News Category
From Date
To Date
Maximum Number of Result

මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනයට අරගලය බලපෑවා - ටිරාන් අලස්

Dec 23, 2023 at 05:36 PM
|

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි පොලිසිය මගින් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුම් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා නුගේගොඩ, මිරිහාන පොලිස් ක්‍රීඩාංගනයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය කාලය තුළ සිදු වූ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීමට අරගලයද බලපෑ බවයි.

එහිදී පසුගිය දින කිහිපය පුරාවට කොළඹ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් අපරාධකරුවන් සතුව පැවති නීති විරෝධී වාහන තොගයක් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

 මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"වසර එක හමාරකට පමණ පෙර  මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ වගකීම අප බාරගන්නා විට පැවති ප්‍රධානම අභියෝගය වූයේ රටේ පැවති අරගල තත්වය සහ ප්‍රචණ්ඩත්වයයි. එය තුරන් කිරීමේ වගකීම ජනාධිපතිතුමා විසින් අප වෙත භාර දුන්නා.ඒ අවස්ථාවේ ජනාධිපතිතුමාගේ එකම ඉල්ලීම වූයේ රටේ ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කරමින්, සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ පරිසරය උදාකර දෙන ලෙසයි. ඒ වෙනුවෙන් ගන්නා ඕනෑම පියවරකට ජනාධිපතිතුමාගේ ද ශක්තිය ලබාදෙන බව පොරොන්දු වුණා.

 මේ වන විට බොහෝ දෙනාට එවකට රට තුළ පැවති තත්ත්වය මතක නැහැ. නමුත් අපි ඒ අභියෝගය ජය ගනිමින් නැවත ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පියවර ගත්තා.

 මේ වන විට අප මුහුණ දී තිබෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීමේ  ඉතාමත් දැවැන්ත අභියෝගයටයි. පසුගිය කාලය තුළ සිදු වූ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීමට අරගලයද බලපෑවා. ඊට හේතුව වසරක පමණ කාලයක් පොලිසියට පැවති එකම රාජකාරිය අරගල මැඩ පැවැත්වීමයි. අපරාධ මත්ද්‍රව්‍ය පිළිබඳ සොයා බැලීමටප්‍රමාණවත් කාලයක් ලැබුණේ නැහැ. ඒ කාලය තුළ ඇතැම් පිරිස් පොලිසියට සහ නිලධාරීන්ට සැලකූ ආකාරය ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එවැනි පසුබිමක් යටතේ අමාත්‍යාංශයේ වගකීම බාර ගනිමින් මා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ පොලිස් නිල ඇඳුමට අභියෝග කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන ලෙසයි. නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපට සිදු වුණා. එලෙස ආරම්භ කල කටයුතු සාර්ථකව අවසන් කිරීමට අපට හැකි වුණා. කොළඹ නගරයේ තැන් තැන්වල පිහිටුවා තිබූ තාවකාලික ගම් ඉවත් කිරීමට හැකි වුණා. පෝලිම් යුගය නැති කිරීමට හැකිවුණා. ඉන් පසුව මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීමේ අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස් කළා. පසුගිය කාලයේ ඇතැම් අවස්ථාවල දිනපතා වෙඩිතැබීම් ඝාතන වාර්තා වුණා.

 ඒ අනුව වත්මන් වැඩ බලන පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර කෙටි කාලයක් තුළ මේ පිළිබඳ නිරීක්ෂණය කර සැලසුමක් සකස් කිරීමේ වගකීම භාර දුන්නා. ඉන් අනතුරුව මෙම මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය කළා. ඒ අනුව සතියක පමණ කාලයක් තුළ එහි සාර්ථක ප්‍රගතියක් අත්කර ගැනීමට අප සමත් වී තිබෙනවා. ඒ අවස්ථාවේ බොහෝ දෙනෙකුට මේ පිළිබඳව විශ්වාසයක් පැවතුණේ නැහැ. බොහෝ දෙනෙක් විශ්වාස කළේ කතාවට පමණක් සීමා වී කෙටි කාලයකින් මෙම මෙහෙයුම් නතර වනු ඇති බවයි. නමුත් මේ වන විට අපරාධකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගනිමින් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ විශ්ලේෂණාත්මක බුද්ධි අංශ වාර්තාවක් සකස් කරනු ලැබුවා. එහිදී අපේ විශේෂ අවධානය යොමු වූයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරම්කරුවන් පිළිබඳවයි. ඒ අනුව ලබාගත් තොරතුරුවලට අනුව මේ වන විට දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස කටයුතු කරගෙන යන විට අපට විවිධ බාධක වලටද මුහුණ දීමට සිදුවනවා. ඇතැම් ආගමික නායකයින්, නීතිඥවරුන් මෙය මාධ්‍ය සංදර්ශනයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කරනවා. මෙලෙස අපව අධෛර්යයට පත් කිරීමට කටයුතු කරන්නේ ජාවාරම්කරුවන් හෝ පාතාලය සමඟ සබඳතා පවත්වන අය පමණයි. මේ තුළින් ඇතිවන අවාසිදායක තත්ත්වය හේතුවෙන් ඔවුන් කලබල වී තිබෙනවා. ඒ හේතුවෙන් විවිධ මාධ්‍ය සාකච්ඡා ඔස්සේ අපට පහර එල්ල කරනවා. ඒ තුළින් අපව ආපස්සට යවන්නට හැකි බව ඔවුන් විශ්වාස කරනවා.මේ වන විට මටත් අවස්ථාව ලබා දෙන්නේ තවත් පෝය හතක් පමණක් බවට තර්ජන එල්ල කර තිබෙනවා. එවැනි තත්ත්වයක් කිසිසේත්ම ඇති වන්නේ නැහැ. කවර ආකාරයේ බාධක, තර්ජන, අභියෝග මුහුණ දීමට සිදුවුවත් මෙම මෙහෙයුම් නවතන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.මේ වන විට පොලිසිය විසින් සිදුකර ඇති මෙහෙයුම් පිළිබඳ සත්‍ය තත්ත්වය පිලිබඳ ජනතාව දැනුවත්ව සිටිනවා.

අපට අවශ්‍ය ශක්තිය ලබාදීමට ජනාධිපතිතුමා නිරතුරුව පසුපසින් සිටිනවා. අවශ්‍ය තීරණ ගැනීමට අවශ්‍ය නිදහස ලබා දී තිබෙනවා. මෙම අමාත්‍ය ධුරය වගකීම දරන තාක් කල් කිසිදු ප්‍රබලයෙකුගේ අත පෙවීමකට හෝ යටත් වීමට සූදානම් නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල අපරාධකරුවන් බේරා ගැනීමට ඉඩ ලබා දෙන්නේ නැහැ.

අපට අවශ්‍ය වන්නේ ජනතාවගේ සහයෝගයයි. නොබියව  තොරතුරු ලබාදීමයි. එහි රහස්‍යභාවය අප ආරක්ෂා කරනවා. මේ වන විට පොලිස් නිලධාරීන් දිනකට පැය දොළහකට, පහළොවකට ආසන්න කාලයක් එකම නිල ඇඳුමෙන් දිවා රෑ වෙහෙසී රාජකාරී නිරත වෙනවා. ඔවුන්ට ජනතාවගේ ධෛර්යය ලබා දිය  යුතුයි. මේ සතිය තුළ ලබාගත් ප්‍රගතිය පිළිබඳ වැඩබලන පොලිස්පතිතුමා ඇතුළු සියලුම නිලධාරීන්ටත්, විශේෂ කාර්ය බලකායටත් මාගේ ගෞරවය පිරිනමනවා. සෑම පලාතකම, සියළුම තරාතිරමේ නිලධාරීන් මේ කාර්යය වෙනුවෙන් උපරිම කැපවීම සිදු කර තිබෙනවා. පොලිසිය මේ කැපවීම සිදුකරන්නේ මහජනතාව වෙනුවෙන්. ළමා පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන්. පදනමකින් තොර විවිධ ප්‍රචාරයන්ට හසු නොවන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අවශ්‍ය අවස්ථාවල, අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පොලිසියට අප අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. එම නිසා පාතාල ක්‍රියාකාරකම් සිදු කරන අයටත්,මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන අයටත් එය නතර කරන ලෙස දන්නා සිටිනවා. කවර අභියෝගවලට මුහුණ දීමට සිදුවත් මේ මෙහෙයුම නතර කරන්නේ නැහැ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු ඉහළ පොලිස් නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
මහජන ආරක්ෂක අමාත්‍යංශය

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.
පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.