යුක්තිය පසඳලීම ප්‍රමාද කිරීමට කටයුතු කරන්නේ කවුද?
උපරිමාධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම පිළිබඳව නීති ක්ෂේත්‍රය තුළ කනස්සල්ල මතු වී ඇති අතර, දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මාස කිහිපයක් තිස්සේ පුරවා නොමැති පුරප්පාඩු අටක් පවතින බව වාර්තාවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපේක්ෂා කරන අධිකරණ පත්වීම් ක්‍රියාවලියට පුරප්පාඩු පැවතීම බාධා කර ඇති බවත්, රටේ අධිකරණ පද්ධතියේ සුමට ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ නියතු වූවන් අතර කනස්සල්ල මතු කර ඇති බවත් පැවසේ.
මේ අතර හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විශ්‍රාම ගැනීමෙන් පසු අධිකරණ සේවා කොමිෂන් සභාවේ තනතුරක් ද පුරප්පාඩු වී ඇති බවද පැවසේ. පූර්ණ බලැති අධිකරණ සේවා කොමිසමක් නොමැතිකම හේතුවෙන් පහළ අධිකරණය අධීක්ෂණය කිරීම සඳහා වගකිව යුතු ආයතනයේ ඵලදායී ක්‍රියාකාරිත්වයට බාධාවක් වන බවද ඇතැම් නීති වෘත්තිකයන් අනතුරු අඟවා තිබෙන බවද පැවසේ.
නම සඳහන් කිරීමට අකමැති වූ නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් මාධ්‍ය වෙත අදහස් දක්වමින්,අධිකරණ සේවා කොමිසම සඳහා නව සාමාජිකයෙකු පත් කිරීමට අපොහොසත් වීමත් සමඟ, ඉහළ අධිකරණවලට පත්වීම් ප්‍රමාදය අධිකරණ ස්වාධීනත්වයට අහිතකර ලෙස බලපානු ඇති බවත්, නඩු ගොඩගැසීම වැඩි කළ හැකි බවත් සහ අධිකරණයේ කාර්යක්ෂමතාව අඩපණ කළ හැකි බවටත් කනස්සල්ල පළ කර සිටියහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානවලට අනුකූලව ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීමට වහාම පියවර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කළ යුතු බවද ඔවුහු පවසා සිටියහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) වගන්තියට අනුව, අගවිනිසුරුවරයා, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ අනෙකුත් සෑම විනිසුරුවරයෙකුම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අතර, එම පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව සිදු කළ යුතුය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි