ඩොලරය වැඩිවීම හා බද්ද නිසා වාහන මිල විශාල ලෙස ඉහළයාමේ අවදානමක්..
වාහන මත පනවා ඇති නව බදු සංශෝධන සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් ඉදිරියේදී මෙරට වාහන මිල විශාල ලෙස ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන් අනතුරු අඟවයි.
පවතින තත්ත්වය මත වාහනයක් ආනයනය කිරීමේ පිරිවැය 110% කින් පමණ ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කරයි.
මූලාශ්‍ර වලට අනුව, මෑතකදී රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 300 සිට 330 දක්වා පමණ ඉහළ යාම සහ නව බදු ගණනය කිරීම්වල වෙනස්කම් මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතු වී තිබේ.
මේ හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ වෙළඳපොළට එන වාහනවල මිල ගණන් පහත පරිදි ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙයි.
- Honda Vezel: මිල රුපියල් ලක්ෂ 12කින් පමණ ඉහළ යනු ඇත.
- Toyota Raize: රුපියල් ලක්ෂ 7ත් 10ත් අතර ප්‍රමාණයකින් මිල ඉහළ යාමට නියමිතය.
- Toyota Yaris: මිල රුපියල් ලක්ෂ 4ත් 5ත් අතර අගයකින් වැඩි වනු ඇත.
- Land Cruiser Jeep: බදු මුදල පමණක් ලක්ෂ 18කින් වැඩි වන අතර, මුළු මිල රුපියල් ලක්ෂ 30කින් පමණ ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ.
- Toyota Prado 250: රුපියල් ලක්ෂ 600ක්ව පැවති මිල රුපියල් ලක්ෂ 635 - 640 දක්වා ඉහළ යාමට නියමිතය.
මෙම තත්ත්වය හමුවේ අලුතින් වාහනයක් ආනයනය කිරීමට වඩා දැනට වෙළඳපොළේ පවතින වාහනයක් මිලදී ගැනීම පාරිභෝගිකයාට වාසිදායක වන බවයි මෙරෙන්චිගේ මහතා පවසන්නේ.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම, ගෝලීය යුදමය වාතාවරණය සහ විදේශ ප්‍රේෂණ ලැබීම සීමා වීම වැනි කරුණු ද මෙම ආර්ථික පීඩනයට බලපා ඇති බව පෙන්වා දෙන ඔහු, ඉදිරි සති දෙක තුන තුළ වාහන මිල තවදුරටත් ඉහළ යා හැකි බව අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..