ඩිරාම් 974,000ක මුදලක් වැරදි ගිණුමකට ගෙවීම ගැන ශ්‍රීලංකන් කරුණු කියයි..
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ආයතනයකට සිදුකළ මුදල් ගෙවීම සහ සමාගමේ චෙන්නායි කාර්යාලයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පළවන වාර්තාවන් ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගම කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
නිවේදනයක් නිතුත්කරමින් එම සමාගම අද (16) දන්වා සිටියේ, ඩුබායි හි පිහිටි සේවා සපයන ආයතනයක නිල ඊමේල් (Email) ගිණුම තෙවන පාර්ශවයක් විසින් වෙනස් කර ඇති බවය.
ඒ හේතුවෙන් එම වංචනික ඊමේල් පණිවිඩ මඟින් ලබාදුන් බැංකු ගිණුම් තොරතුරු මත, තම සමාගම ඩිරාම් 974,000ක මුදලක් එම වැරදි ගිණුමකට ගෙවූ බව එහි දැක්වේ.
කෙසේ නමුත් මෙම වංචාව හඳුනාගත් වහාම එම ගිණුමට තවදුරටත් මුදල් ප්‍රේෂණය කිරීම අත්හිටුවීමට පියවර ගෙන ඇත.
මේ පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ට සහ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද (CID) පැමිණිලි කර තිබේ.
මෙම ගෙවීම සිදුකර ඇත්තේ නිල අත්සන් සහිතව, නිවැරදි සන්නිවේදන ක්‍රමවේද ඔස්සේ ලැබුණු උපදෙස් මත බවත් සේවා සපයන්නාගේ විද්‍යුත් තැපැල් පද්ධතිය අවභාවිත වීම ශ්‍රීලංකන් සමාගමේ පාලනයෙන් බැහැරව සිදුවූවක් බවත් එහි දැක්වේ.
ඒ හේතුවෙන් ඔවුන්ට මුදල් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම කිසිදු වගකීමක් බාර නොගන්නා අදාළ නිවේදනයේ සඳහන්ය.
එමෙන්ම තම චෙන්නායි කාර්යාලයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාව ගැනද මෙම නිවේදනයෙන් පැහැදිලි කිරීමක් සිදුකළ ශ්‍රීලන්කන් ගුවන් සමාගම දන්වා සිටියේ, එහි මුදල් අංශයේ සේවයකළ ඉන්දීය සේවකයින් පිරිසක් අදාළ වංචාව සිදුකර ඇත බවය.
ඔවුන් විසින් ව්‍යාපාරික ඉන්වොයිස් අත්සන් සහ ගෙවීම් තොරතුරු ව්‍යාජ ලෙස වෙනස් කර කාලයක් තිස්සේ ඉන්දීය රුපියල් මිලියන 22ක මුදලක් අවභාවිත කර ඇති බවට අනාවරණය කරගත් බව මෙහි දැක්වේ.
සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකදීද සැකකටයුතු ගනුදෙනු කිහිපයක්ම හඳුනාගැනීමට හැකිවූ බවත්, විමර්ශන ආරම්භ කිරීමෙන් පසු අදාළ සේවකයින් සේවයට වාර්තා කිරීම මේ වනවිට මඟ හැර ඇති බවත් නිවේදනයේ සඳහන්ය.
ඒ අනුව මේ පිළිබඳව වහාම ඉන්දීය නීති බලාත්මක කිරීමේ බලධාරීන්ට දැනුම් දුන් බවත්, සිදුවූ මූල්‍ය අලාභය අයකර ගැනීමට සහ නීතිමය පියවර ගැනීමට කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..