කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අධිකරණයට දුන් ප්‍රකාශය..
ඇප ලබා පැමිණි කපිල චන්ද්‍රෙස්න මහතා ඇපකරුවන්ගේ ප්‍රශ්නයක් හේතුවෙන් යළි සිරගත වීමට සිදුවතිබීම සම්බන්ධයෙන් දැඩි අකමැත්තකින් පසුවූ බව ඔහුගේ ඥාති සොහොයුරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේය.
ඒ මියගිය කපිල චන්ද්‍රෙස්න මහතාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින්ය.
සැකකටයුතු ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසය අද මුල්වරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
එහිදි එම කොට්ඨාසයේ නිලධාරීන් කියාසිටියේ මේ වනවිට ප්‍රශ්නගත මරණය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බවය.
ඒ අනුව කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තාවක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමිණුම් දෙකක්ද විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළේය.
එසේම අපරාධ ස්ථානයේ සිදුකළ විමර්ශනයට අදාළව තම භාරයට ගත් ඖෂධ වර්ග කිහිපයක්, මරණකරුගේ රුධිර සාම්පල දෙකක් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන බව විමර්ශන නිලධාරීන් කියා සිටියේය.
මෙහිදී මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රශ්න කළේ මරණකරුගේ ගෙලබැදි පටිය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කළේද යන්නයි.
ඊට පිළිතුරු දුන් විමර්ශන නිලධාරීන් කියා සිටියේ එයද නඩු භාණ්ඩයක් ලෙස නම්කර අද දින රජයේ රස පරික්ෂකවරයාට යොමු කිරීමට නියමිත බවය.
එහිදී මහේස්ත්‍රාත්වරයා පෙරළා ප්‍රශ්න කළේ මරණකරු එල්ලුණේ යැයි සැකකෙරෙන දොරෙහි ඉහළ පෘෂ්ඨයේ පළුදුවීමක් තිබුණේද යන්නයි.
ඊට පිළිතුරු දුන් විමර්ශන නිලධාරීන් කියා සිටියේ එවැනි පළුදුවීමක් දක්නට නොලැබුණු අතර එම පෘෂ්ඨය පරික්ෂා කිරීමේදී කෙදි සාම්පල කිහිපයක් ලබාගත් බවයි.
මරණකරුගේ IPhone 16 Pro Max වර්ගයේ දුරකථනය අධි ආරක්ෂිත දුරකථනයක් බැවින් මෙතෙක් එය විවෘත කරගැනීමට නොහැකි වූ බවද විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.
එහි ඇත්තේ මුහුණු ප්‍රවේශ ආරක්ෂිත ක්‍රමවේදයක් බවත්, මරණකරුගේ මෘත ශරීරයේ මුහුණට ලංකර එය විවෘත කිරීමට උත්සාහ කළද එය ආසාර්ථක වූ බවද විමර්ශන නිලධාරීන් කියාසිටියේය.
එබැවින් අදාළ දුරකථනය එහි මව් සමාගමට හෝ සුදුසු ආයතනයකට යොමුකර විවෘත කරවාගැනීමේ නියෝගයක් ලබාදෙන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අදාළව පළමුව සාක්ෂි ලබාදුන්නේ කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලි විජේනායකගේ වැඩිමහල් සොහොයුරිය වන ප්‍රියංගි අනුෂ්කා විජේනායකයි.
"ස්වාමිනි, මගේ සොහොයුරියයි, ඇගේ ස්වාමිපුරුෂයායි වෙන්වෙලා හිටියේ. නංගි ගිය අවුරුද්දේ අන්තිම කාලයේ වගේ ඉදලා දරුවන් දෙදෙනා එක්ක ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. කපිල අපේ නිවසට නිතරම යන එන කෙනෙක් නෙමෙයි. අවුරුදු 10ක වගේ කාලයක් තුළ 04 පාරක් වගේ අපේ නිවසට ඇවිල්ලා තියෙනවා. මට මතක විදිහට 2026 මැයි 06 බදාදා කපිල ඇප ලබාගෙන කෙළින්ම අපේ ගෙදරට ආවා. මට 'හලෝ අනුෂ්කා' කිව්වා. මම කාලද කියලා අහපුවාම නැහැ කිව්ව නිසා මම ආහාර ලබාදුන්නා. වෝටර් මෙලන් ජූස් 02ක්, වතුර වීදුරුවක් දුන්නාට පස්සේ ලම්ප් රයිස් බත් පැකට් එකක් කන්න දුන්නා. පස්සේ කිරී කෝපි එකකුත් හදලා දුන්නා. ඊට පස්සේ ගෙදර ගියා. පස්සේ ඊළඟ දවසේ සවස 04ට විතර කාර් එකෙන් ආයෙත් අපේ ගෙදරට ආවා. එයාගේ කාර් එකේ යතුර දුන්නා මට රියදුරුට කියලා ඒක එයාගේ ගෙදරට ගිහින් දාන්න කියලා. අරවින්ද ඒ වෙලාවේ ගෙදර හිටියේ නැහැ. පස්සේ එයත් ගෙදර ආවා. පස්සේ අරවින්දයි, මමයි ඇප තියන්න ආපු කිහිපදෙනත් එක්ක Lawyer හම්බෙන්න ගියා. අපි යද්දි කපිල අපේ ගෙදර පළවෙනි තට්ටුවේ පුටුවක හිටියේ. රෑ 10ට විතර අපි ආයෙත් ගෙදර ආපුවාම කපිල උඩ තට්ටුවේ ඉදලා පල්ලෙහාට බැස්සා. කපිල රෑට කෑවේ නැහැ. රාත්‍රී 11ට විතර මම පුතාත් එක්ක නිදාගන්න යන්න හදනකොට අරවින්ද මට කිව්වා කපිලට ඉන්න කාමරයක් ලෑස්ති කරලා දෙන්න කියලා. මම ගෙදර වැඩ කරන කෙනෙක්ට කියලා පළමු මහලේ ලොකු පුතාගේ කාමරය ලෑස්ති කරලා දුන්නා. පසුදින උදෑසන 7ට විතර මහත්තයා කිව්වා Lawyer ඇවිල්ලා ඉන්නේ තේ එකක් හදලා දෙන්න කියලා. මහත්තයා කපිලට කෝල් කරාට එයා Answer කරලා තිබුණේ නැහැ. පස්සේ දොරට තට්ටු කළාටත් ප්‍රතිචාරයක් තිබිලා නැහැ. පස්සේ ප්‍රියන්ත කියන Lawyer එක්ක මම උඩට ගිහින් දොර විවෘත කරන්න හැදුවා. නොඇරුණ නිසා ගෙදර වෙන තැනක තිබුණ Master Key එක අරගෙන දොර ඇරියා. මම Lock එක ඇරියාට ඉස්සෙල්ලාම ඇතුළට ගියේ Lawyer. මම එක අඩියයි දොරෙන් ඇතුළට තිබ්බේ. ඇඳේ කවුරුත් හිටියේ නැහැ. කාමරේ තිබුණ පුටුව බාත් රූම් එක පැත්තට හරවලා තිබුණා. Lawyer කිව්වා අපි එළියට යමු කියලා."
අනතුරුව මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂි ලබාදුන්නේ මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සහෝදරියගේ සැමියා වූ අරවින්ද ද සිල්වා මහතායි.
"ඇප ලැබුණ දවසේ කපිල මට කතා කරලා කිව්වා 'ලෝයර්ට කතා කරලා ඇප තියන්න මුදල් ලෑස්ති කරන්න' කියලා. ඒ වගේම 'එක් ඇපකරුවෙක් ඉන්නවා,තව දෙන්නෙක් අවශ්‍යයි' කියලා. කොහොමහරි 'ඉදිරිපත්කරපු ඇපකරුවන් දෙදෙනාට ග්‍රාමසේවා සහතික නැහැ' කිව්වාට පස්සේ මම මට සමීප කපිලවත් දන්න තවත් ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කරලා පසුදිනයේ ඇප ගත්තා. 07 වැනිදා උදේ කපිල මට Call කරලා 'බොහෝම ස්තූතියි,කවුරුත් නැති වේලාවක ඕගොල්ලෝ විතරයි හිටියේ' කිව්වා. පස්සේ මට දෙතුන් දෙනෙක් Msg දාලා තිබ්බා කපිලට ආයෙත් ප්‍රශ්නයක් කියලා. මම ආයෙත් කපිලට Call කරපුවාම කිව්වා 'ආයෙත් උසාවි කේස් එකක්' කියලා. මම කිව්වා 'අපේ ගෙදරට එන්න, ඇවිල්ලා Lawyer Mr. රියෙන්සි එක්ක කතා කරලා මොකක්ද කරන්න පුළුවන් බලමු' කියලා. පස්සේ හවස අපි Lawyer ට කතා කරපුවාම ඔක්කෝම විස්තරය දැනගන්න ඕන නිසා 'කපිලව ගෙදර තියලා ඇවිල්ලා හම්බෙන්න' කිව්වා. අපි කපිලව අපේ ගෙදර තියලා Lawyerව හම්බෙන්න ගියා. ඒ වෙද්දි කපිලව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් වෙලයි තිබුණේ. Mr. රියෙන්සි කිව්වා 'ඊළඟ දිනයේ කපිලව අධිකරණයට ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ප්‍රියන්ත කියලා Lawyer කෙනෙක්ව උදේට ගෙදරට එවන්නම්' කියලා Number එක දුන්නා. මම ගෙදර ඇවිල්ලා lawyer ප්‍රියන්තට Call කළා. එයා කිව්වා 'උදේ කපිලව එක්කගෙන යන්න එනවා. ඒ නිසා ගෙදර නොයා එයාට අපේ ගෙදරම ඉන්න කියන්න' කියලා. ඊට පස්සේ කපිල මගේ ඉස්සරහාම එයාගේ ගෙදර වැඩකරන කෙනාට Call කළා. 'බෙහෙත් වගයකුයි ඇඳුම් වගයකුයි ගෙන්නගන්න ඕනේ' කිව්වා. තව 'ජිම් මැට් එකක් තියෙනවා, ඒකත් එවන්න' කිව්වා. 'මම ඇහුවා කොහෙද මචං මේ වෙලාවේ ජිම් යන්න හදන්නේ?' කියලා. එයා කිව්වා 'නැහැ ඇඳුම් එල්ලගන්න ඕනේ' කියලා. මම මගේ Driver ට කපිලගේ ගෙදරට ගිහින් ඒ ටික අරන් එන්න කිව්වා. මගේ Driver බඩු ටික ගෙනල්ලා මේසේ උඩ තිබ්බා. පස්සේ අපි දෙන්නා ටිකක් කතා කරකර හිටියා එතකොට කපිල කිව්වා 'මම එළියට ඇවිල්ලා දවසයි, ආයෙත් මෙයාලා මාව ඇතුළට දාන්න හදනවා' කියලා. ඇතුළට යන්න විශාල අකමැත්තක් ඔහුගෙන් මට තේරුණා. මම කිව්වා 'වොරි වෙන්න එපා, අපි මේක ශෝට්අවුට් කරගමු' කියලා. පස්සේ මම උඩට ගිහිල්ලා එයාට කාමරය පෙන්නුවා. AC එකත් දාලා මම කිව්වා 'දැන් හොඳට රිලැක්ස් එකේ නිදාගන්න. අපි හෙට මේකට මුහුණ දෙමු' කියලා. ඔය ඔක්කෝම වෙලා ඉවරවෙද්දි රෑ 12.30ට වගේ ඇති. උදේ 7යි ගාණකට Lawyer ගෙදරට ඇවිල්ලා Call කරද්දි මම ඇහැරුණා. කපිලට දෙපාරක් Call කළාට Answer කළේ නැහැ. කාමරයට ගිහින් දොරට තට්ටු කළා, එහා පැත්තේ කාමරයෙන් ගිහින් බාත් රූම් එක පැත්තෙනුත් තට්ටු කළා. එත් ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. පස්සේ මම පහළට ඇවිල්ලා Lawyer ට කිව්වා 'කපිල ලෑස්තිවෙනවා ඇති' කියලා. Wife ට කිව්වා 'කපිලව ඇහැරවලා ඉක්මනට Lawyer එක්ක යවන්න' කියලා. පස්සේ කපිලගෙන් ප්‍රතිචාරයක් නැති නිසා Wife සහ Lawyer Mastee Key එකෙන් දොර ඇරලා බලද්දි තමයි මේක දැකලා තියෙන්නේ".
මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 14 වනදා යළි පැවැත්වීමට නියමිතයි.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..