බදු සංශෝධනයෙන් වාහන මිල ඉහළ යන හැටි මෙන්න.. - වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් අනාවරණයක්
රජය විසින් අලුතින් පනවන ලද බදු සංශෝධන හේතුවෙන් ඉදිරියේදී මෙරට වෙළඳපොළේ වාහන මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
විශේෂයෙන්ම දැනට රුපියල් මිලියන 10ක (ලක්ෂ 100ක) පමණ මිලකට අලෙවි වන වාහනයක මිල, මෙම නව බදු ක්‍රමයත් සමඟ තවත් රුපියල් ලක්ෂ 15ත් 20ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව එම සංගමයේ උපසභාපති අරෝෂ් රොද්‍රිකෝ මහතා පෙන්වා දෙයි.
අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනක කාලයක් සඳහා මෙම නව බදු ප්‍රතිපත්තිය බලාත්මක වේ.
ඒ අනුව, වාහන ආනයනයේදී පවතින රේගු බද්ධ මත 50% ක අධිභාරයක් (Surcharge) පැනවීමට රජය තීරණය කර ඇත.
උදාහරණයක් ලෙස, යම් වාහනයක රේගු බද්ධ රුපියල් ලක්ෂ 30ක් ලෙස පැවතියේ නම්, නව අධිභාරයත් සමඟ වාහනයක මිල රුපියල් ලක්ෂ 15කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන් පවසයි.
මෙම නව බදු පැනවීම පොදු ප්‍රවාහන වාහන, පෞද්ගලික පරිහරණය සඳහා වන වාහන මෙන්ම භාණ්ඩ ප්‍රවාහන වාහන කාණ්ඩ කිහිපයක් සඳහාම බලපාන බව මූලාශ්‍ර සඳහන් කරයි.
කෙසේ වෙතත්, ඊයේ දිනට පෙර වාහන ආනයනය සඳහා ණයවර ලිපි (LC) නිකුත් කර තිබූ වාහන සඳහා මෙම නව බදු සංශෝධනය අදාළ නොවන බව රොද්‍රිකෝ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වාහන මිල ඉහළ යාමට මෙම නව බද්ද පමණක් නොව, ඇමරිකානු ඩොලරය, ජපන් යෙන් සහ ස්ටර්ලින් පවුම වැනි විදේශ විනිමය අනුපාතයන් ශීඝ්‍රයෙන් ඉහළ යාම, පසුගිය මැයි මාසයේදී පනවන ලද 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL)වැනි කරුණුද මෙම තත්වයට බලපා ඇති බව ආනයනකරුවන් පෙන්වා දෙයි:
මෙම සියලු කරුණු හේතුවෙන් වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට දරාගත නොහැකි අධික මිලක් ගෙවීමට සිදුවන බවත්, මෙය කිසිසේත්ම අපේක්ෂා නොකළ තත්ත්වයක් බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කරයි
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතාට අනුව, රජය විසින් පනවා ඇති බද්ධ හේතුවෙන් විවිධ වාහන මාදිලිවල මිල ගණන් දළ වශයෙන් මෙසේ ඉහළ යනු ඇත:
- වැගන් ආර් (Wagon R): රුපියල් ලක්ෂ 7ක් සහ 8ක් අතර ප්‍රමාණයකින්
- වෙසල් (Vezel): රුපියල් ලක්ෂ 17ක් හෝ 18ක් පමණ ප්‍රමාණයකින් (සමහර විට එය ලක්ෂ 20ක් දක්වා වුවද ඉහළ යා හැකිය)
- යාරිස් ක්‍රොස් (Yaris Cross): රුපියල් ලක්ෂ 14ක් සහ 15ක් අතර ප්‍රමාණයකින්
- රේස් හයිබ්‍රිඩ් (Raize Hybrid): රුපියල් ලක්ෂ 13ක පමණ ප්‍රමාණයකින්
- ප්‍රාඩෝ (Prado): රුපියල් ලක්ෂ 35ක් සහ 40ක් අතර ඉහළ අගයකින්
නමුත් විනිමය අනුපාත වෙනස්වීම මත තව දුරටත් මෙම මිල ගණන් වෙනස් විය හැකි යයිද ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..