝ ඉන්නවා බිරින්දෑවරු ඉන්නවා අපි ඔබට කියන්නේ ඔබේ ගෞරවය ඔබේ කැපවීම ඔබේ පරිත්‍යාගය අපි කිසි දිනක අමතක කරන්නේ නෑ වගේම ඒ සඳහා සාධාරණීකරණය කරන්න අපි කිසිදාක අමතක කරන්නේ නෑ. එය සාධාරණීකරණය කරන්න අපි මැදිහත් වෙනවා කියන එකත් අපි ඔබ තමුන්නාන්සේලාට මතක් කරනවා.යම්කිසි දවසක ඔබගේ දරුවන්ට මුණුබුරන්ගේ මිණිබිරියන්ගේ කාලයේ ඔවුන් ඉතා ගෞරවයෙන් ආදරයෙන් භක්තියෙන් ඔබ ගැන කතා කරාවි.ඒ තැනට අපි මේ රටේ පරිවර්තනයක් ඇති කරනවා.ඔබේ පරම්පරා ගණනාවකට පස්සේ ඔබේ නම රන් අකුරෙන් ලියවෙන තැනකට අපි මේ රට පරිවර්තනය කරනවා.ඔබ දීපු නිදහස ඔබ කරපු කැප කිරීම් එක්ක තමයි අද මේ රටේ මෙවැනි පරිසරයක් වාතාවරණයක් ගොඩනැගිලා තියෙන්නේ.වර්තමාන ජනාධිපතිවරයාට යාපනයට ගිහිල්ලා සිල් ගන්නවනම් ශ්‍රී මහා බෝධියේ සිල්ගන්න නාගදීපයට එන්න එපා කියන්න නිදහස ලැබුනේ එල්ටීටීඊ ත්‍රස්තවාදය නැති කරපු නිසා.එහෙම නැත්නම් වර්තමාන ජනාධිපතිවරයාට යාපනයට යන්න නෙවෙයි අපේ හාමුදුරුවනේ ප්‍රභාකරන්ගෙන් අහල අවසර අරගෙන තමයි ජොගින්  යන්න වෙන්නේ.අද මේ රට ගොඩනැගෙන නිදහස ලැබිලා තියෙන්නේ ඒ නිසයි.

අද ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ආණ්ඩුව පළිගන්නවා මේ මාසෙ එනකොට අපි දන්නවා අපිට අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා.යුද්ධය අවසන් කරපු මාසනේ දැන්.අද මාණ්ඩලික ප්‍රධානි තනතුරත් අයින් කරලා 18 වෙනිදා කියන්නේ හෙට යුද්ධය අවසන්  කරලා යුද සැමරුම නැත්නම් නිදහස මේ රටේ එක්සේසත් කරපු දවස.ලෝකයේ දරුණු ත්‍රස්තවාදය ලෝකයේ හැමෝම පරාජය කරන්න බැහැ කියපු ත්‍රස්තවාදය නැති කරපු දවසට පැය 24ක් තියලා වර්තමාන ආණ්ඩුව ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කරන්න ගොඩනඟපු මාණ්ඩලික ප්‍රධානී තනතුර ගැසට් පත්‍රයකින් අයින් කරලා.කාගෙ උවමනාවටද.

මේ රටේ ජනතාව හැමදාමත් රණවිරුවටත් රණවිරුවට වගේ පවුලටත් උපහාර දක්වන්න දෙවතාවක් මැලි වන්නේ නැහැ කියලා මතක් කරන්න ඕන.අද මේ මාසෙ ළං වෙනකොට අපි දන්නවා මහින්ද මහත්තයා ගෙනාවා හැබැයි මහින්ද මහත්තයා සීඅයිඩී එකට යනකොට බ්‍රයිබරියට ඇයි ගෙනාවේ, බලහත්කාරයෙන් ලියාගත්ත කට උත්තරයක් නිසා.

ජනාධිපතිවරයා කියනවා නීතිය සැමට සමානයි කියලා හැබැයිප් ඉස්සෙල්ලම ජනාධිපතිවරයා පරීක්ෂණයක් කරන්න ඕන නීතිය සහ කාටත් සමානයි කියලා බලහත්කාරයෙන් කට උත්තරය ලියපු කෙනාගෙන්.අපේ රවින්ද්‍ර ජයසිංහ මහත්තයා නීතිඥවරයෙක් එහෙම පුළුවන්ද පොලිසියට බලහත්කාරයෙන් කට උත්තර ලියා ගන්න.නීතිය හැමෝටම සමානයි නම් බලහත්කාරයෙන් ලියා ගත්ත නිලධාරියාව පරීක්ෂණයකට ලක් කරන්න ඕනේ.හැබැයි එහෙම කරේ නෑ.හැබැයි අවසානයේ කට උත්තරේ දීප මනුස්සයා සියදිවි  හානි කරගත්තා කියලා කියනවා. ඒ තැනට ඔහුට පීඩනයක් ගෙනාවා. ඔහු දිවුරුම් ප්‍රකාශයකින් ඒ පීඩනය සම්බන්ධයෙන් ඒ කරපු බලපෑම සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීලා තියෙනවා.එහෙනම් ජනාධිපතිවරයා කියන විදියට නීතිය හැමෝටම සමානයි නම් ඒ නිලධාරියාව ප්‍රශ්න කරන්න තිබ්බා.හැබැයි මැයි18කලින් මහින්ද මහත්තය ගෙනල්ලා ප්‍රශ්න කරා.හැබැයි හැංගිච්ච එක කාරණයක් තියෙනවා රාජපක්ෂල හොරා ඔන්න හොරකම් කරා කියනකොට දැන් නාමල්ගේ උපාධිය ගැන ප්‍රශ්න කරනකොට බලනකොට කතානායකවරයාගේ උපාධිය නෑ.ඒක යට ගහන්න මොකක්ද කරේ නාමල් ගැන හොයන්න පටන් ගත්තා.

කන්ටේනර් 323 ක් වරායෙන් පන්නනවා ඒක යට ගහන්න රාජපක්ෂලාගේ කරේ දැම්මා දැන් එයා බස් ගණුදෙනුවත් සම්බන්ධයෙන් පරීක්ශණ හින්ද මහත්තයා සම්බන්ධ කරනවා. බලනකොට ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් වෙන නමකට සල්ලි යවලා. .පුදුම වැරදීම් වෙන්නේ වැරදි ගිණුමකට මුදල් දීලා ඒකත් හැකර් කෙනෙක් පැනලා කියලා තමයි කියන්නේ.පෞද්ගලික බැංකුවක බිලියන 13ක් හොරාට එළියට ගත්තා මුදල් අමාත්‍යාංශය දන්නෙත් නැහැ මහ බැංකුව දන්නෙත් නැහැ මුදල් ඇමැති දන්නෙත් නැහැ.මුදල් අමාත්‍යංශයේ කෝටි අසූවකට වැඩි ගානක් වැරදි ගිණුමකට සල්ලි ගෙවනවා public finance management පනත යටතේ ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා විදියට වගකියන්න ඕනේ. මුදල් ලේකම්වරයා විදිහට මේකට වගකියන්න ඕන පනත අනුව.නීතිය ඒ අයට වඩා උඩට නැත්නම් වගකියන්න ඒක තමයි නීතිය.

හැබැයි දැන් මොකද්ද කරන්නේ යට ගහනවා.බාල ගල් අගුරු ගේනවා දැන් 2009 ඉඳන් හොයන්න ගන්නවා. හොඳයි හැබැයි හොයන්න අපේ 2009 නොරොච්චෝලේ තිබ්බද.හොයන්න හොයන එක අපිටත් හොඳයි අපිටත් ඕන ඔය චෝදනා ඉවරයි. හැබැයි මේ ආණ්ඩුවෙන් ගෙනාපු බාල ගල් අඟුරු වල චෝදනාව වහගන්න හදන්න එපා.මොකද ආණ්ඩුව හැමදාම කරන්නේ පික්පොකට් න්‍යාය.ආණ්ඩුව පික්පොකට් එක ගහල දුවන ගමන් කියනවා මෙන්න පික් පොකට්කාරයෙක්ලු අනේ ඉතින් වටේ හැමෝම පොකට්කාරයා පස්සේ දුවනකොට ඇත්තටම පික්පොකට් ගහපු එකා අරක සාක්කුවේ දාගෙන හෙමිහිට ගෙදර යනවා වැරදි මිනිහෙක් ගුටි කනවා. 

අපිට වුණෙත් ඒක.හැමදාම රාජපක්ෂලා හොරා හොරා කියලා පොලිසිය සීඅයි ඩී එක බ්‍රයිබරිය අපේ පස්සේ එවනවා. යහපාලන ආණ්ඩුවත් එහෙම කළා මේ ආණ්ඩුවත් ඒකම කරනවා අපේ පස්සේ එනවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නෙ  කන්ටේනර් පන්නලා මුදල් අමාත්‍යංශයේ කෝටි 80 ක් ගිණුමකට දාගෙන අද රජයේ බැංකුවකින් මිලියන 600 ක් තවත් ගිණුමකටදාගෙන ලෝකයේ වැඩියෙන්ම ගෙවලා තෙල් මිලදී ගන්නවා බාල ගල් අගුරු ගේනවා කෝටි ගානක් පාඩුව ඒ පාඩුව වහගන්න ජනතාවගේ බද්ද වැඩි කරනවා.කැබ් ගේනවා ඇමතිවරු මේ අස්සේ ආණ්ඩුව මොකද කරන්නේ අපිට බැණපෙන රාජපක්ෂලා හොරා හොරා කිය කිය පික්පොකට්  ගහනවා.අපි ගැන හොයන්න හොයන්න ඕනේ. මම කිව්වනේ අපේ ඕනෑම පරීක්ෂණයකට එනවා අපේ හාමුදුරුවනේ අපි බය නෑ අපි වැරදි කරලා නෑ.හැබැයි අපි ගැන හොයනවා වගේම ඔබ ඒ ආණ්ඩුවේ පික්පොකට්කාරයෝ ගැනත් හොයන්න.මොකද මහා පරිමාණයේ වංචා වෙන්නේ දැන්.ඒක යට ගහන්න ලෑස්ති වෙන්න එපා. 

ගොවියාගේ පොහොර ටික නෑ අද වෙනකන් පොහොර නෑ කියලා ගොවි ජනතාව හඬක් නැගුවොත් පොලිසියට කියනවලු.ඉතින් පොහොර නැත්තං නෑනේ පොලිසියට බයේ පොහොර තියනව කියන්නයැ පොහොර නැත්තං නෑ. අද වෙනකන් ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑ . හැබැයි ගමට කියාම ප්‍රශ්නයක් තියෙනව වී මිල ගැන ප්‍රශ්නයක් තියෙනවා බදු සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන්ට ප්‍රශ්නයක් තියෙනවා.ලක්ෂ දොළහකටනේ කාර් එකක් දෙනවා කිව්වේ අන්න දැන් ඊයේ සීයට පනහක් වැඩි කරලා.ආණ්ඩුවට තියෙන්නේ අයිඑම්එෆ් න්‍යාය පත්‍රය  ආණ්ඩුව තීරණය කරන්න ඕනෑ මේ රටේ ජනතාව ගැන හිතලා තීන්දු තීරණගන්නවද ජාත්‍යන්තරයේ ඔබට  වියදම් කරපු සංවිධාන සතුටු කරන්න තීන්දු තීරණ ගන්නවද කියන කාරණය.අද අසීමිත විදිහට ජීවන වියදම ජනතාව මත දාලා තියෙනවා රටේ සාමාන්‍ය ජනතාවට දරා දරාගන්න බැරි විදියට ජීවන වියදමක් දාලා තියෙනවා ආණ්ඩුවට මේක තේරෙන්නේ නැද්ද ආණ්ඩුවට මේක තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැද්ද කියන කාරණය අපිට තියෙනවා.ඒ හින්දා අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණාකරලා  මේක දැන්වත් කියන්න කියන්න තව බද්ද වැඩි කරනවා ගිය සතියෙත් කිව්වා මේක තේරුම් අරන් ජනතාවගේ පැත්තෙන් ඉඳලා තීරණ ගන්න. 

දැන් අපි දැක්කා පහුගිය දවස්වල තරුණ කණ්ඩායමක් ගිහිලා මල්වානේ බැසිල් මහත්තයගේ ඉඩමක් කියලා අල්ලගන්නවා.ඒක ආණ්ඩුවේ එහෙමත් නැත්නම් මම ඒකේ පක්ෂ කාර්යාලයක් දාගන්න ඕනේ අපේ බාප්පගෙ නම්.  අපේ බාප්පට ඒ පැත්තෙ ලොකු පොල් වතු තිබ්බා කියලා කිවුවා බලනකොට වෙන එක්කෙනෙක් ඒකෙ පොල් කඩනවා.අපේ ඡන්දෙ ඉවර වෙලා යනකොට අයිතිකාරය පොල් කඩනවා. මම ඇහුවා බැසිල් මහත්තයගෙ පොල් වත්තද කියල මහත්තය පිස්සුද එක මගේ පොල් වත්ත කිව්වා ඒ වගේ තමයි මේක දැන් රාජ්‍ය දේපළක් අද තමන්ගේ පක්ෂයේ ශිෂ්‍ය සංවිධානයට තමන්ගේ ආණ්ඩුවත් එක්ක කතාකරලා ප්‍රශ්නයක් විසඳගන්නන බැරිනම් තමන්ගේ පක්ෂයත් එක්ක සම්බන්ධ ශිෂ්‍යයන්ට තමන්ගේ විශ්ව විද්‍යාලයට කතාකරලා ගොඩනැගිල්ලක් ගන්න බැරි නම් ඒ ගොඩනැගිල්ලත් බලෙන් අල්ලන්න ඕන නම් මේ ආණ්ඩුවෙන් වැඩක් තියෙනවද.මේ ආණ්ඩුවට කඩේ ගියපු එක ගැනත් ලැජ්ජ වෙන්න ඕනේ ඒ අය ඉස්සෙල්ලා.

තමන්ගේ ඇමතිවරයා හම්බවෙලා මේ විශ්ව විද්‍යාලයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා හම්බවෙලා කතා කරන කොන්දක් නැත්තං මේ ආණ්ඩුවේ අයට ඒවා අහන්න අවශ්‍යතාවයක් නැත්නම් ඒවට විසඳුමක් දෙන්න බැරි නම් ඒ ශිෂ්‍ය සංවිධාන හිතනවානං අපි මේක පැනලා අල්ලගන්නන ඕන කියලා ලැජ්ජයි නේ ආණ්ඩුවට ලැජ්ජ පෙන්වන ශිෂ්‍යොත් ලැජ්ජජ වෙන්න ඕන තමන් පත් කරපු ආණ්ඩුවෙන් ගොඩනැගිල්ලක් ගන්න බැරිනම්.අනිත් පැත්තෙන් මේක නම් පූර්වාදර්ශය රටේ හැම ජනතාවක්ම තමන්ගේ අවශ්‍යතාවය  ආණ්ඩුවෙන් වෙන්නෙ නැත්නම් ඉඩමකට පැනලා බලහත්කාරයෙන් අල්ලා ගැනීම නම් ක්‍රමවේදය ආණ්ඩුවෙන් ප්‍රජා ශාලාවක් දෙන්නෙ නැත්නං වෙන ඉඩමකට පැනලා බලයෙන් අල්ලා ගන්න එක නම් පූර්වාදර්ශය ආණ්ඩුවෙන් රෝහලකට ඉස්කෝලෙකට ඉඩමක් දෙන්නේ නැත්නම් අල්ලපු ගෙදර මනුස්සයාගේ ඉඩම අල්ලා ගන්න එක නම් පූර්වාදර්ශය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට ගොඩනැගිල්ලක්  ලැබෙන්නෙ නැත්නම් කොළඹ ගොඩනැගිලි වලට පැනලා බලෙන් අල්ලා ගන්න එක නම් පූර්වාදර්ශය කෝ දැන් ජනාධිපතිවරයා කියපු නීතිය සමානාත්මතාවය.ඒක තමයි යථාර්ථය මේ අයට වැඩ බැරි වෙනකොට මර්ධනය ගේනවා තමන්ගේ ශිෂ්‍ය සංවිධාන වලට කතා කරලා ඉඩමක් දෙන්න බැරි නම් ගොඩනැගිල්ලත් දෙන්න බැරි නම් වැඩක් තියෙනවද ඒකත් බලෙන් අල්ලන්න කියලා ආණ්ඩුව කියනවනම් බලෙන් ඇල්ලුවට පස්සේ මම දැක්කා මේක ඇල්ලුවට පස්සේ පොලිසියෙන් කියනවා මේක ආණ්ඩුව ඉඩමක්ලු.නෑ මේක අපි අල්ලනවා කියලා යනවා.ඉතින් මේක ආණ්ඩුවේ ඉඩමක් නම් ඒක බලෙන් අල්ලගන්න පුළුවන් නම් ඒකට  නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් අදටත් ආයේ ඉතින් ඒ රටේ නීතිය ගැන කතා කරලා වැඩක් වෙන්නේ  නෑ. 

ඉතින් ඒහින්දා අපි ශක්තිමත්ම ගොඩනැගෙන්න ඕනේ ගම් මට්ටමින් පෙළ ගැහෙන්න ඕනේ අපි දැන් ගමකට ගියාම දාහක් හමාරක් මිනිස්සු එනවා ඒ කොට්ඨාසෙට.ඒ ආණ්ඩුව කෙරෙහි තියෙන කලකිරීම අද අපිට ඡන්දය දීපු නොදීපු බොහොමයක් අපි එක්ක ඒකරාශී වෙනවා.ඡන්දේ නොදීපු හැම කෙනාම අද යථාර්ථය තේරුම් අරගෙන අද අපි එක්ක ඒකරාශී වෙනවා.අද අපිව පිළිගන්නවා අපි ආදරයෙන් ඔබ තමුන්නාන්සේලා පිළිගන්නවා වගේම අපි ඔබතමුන්නාසේලාගෙන් ඉල්ලන්නේ මේ පණිවිඩය ගමට ගෙනියමු අපි ශක්තිමත්ව ගොඩනැගෙමු."

සම්බන්ධිත පුවත් | Related News

ප්‍රංශයේ පැරිස් අගනුවර ප්‍රධාන සංචාරක ආකර්ෂණය ලෙස සැලකෙන අයිෆල් කුලුනේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. වැඩ වර්ජනය හේතුවෙන් අයිෆල් කුලුන වසා දැමුණු අතර, එය නැරැඹීමට විදේශවලින් පැමිණි සංචාරකයන්ට ද ආපසු හැරී යෑමට සිදුවිය.
පසුගිය 2024 ජනවාරි මාසයේ සිට 2025 ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් 31ක් වසා දැමීමට කටයුතු කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා සමග ගිවිසුම් තුනකට හෙට (09) දිනයේදී අත්සන් තැබෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කිසිදු ආණ්ඩුවකට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විනාශ කිරීමට නොහැකි වූ බවත්, එම පක්ෂය විනාශ කරනු ලැබුවේ අද එහි නායකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් විසින්ම බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණි තිබේ.
උතුරු කොරියාව සහ රුසියාව සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද පළමු පාලම විවෘත කර තිබේ.
වයඹ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නීතිඥ ආචාර්ය අජිත් රෝහණ පොලිස් දෙපාර්තමේන්තුවෙන් අද (08) විශ්‍රාම ගනු ලැබීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (09) දිනයේ එක් දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සංවිධානය කිරීමට පියවර ගත් අනුරාධපුර රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඔහු හදිසියේම අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.