අත්‍යවශ්‍යම අයට වැඩි මිලක් ගෙවා වාහනයක් ගෙන්වා ගන්න පුලුවන්.. අනෙක් අය මාස තුනක් පහුකරන්න.. - සියයට 50 වාහන ආනයනය අධිභාරය ගැන මුදල් නි. ඇමති කියන කතාව
පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමේදී පනවා ඇති බදු සංශෝධනය හරහා රජය බලාපොරොත්තු වන්නේ වාහන මිල ඉහළ දැමීම නොව, අත්‍යවශ්‍ය නොවන ආනයන මාස කිහිපයකට පමා කරන ලෙස ජනතාවට පණිවිඩයක් ලබා දීම බව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රටේ පවතින විදේශ සංචිත ක්‍රමිකව ගොඩනගා ගනිමින් ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට උත්සාහ කරන අවස්ථාවක, වාහන ආනයනය සඳහා පවතින ඉල්ලුම පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
වාහන මිල 150% කින් පමණ ඉහළ යන බවට සමාජය තුළ පැතිර යන මතය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, සිදුව ඇත්තේ පවතින 130% ක තීරු බද්ද මත 50% ක අධිභාරයක් (Surcharge) පැනවීම බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව සැබෑ බදු වැඩිවීම 11.5% ක් වැනි ප්‍රමාණයකි.
අත්‍යවශ්‍යම පුද්ගලයෙකුට වැඩි මිලක් ගෙවා හෝ වාහනයක් ගෙන්වා ගැනීමට ඇති අවස්ථාව අහුරා නොමැති වුවද, අනෙක් පිරිස්වලට මෙය මාස තුනක කාලයකට පමා කරන ලෙස රජය මෙයින් යෝජනා කරයි.
මෙම බදු සංශෝධනය යතුරුපැදි, ත්‍රිරෝද රථ හෝ ව්‍යාපාරික කටයුතු සඳහා යොදාගන්නා වාහන සඳහා අදාළ නොවන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
එමෙන්ම, පසුගිය 15 වනදාට පෙර විවෘත කරන ලද ණයවර ලිපි (LC) මත ගෙන්වන වාහන සඳහා පැරණි බදු අනුපාතයන්ම අදාළ වන බැවින් වෙළඳපළේ පවතින වාහන මිල ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
ලෝක දේශපාලන තත්ත්වයන් සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ආර්ථිකය කළමනාකරණය කරගැනීමට මෙවැනි ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට රජයට සිදුව ඇත.
අනවශ්‍ය කලබලකාරීත්වයක් ඇති කරගනිමින් වාහන ආනයනය සඳහා ඩොලර් වැය කිරීම වෙනුවට, ඉදිරි මාස තුන ඇතුළත ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරගැනීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..