IMF ඊළග වාරිකය ගන්න ඉන්ධන මිල සංශෝධනයක්?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මීළඟ ණය වාරික දෙක ලබා ගැනීමට පෙර, මෙරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීම කෙරෙහි ඉහළ පෙළේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා ප්‍රකාරව, භාණ්ඩ හා සේවා සැපයීමේදී ශ්‍රී ලංකා රජය විසින් පිරිවැය නොපියවෙන පරිදි සහනාධාර මත ඒවා අලෙවි නොකළ යුතුය.
ඒ වෙනුවට සැබෑ පිරිවැය නිරූපණය වන පරිදි මිල නියම කළ යුතු බවට එම ගිවිසුම්වල අවධාරණය කර ඇත.
මේ පිළිබඳව මෑතකදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ප්‍රකාශ කළේ ඩීසල් ලීටරයක සැබෑ මිල මේ වන විට රුපියල් 720ක් පමණ වුවද, ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට එය ලබා දෙන්නේ ඊට වඩා බෙහෙවින් අඩු මිලකට බවයි. එහිදී රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් සියයකට ආසන්න සහනාධාරයක් දරන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
කෙසේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හා එකඟතාවලට අනුව භාණ්ඩවල මිල නියම කිරීමේදී සැබෑ පිරිවැය නිරූපණය විය යුතුව තිබේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එළැඹෙන 27 වැනිදා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ණය වාරික සමාලෝචන රැස්වීමට ප්‍රථම, මෙම ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..