අමෙරිකා - ඉරාන සටන් යළි ඇවිළෙන ලකුණු..
අමෙරිකානු ප්‍රහාරක නෞකා 3ක් ඉලක්ක කර ඉරානය විසින් ප්‍රහාරයක් එල්ලකළ බවට චෝදනා කරමින්, අමෙරිකාවද ඊට ප්‍රතිචාර ලෙස ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාරයක් එල්ලකර තිබේ.
විදෙස් වාර්තා සඳහන් කර සිටින්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ USS Truxtun, USS Rafael Peralta සහ USS Mason යන අමෙරිකානු ප්‍රහාරක නෞකා ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල වී ඇති බවය.
එම ප්‍රහාරය තහවුරු කරමින් අමෙරිකානු හමුදාව ප්‍රකාශ කර ඇත්තේ, තම 'ආත්ම ආරක්ෂාව' උදෙසා තමන්ද ඉරානය වෙත ප්‍රතිප්‍රහාර දියත්කළ බවය.
එහෙත් එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු යුද නැව්වලට කිසිදු හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.
අමෙරිකානු ආරක්ෂකද වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ සිය යුද නැව් ඉලක්ක කර මිසයිල, ඩ්‍රෝන සහ කුඩා ප්‍රහාරක යාත්‍රා යොදා ගනිමින් එල්ල වූ ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර ලෙස තමන් මෙම මෙහෙයුම දියත් කළ බවය.
කෙසේ නමුත් ඉරාන ආරක්ෂක අංශ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වූ සිය තෙල් නෞකාවක් සහ තවත් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වූ බවය.
එමෙන්ම එම ප්‍රහාර සිවිල් ප්‍රදේශද ඉලක්ක කර සිදු කිරීමෙන් අමෙරිකාව සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවටත් ඉරානය එහිදී චෝදනා කර තිබුණි.
අමෙරිකානු හමුදාවට අනුව තම නාවික බළකාය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට භාවිත කළ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන දියත් කිරීමේ මධ්‍යස්ථාන, අණදෙන හා පාලන මධ්‍යස්ථාන මෙන්ම බුද්ධි තොරතුරු මෙහෙයුම් පහසුකම් මධ්‍යස්ථාන ඉලක්ක කර අදාළ ප්‍රතිප්‍රහාර මාලාව දියත් කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත Qeshm Island ඇතුළු පර්සියානු ගල්ෆ් වෙරළබඩ ප්‍රදේශ කිහිපයක ප්‍රබල පිපිරීම් කිහිපයක් ඇසුණු බව ඉරාන රාජ්‍ය මාධ්‍යද වාර්තා කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..