මේ තත්ත්වය යටතේ ඇප ලැබුණත් සුරේෂ් සලේට හිමිවන ආරක්ෂාව ගැන සැක සංකා මතුවෙනවා.. කපිල චන්ද්‍රසේනගේ මරණය ගැනත් සැකයි.. - විමල් වීරවංශ
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ රටේ නීතිය පසිඳලීම නිවැරදිව හා සාධාරණව සිදුවන්නේ නම් කිසිවෙකුට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදු නොවන බවයි.
මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂවරයාගේ මරණය මෙන්ම කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය ද බැලූ බැල්මට සියදිවි නසා ගැනීමක් ලෙස පෙනෙන්නට තිබුණ ද, ඒ පිළිබඳව බරපතළ සැක සංකා සමාජය හමුවේ පවතින බව ඔහු පෙන්වා දෙයි.
යම් චෝදනාවක් එල්ල වූ පමණින් කෙනෙකු සියදිවි නසා ගැනීමට පෙළඹෙන්නේ නැති බවත්, ආණ්ඩුවේ දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම ක්‍රියාදාමය හේතුවෙන් රටවැසියන් දැඩි අනාරක්ෂිත මානසිකත්වයකට ඇද දමා ඇති බවත් වීරවංශ මහතා සඳහන් කරයි.
මෙම තත්ත්වය හමුවේ බුද්ධි අංශ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ වැනි පුද්ගලයන්ගේ ජීවිත කෙරෙහි ද බරපතළ අවදානමක් මතු විය හැකි බව හිටපු අමාත්‍යවරයා අනතුරු අඟවයි.
"සුරේෂ් සලේ වැනි කෙනෙක් එළියට ආවොත් ඔහුට හිමිවන ආරක්ෂාව මොන වගේ වෙයිද? ඔහුට ඇප ලැබුණත් මොනවා වෙයිද කියන සැක සංකාව මේකෙන් මතු වෙනවා" යැයි වීරවංශ මහතා පවසයි.
රජයක මූලික වගකීම රටවැසියාගේ ආරක්ෂාව සැලසීම වුවද, වත්මන් ආණ්ඩුව එම වගකීම පැහැර හරිමින් සිටින බවට ඔහු චෝදනා කරයි.
ආර්ථිකය පාලනය කරගත නොහැකිව රුපියල වේගයෙන් අවප්‍රමාණය වන අතරතුර, ආණ්ඩුව හිරේ දැමිය යුතු පුද්ගලයන්ගේ ලැයිස්තු කියවමින් කාලය නාස්ති කරන බවත් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියි.
මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කර ඇති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට විපක්ෂයේ බොහෝ පිරිසක් සූදානමින් සිටින බවත්, තමා ඒ සඳහා පෞද්ගලිකව සහභාගී වන්නේ ද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..