රට පුරා අයි.එස්.අයි.එස් ආධාරකරුවන් සිය ගණනක්.. - මහාචාර්ය රොහාන් ගුණරත්නගෙන් අනතුරු ඇඟවීමක්..
ශ්‍රී ලංකාවේ දැනටමත් අයි.එස්.අයි.එස් ආධාරකරුවන් සිය ගණනක් සිටින බව අන්තර්ජාතික ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි.
හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ 2016 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් තිස් දෙදෙනෙකු සිරියාව බලා ගොස් ඇති බව පාර්ලිමේන්තුවේදී පැවසූ විට නොමග ගොස් සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන් ඔහුට පහර දුන් බවට රොහාන් ගුණරත්න චෝදනා කරයි.
එවක පැවති තර්ජනය භූමිය තුළ වර්ධනය වූයේ අන්තවාදීකරණයට විසඳුම් සෙවීමට මුස්ලිම් නායකත්වයක් නොතිබූ නිසා යැයිද මහාචාර්යවරයා අවධාරණය කරයි.
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල ‘පාස්කු ප්‍රහාරයේ මහ මුලකරු සොයා යාම’ යනුවෙන් එළිදැක්වූ කෘතියේ පෙරවදනේ මේ බව ඔහු සඳහන් කර ඇත.
සිරියාව බලා ගිය මුස්ලිම්වරුන් තිස් දෙදෙනා ඉහළ අධ්‍යාපනයක් ලැබූ ප්‍රභූ පවුල්වල අය යැයිද එයින් පෙන්නුම් කළේ මුස්ලිම් අන්තවාදය තව දුරටත් සුළු තර්ජනයක් නොවන බව යැයිද රොහන් ගුණරත්න එහි සඳහන් කර ඇත.
අද වන විට සත්‍යය පිළිගැනීමට සහ අත්අඩංගුවේ පසුවන ත්‍රස්තවාදීන් හා අන්තවාදීන් පුනරුත්ථාපනය කිරීමට මෙන්ම දැනට මුස්ලිම් සමාජයේ සිදුවන අන්තවාදීකරණය වැළැක්වීමට තීරණාත්මක පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව බරපතළ ලෙස අපොහොසත් වී ඇතැයි ගුණරත්න චෝදනා කරයි.
මුස්ලිම් ප්‍රජා නායකයන් සමඟ එක්ව අන්තවාදීකරණය වැළැක්වීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් සකස් කිරීමට ආණ්ඩුව ක්‍රියා කර නැතැයි ද එබැවින් මෙම අන්තවාදී කරන චක්‍රය තවත් ප්‍රචණ්ඩකාරී රැල්ලකට මග පාදනු ඇතැයිද ඔහු පවසයි.
බලය අල්ලා ගැනීමට හා රැඳී සිටීමට කැමති දුෂ්ට දේශපාලකයන්ද නිසි පුහුණුවක් නැති දුර්වල නිලධාරීන්ද නැරඹුම් වැඩිකර ගැනීමට උත්සාහ කරන සදාචාර විරෝධී යූටියුබ්කරුවන්ද අයිඑස් අන්තවාදීන්ට සුදු හුණු ගෑමට උත්සාහ කරන මුස්ලිම් අන්තවාදීන් ද සත්‍ය විකෘති කරමින් සිටිතැයි මහාචාර්ය රොහාන් ගුණරත්න එහි වැඩිදුරටත් අවධාරණය කර ඇත.
- ගිම්හාන් ද සිල්වා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..