'මිත්‍රශීලී නොවන රටවල්' වෙත රුසියාවෙන් අලුත් අවුරුදු සුබ පැතුම් නැත - ක්‍රෙම්ලිනය
මොස්කව් පරිපාලන්ය “මිත්‍රශීලී නැතැයි” සලකන ජාතීන්ගේ නායකයින්ට මේ වසරේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සම්ප්‍රදායික අලුත් අවුරුදු සහ නත්තල් සුබ පැතුම් එවන්නේ නැති බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සෙනසුරාදා TASS පුවත් සේවය වෙත පසමින් අවධාරණය කර සිටියේ රුසියාවේ මිතුරන්ට සහ සංධානගත රාජ්‍ය වල නායකයන්ට පමණක් අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩ රුසියාවෙන් ලැබෙනු ඇති බවයි.
රුසියානු නායකයා සම්ප්‍රදායිකව දෙසැම්බර් මාසයේදී වත්මන් සහ හිටපු විදේශ නායකයින්ට නිල සුභ පැතුම් පණිවිඩ යවනු ලබන නමුදු මොස්කව් පරිපාලනය වොෂින්ටනය සහ එහි සහචරයින් සමඟ අත්විඳිමින් සිටින පෙර නොවූ විරූ ආතතීන් සැලකිල්ලට ගෙන ඇති බැවින් මෙවර රුසියානු සුභ පැතුම් ලබන්නන්ගේ ලැයිස්තුව තරමක් කෙටි වී ඇත.
“පුටින් මිත්‍රශීලී නොවන අයට ඔහුගේ සුබ පැතුම් එවන්නේ නැහැ,” පෙස්කොව් පැවසුවේ, මේ වසරේ පණිවිඩ ලැබෙන්නේ කුමන විදේශීය නායකයින්ටදැයි මාධ්‍යවේදියෙකු විමසූ විටය. ලැයිස්තුවේ හරියටම සිටින්නේ කවුරුන්ද යන්න විස්තර නොකර “මිත්‍රශීලී අයට” සුබ පැතුම් ලැබෙනු ඇතැයි ඔහු පැවසීය.
පසුගිය වසරේ, ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද සුභ පැතුම් ලබන්නන්ගේ ලැයිස්තුවට හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් සහ සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් හැර කිසිදු බටහිර නායකයෙකු ඇතුළත් නොවීය. බෙල්ග්‍රේඩ් පරිපාලනය සාම්ප්‍රදායිකව මොස්කව් සමඟ සමීප සබඳතා පවත්වා ඇති අතර, රුසියාව සහ බොහෝ යුරෝපීය ජාතීන් අතර සබඳතා නොසන්සුන් වී ඇති මොස්කව් සහ කියෙව් අතර ගැටුම මධ්‍යයේ පවා එම සබඳතාව්ය රඳවා ගැනීමට සමත් විය.
කියෙව් වෙත ලැබෙන බටහිර මිලිටරි ආධාර සම්බන්ධයෙන් විවේචනය කිරීම සහ සාමය සඳහා කැඳවීම මෙන්ම මොස්කව්ට එරෙහිව බ්‍රසල්ස් පනවා ඇති සම්බාධකවල අකාර්යක්ෂමතාව නැවත නැවතත් පෙන්වා දීමේදී ඕර්බන් අනෙකුත් යුරෝපා සංගම් සාමාජිකත්වයෙන් බැහැර වීමට කටයුතු කළේය.
2022 වස්‍රේදී පවා රුසියානු රාජ්‍ය නායකයාගේ සුභපැතුම් විවිධ ජාත්‍යන්තර ආයතනවල ප්‍රධානීන්ට යවා නැත. ක්‍රෙම්ලිනය එකල එම තීරණයට හේතුවු කාරණා පිළිබඳව අදහස් දැක්වූයේ නැත. හිටපු ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ද රුසියානු ජනාධිපතිවරයාගෙන් අළුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩයක් ලැබීමට නියමිත හිටපු රාජ්‍ය නායකයින්ගේ සහ ආණ්ඩුවේ ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.
කියෙව් සහ ඩොන්බාස් සමූහාන්ඩු අතර එදිරිවාදිකම් අවසන් කිරීම සඳහා 2015 දී රුසියාව, ජර්මනිය සහ ප්‍රංශය විසින් මැදිහත් වූ මින්ස්ක් ගිවිසුම් රුසියාව සමඟ ගැටුමකට සූදානම් වීම සඳහා යුක්රේනය වැඩි කාලයක් මිලට ගැනීම ඉලක්ක කරගත් මූලෝපායික උපක්‍රමයක් පමණක් බව මර්කෙල් පසුගිය වසරේ පිළිගත්තේය. පුටින් එකල ප්‍රතිචාර දැක්වූයේ මර්කෙල්ගේ ප්‍රකාශයන් ගැන තමා "කලකිරුණු" බව පවසමිනි. https://www.rt.com/russia/589585-no-new-year-unfriendly-countries/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..