රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ - නීතිඥ මනෝජ් ගමගේ
ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත (19) පැවැත්වීමට නියමිත විජයග්‍රහණ දින සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා මෙතෙක් කිසිදු නිල ආරාධනයක් ලැබී නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, තිස්වසරක කුරිරු යුද්ධය නිමා කිරීම සඳහා සුවිශේෂී නායකත්වයක් ලබා දුන් හිටපු ජනාධිපතිවරයා මෙම රාජ්‍ය උත්සවයෙන් බැහැර කිරීමට ගෙන ඇති තීරණය ගැටලුසහගත බවයි. මෙම සැමරුම් උත්සවයට සහභාගි වන ලෙස හිටපු ජනාධිපතිවරයා වෙත මෙතෙක් නිල වශයෙන් දැනුම් දීමක් හෝ ආරාධනා කිරීමක් සිදු කර නොමැති බවද ඔහු අවධාරණය කළේයහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනටමත් ආරාධනා කර ඇති බවට අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා විසින් සිදු කරන ලදැයි කියන ප්‍රකාශයද නීතිඥ මනෝජ් ගමගේ මහතා මෙහිදී ප්‍රතික්ෂේප කළේය.
"ජාතික ජන බලවේග රජය විසින් සංවිධානය කරනු ලබන විජයග්‍රහණ දින සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා හිටපු ජනාධිපතිවරයා වෙත මේ දක්වා කිසිදු ආකාරයක ආරාධනයක් ලැබී නැහැ. ඒ නිසා ජනතාව නොමඟ යවන ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින්නැයි මම අදාළ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා." යැයි ගමගේ මහතා සඳහන් කළේය.
පසුගිය වසරවලදී මෙවැනි රාජ්‍ය උත්සව සඳහා නිල ආරාධනා පත්‍ර ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හරහා විධිමත්ව යොමු කෙරුණු බවද ඔහු පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..