සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බලයි..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාට නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමෙන් පසුව රජය විසින් ඒ පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ කොමිෂන් සභා සහ කමිටුවල කිසිදු විමර්ශනයකදී ප්‍රහාරයට තම සේවා දායකයා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවය.
සිය සේවාදායකයා 2019 වසරේ ජනවාරි සිට නොවැම්බර් 30 වැනිදා දක්වා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආරක්ෂක පාඨමාලාවකට සහභාගි වී සිටි බැවින් පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට නොසිටි බවද ඔහු පැවසීය.
විදේශයක රැඳී සිටින අසාද් මවුලානා නමැත්තකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයක් හරහා සිය සේවා දායකයාට එරෙහි විමර්ශන ආරම්භ වී ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා අසාත් මවුලානා විසින් ඉදිරිපත් කරන කරුණු වලට කිසිදු සාක්ෂිමය වටිනාකමක් නැති බවද සඳහන් කළේය.
අසාද් මවුලානා ශ්‍රී ලංකාවේ අධිකරණය ඉහළ සිටම පහළට දුෂිත බවට ප්‍රකාශ කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන් අතර මේ පුද්ගලයාට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළේය.
සිය සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හයවන මහලේ මිනිස් වාසයට නුසුදුසු කුඩා කාමරයක රඳවා තැබීමෙන් දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බවද ජනාධිපති නීතිඥවරයා පැවසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සූහාරශී හේරත් මහත්මිය සඳහන් කළේ පැරණි ගොඩනැගිල්ලක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා සේවය කරන්නේ අවම පහසුකම් යටතේ බවය.
කෙසේ වෙතත් සෑම පුද්ගලයෙකුටම ගෞරවාන්විත ආකාරයේ සැලකීමක් අවශ්‍ය බව පෙන්වා දුන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙම කරුණ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් අවධානය යොමු කළ යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දුනි.
වැඩිදුර කරුණු දක්වීම් ජුනි 04 වැනිදා දක්වා කල්තැබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
සෙනරත් වික්‍රමසිංහගේ ආනුභාවයෙන් කුරුන්දි බෞද්ධ රක්ෂිතය වෙන්දෙසියට?
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..