මහජන බැංකුවේ විනිමය අනුපාත දෝෂයකින් මිලියන 656ක් වැඩිපුර ගෙවලා.. නැවත අයකර ගැනීම අරඹයි..
විදේශ මුදල් හුවමාරු ප්‍රේෂණ පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් පිරිසකට නියමිත ප්‍රමාණයට වඩා ඉහළ මුදලක් ගෙවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහජන බැංකුව (People's Bank) නිල මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ.
අදාළ නිවේදනයට අනුව, මෙම දෝෂය සිදුව ඇත්තේ 2023 මැයි මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා වූ කාලය තුළයි.
එම කාලසීමාවේදී එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදී සිදු වූ දෝෂයක් නිසා ඇතැම් ගනුදෙනුකරුවන්ට ලැබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ලැබී ඇති බව බැංකුව මෑතකදී හඳුනාගෙන ඇත.
මේ වන විට එම දෝෂය සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීමට බැංකුව කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්.
මෙම සිදුවීම හඳුනාගත් වහාම බැංකුව අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු නියාමන හා අධීක්ෂණ අධිකාරීන්ගේ උපදෙස් මත මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවයි මහජන බැංකුව සඳහන් කරන්නේ.
මෙම දෝෂය හේතුවෙන් සිදු වූ ඇස්තමේන්තුගත මූල්‍යමය බලපෑම ආසන්න වශයෙන් රුපියල් මිලියන 656ක් වන බවත් මහජන බැංකුව පවසයි.
කෙසේ වෙතත්, එම මුදල දැනටමත් අදාළ කාලසීමාව තුළ ප්‍රකාශයට පත් කර ඇති ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් කර ඇති බැවින්, වත්මන් ගණන් බැලීම් අනුව මින් ඉදිරියට කිසිදු මූල්‍යමය බලපෑමක් අපේක්ෂා නොකරන බව බැංකුව අවධාරණය කරයි.
එමෙන්ම, මේ හා සම්බන්ධ ගනුදෙනුවලට අදාළ ගනුදෙනුකරුවන්ගෙන් එම වැඩිපුර ගෙවූ මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් සාර්ථකව සිදුකෙරෙමින් පවතින බවත් බැංකුව එම නිවේදනය මගින් සඳහන් කරයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..