ඊශ්‍රායලයට ඇමරිකානු මුදල් අවශ්‍ය නැහැ- නෙතන්යාහු පවසයි
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉදිරි දශකය තුළ තම රට ඇමරිකානු මූල්‍ය ආධාරවලින් යැපීමෙන් විතැන් වීමට සැලසුම් කරන බව ප්‍රකාශ කර ඇති අතර, ඇමරිකානු ජනතාවගෙන් ඊශ්‍රායලයට ලැබෙන සහයෝගය අහිමි කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් වලට දොස් පැවරීමද කරනු ලැබීය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජනපද විදේශ ආධාර විශාල වශයෙන් ලබන රට ඊශ්‍රායලය වන අතර, 1948 සිට වොෂින්ටනයෙන් ඩොලර් බිලියන 300 කට වඩා ආර්ථික හා මිලිටරි ආධාර ඊශ්‍රායලය ලබාගෙන ඇත.
ඊශ්‍රායලය සහ අමෙරිකාව 2016 වර්ෂයේදී අත්සන් කරන ලද දස අවුරුදු ගිවිසුමක් යටතේ, එක්සත් ජනපදය 2028 දක්වා ඊශ්‍රායලයට ඩොලර් බිලියන 38 ක මිලිටරි ආධාර ලබා දුන් අතර, අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතිය සඳහා ඩොලර් බිලියන 5 ද එම ආධාර වලට ඇතුලතව තිබේ. සමස්තයක් වශයෙන්, ඇමරිකානු ආධාර ඊශ්‍රායලයේ මිලිටරි අයවැයෙන් දළ වශයෙන් 16% ක පංගුවකට දායක වේ.
ඉරිදා විකාශය වූ CBS හි 60 Minutes සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී, යුදෙව් රාජ්‍යය වොෂින්ටනය සමඟ එහි මූල්‍ය සම්බන්ධතාවය "නැවත පරීක්ෂා කර නැවත සකස් කිරීමට" කාලය පැමිණ තිබේදැයි නෙතන්යාහුගෙන් විමසූ විට
"නියත වශයෙන්ම" යනුවෙන් පැවසීය. "මම මේ සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ට පැවසූවා. මම එය අපේම ජනතාවටත් පැවසුවා. ඔවුන් පුදුමයට පත් වූවා." ඔහු පිළිතුරු දුන්නේය.
"අපට ඇති මිලිටරි සහයෝගීතාවයේ මූල්‍ය සංරචකය වන ඇමරිකානු මූල්‍ය සහයෝගය ශුන්‍ය කිරීමට මට අවශ්‍යයි," අගමැති නෙතන්යාහු පැවසීය. ක්‍රියාවලිය "දැන් ආරම්භ කර" "ඉදිරි වසර දහය තුළ" සම්පූර්ණ කළ යුතුයි ඔහු අවධාරණය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය තුළ ඊශ්‍රායලයට දක්වන සහයෝගය පහත වැටීම පිළිබඳව තමා හොඳින් දන්නා බව නෙතන්යාහු සඳහන් කළේය. මෑත කාලීන කළ මත විමසුමකින් පෙන්නුම් කළේ ඇමරිකානුවන් දස දෙනෙකුගෙන් හය දෙනෙකු ඊශ්‍රායලය කෙරෙහි ඉතා හෝ තරමක් අහිතකර දැක්මක් ඇති බවයි, එය පසුගිය වසරේ සිට සියයට හතකින් සහ 2022 ට සාපේක්ෂව සියයට 20 කට ආසන්න ප්‍රමාණයකින් එම තත්වය වැඩි වී ඇත.
ගාසා හි යුද්ධය "ඊශ්‍රායලය පිළිබඳ මෙම නිෂේධාත්මක හැඟීමට දායක වී ඇති" බවට ඇති මතය ඊශ්‍රායල අගමැතිවරයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර, මෙම තත්වයට සම්පූර්ණයෙන්ම පාහේ සමාජ මාධ්‍ය වගකිවයුතු බවට දොස් පැවරීය.
"ඊශ්‍රායලය ජන මාධ්‍ය තුල මෙන්ම ප්‍රචාරක ක්ෂේත්‍රය තුල වැටලීමට ලක්ව ඇති අතර, අපි ප්‍රචාරක යුද්ධයට හොඳින්මුහුණ දී නැහැ." ඔහු පැවසීය. “ඊශ්‍රායලය කෙරෙහි ඇමරිකානු අනුකම්පාව බිඳ දැමීම සඳහා ව්‍යාජ ලිපින සහිත බොට් තවාන් සමඟ සමාජ මාධ්‍ය හැසිරවූ රටවල් කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු අප සතුව තිබෙනවා.”
ඔක්තෝබර් 7 වන දින මාරාන්තික හමාස් ප්‍රහාරයෙන් ආරම්භ වූ ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධයේදී පලස්තීනුවන් 71,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. ලෙබනනයේ සහ ඉරානයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් ද විශාල සිවිල් මරණ සංඛ්‍යාවක් ඇති කිරීමට හේතු වී ඇති අතර, ඇමරිකානු මහජනතාව මෙන්ම කීර්තිමත් මාධ්‍යවේදියෙකු වන ටකර් කාල්සන්, මෙගින් කෙලී සහ කැන්ඩේස් ඕවන්ස් ඇතුළු ප්‍රමුඛ දේශපාලන විචාරකයින් ඉශ්‍රායල හැසිරීම සම්බන්ධයෙන් විවේචන එල්ල කර තිබේ.
පසුගිය මාර්තු මාසයේදී, එක්සත් ජනපද සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ඊශ්‍රායලයට ඩොලර් මිලියන 660 කට ආසන්න අවි අලෙවිය අවහිර කිරීමට ඉල්ලා යෝජනා තුනක් ඉදිරිපත් කළ අතර, ඩිමොක්‍රටික් පක්ෂයෙන් හතරෙන් තුනක් සහ ස්වාධීන පක්ෂයෙන් තුනෙන් දෙකක් වොෂින්ටනය ඊශ්‍රායලයට ආයුධ යැවීමට විරුද්ධව තර්ක කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..