කපිල චන්ද්‍රසේනගේ මරණය සැක සහිතයි.. පශ්චාත් මරණ පරීක්ෂණයට වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට අධිකරණයෙන් නියෝග..
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සැක සහිත බැවින්, වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර, එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අදාළ ස්ථානීය පරීක්ෂාව සිදුකළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පොලිසියට ඊයේ (08) නියෝග කළේය.
මරණය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබුණි.
එමෙන්ම මැයි මස 12 වැනිදා මරණ පරීක්ෂණයේ සාක්ෂි කැඳවීමට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, කපිල චන්ද්‍රසේනගේ මෘත ශරීරය ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරියට භාරදෙන ලෙසට ද නියෝග කළේය.
පසුව මෘත ශරීරය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමටයි පොලිසිය පියවර ගනු ලැබුවේ.
කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුව වළක්වාලීමේ මෝසමක් ඉදිරිපත් කිරීමේ කටයුත්තක් වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා ඊයේ උදෑසන මෙම නිවසට පැමිණ තිබිණි.
එහිදී නීතිඥවරයා සහ නිවසේ සිටි පිරිස කපිල චන්ද්‍රසේන සිටි කාමරයට ගොස් තිබූ අතර, එම කාමරය වසා තිබීම හේතුවෙන් නිවැසියන් සතු අමතර යතුරකින් එය විවෘත කර ඇති බව සඳහන්.
එහිදී කපිල චන්ද්‍රසේන බිම වැටී සිටින අයුරු දැක නිවැසියන් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා දැනුම් දී තිබූ බව වාර්තා වේ.
2013 වසරේ මෙරටට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් ලබාගත් බව කියන සිද්ධියකට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩු පවරා තිබිණි.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඔහු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැණුනු අතර, පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.
මාස 2 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු ඇප මත මුදාහරින ලෙස ඉකුත් 05 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඒ, රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි.
කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් ශරීර ඇප තැබීමට ඉදිරිපත් වූ ඇපකරුවන් දෙදෙනකු කපිල චන්ද්‍රසේන සමග කිසිදු පෞද්ගලික සම්බන්ධතාවයක් නොමැති බවට අනාවරණ වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා පෙරේදා දිනයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
පසුව අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කළේ කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.
ඒ අනුව ඔහු යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම වරෙන්තු නිකුත් කළේය.
එවන් පසුබිමකයි කොල්ලූපිටිය, පේද්‍රිස් පෙදෙසේ අංක 37 දරන නිවසේ තිබියදී සැකකටයුතු ලෙස මියගොස් සිටි කපිල චන්ද්‍රසේනගේ සිරුර ඊයේ උදෑසන සොයා ගැනුණේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..