මිග් යානා නඩුව සැප්තැම්බර් 2 දක්වා කල් තැබෙයි.. උදයංග වීරතුංගට විදෙස්ගත වීමට අවසර..
ප්‍රශ්නගත මිග් යානා 8ක් මිලදී ගැනීමෙන් රජයට පාඩුවක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව, එහි වැඩිදුර වාර්තා සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් මස 2 වැනිදා තෙක් කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (13) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර සිටින හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග අද (13) නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, අදාළ නඩුව සම්බන්ධයෙන් මේ වන විට නීතිපතිවරයා සමඟ සාකච්ඡා වට තුනක් පවත්වා ඇති බවයි.
සැකකාර උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ, තම සේවාදායකයා විදේශ සංචාර මෙහෙයවමින් මෙරටට විදේශ විනිමය රැගෙන ඒමට කටයුතු කරන අයකු බවයි.
මින් පෙරද අවස්ථා කිහිපයකදී අධිකරණ අවසරය මත ඔහු විදේශගත වී ඇති බව පෙන්වා දුන් නීතිඥවරයා, ඒ අනුව තාවකාලිකව විදේශගත වීම සඳහා තම සේවාදායකයාට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුට ලබන සැප්තැම්බර් 02 වැනිදා දක්වා විදේශගත වීමට අවසර ලබා දෙමින් විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්