‘මං සෑහීමට පත්වෙන්නෑ’.. - මුදල් ලේකම්ට එරෙහි වරප්‍රසාද යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි..
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට එරෙහිව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳ යෝජනාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මෙම යෝජනාවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බැවින් එය භාරගත නොහැකි බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.
මුදල් ලේකම්වරයා විසින් මහා භාණ්ඩාගාරයේ මුදල් වංචනික ලෙස පරිබාහිර පාර්ශ්ව අතට පත්වීමේ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවට තොරතුරු වාර්තා නොකිරීම, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම මඟ හැරීම, කෝප් කමිටුවට (COPE) කරුණු ඉදිරිපත් කිරීම පැහැර හැරීම ආදී කරුණු කිහිපයක් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බවට දයාසිරි ජයසේකර මහතා මතු කර තිබුණි
කතානායකවරයාගේ තීරණය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ ජයසේකර මහතා, අදාළ යෝජනාව තුළ කරුණු රැසක් තිබියදී එය ප්‍රතික්ෂේප කිරීම වැරදි සහගත බව පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව තමන් අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) පැමිණිලි කරන බවත්, මෙවැනි ක්‍රියාකලාප නිසා ඇතැම් නිලධාරීන්ට විදේශගත වීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”