මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනයට අරගලය බලපෑවා - ටිරාන් අලස්
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි පොලිසිය මගින් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුම් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා නුගේගොඩ, මිරිහාන පොලිස් ක්‍රීඩාංගනයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය කාලය තුළ සිදු වූ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීමට අරගලයද බලපෑ බවයි.
එහිදී පසුගිය දින කිහිපය පුරාවට කොළඹ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් අපරාධකරුවන් සතුව පැවති නීති විරෝධී වාහන තොගයක් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"වසර එක හමාරකට පමණ පෙර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ වගකීම අප බාරගන්නා විට පැවති ප්‍රධානම අභියෝගය වූයේ රටේ පැවති අරගල තත්වය සහ ප්‍රචණ්ඩත්වයයි. එය තුරන් කිරීමේ වගකීම ජනාධිපතිතුමා විසින් අප වෙත භාර දුන්නා.ඒ අවස්ථාවේ ජනාධිපතිතුමාගේ එකම ඉල්ලීම වූයේ රටේ ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කරමින්, සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ පරිසරය උදාකර දෙන ලෙසයි. ඒ වෙනුවෙන් ගන්නා ඕනෑම පියවරකට ජනාධිපතිතුමාගේ ද ශක්තිය ලබාදෙන බව පොරොන්දු වුණා.
මේ වන විට බොහෝ දෙනාට එවකට රට තුළ පැවති තත්ත්වය මතක නැහැ. නමුත් අපි ඒ අභියෝගය ජය ගනිමින් නැවත ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පියවර ගත්තා.
මේ වන විට අප මුහුණ දී තිබෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීමේ ඉතාමත් දැවැන්ත අභියෝගයටයි. පසුගිය කාලය තුළ සිදු වූ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීමට අරගලයද බලපෑවා. ඊට හේතුව වසරක පමණ කාලයක් පොලිසියට පැවති එකම රාජකාරිය අරගල මැඩ පැවැත්වීමයි. අපරාධ මත්ද්‍රව්‍ය පිළිබඳ සොයා බැලීමටප්‍රමාණවත් කාලයක් ලැබුණේ නැහැ. ඒ කාලය තුළ ඇතැම් පිරිස් පොලිසියට සහ නිලධාරීන්ට සැලකූ ආකාරය ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එවැනි පසුබිමක් යටතේ අමාත්‍යාංශයේ වගකීම බාර ගනිමින් මා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ පොලිස් නිල ඇඳුමට අභියෝග කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන ලෙසයි. නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපට සිදු වුණා. එලෙස ආරම්භ කල කටයුතු සාර්ථකව අවසන් කිරීමට අපට හැකි වුණා. කොළඹ නගරයේ තැන් තැන්වල පිහිටුවා තිබූ තාවකාලික ගම් ඉවත් කිරීමට හැකි වුණා. පෝලිම් යුගය නැති කිරීමට හැකිවුණා. ඉන් පසුව මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීමේ අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස් කළා. පසුගිය කාලයේ ඇතැම් අවස්ථාවල දිනපතා වෙඩිතැබීම් ඝාතන වාර්තා වුණා.
ඒ අනුව වත්මන් වැඩ බලන පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර කෙටි කාලයක් තුළ මේ පිළිබඳ නිරීක්ෂණය කර සැලසුමක් සකස් කිරීමේ වගකීම භාර දුන්නා. ඉන් අනතුරුව මෙම මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය කළා. ඒ අනුව සතියක පමණ කාලයක් තුළ එහි සාර්ථක ප්‍රගතියක් අත්කර ගැනීමට අප සමත් වී තිබෙනවා. ඒ අවස්ථාවේ බොහෝ දෙනෙකුට මේ පිළිබඳව විශ්වාසයක් පැවතුණේ නැහැ. බොහෝ දෙනෙක් විශ්වාස කළේ කතාවට පමණක් සීමා වී කෙටි කාලයකින් මෙම මෙහෙයුම් නතර වනු ඇති බවයි. නමුත් මේ වන විට අපරාධකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගනිමින් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ විශ්ලේෂණාත්මක බුද්ධි අංශ වාර්තාවක් සකස් කරනු ලැබුවා. එහිදී අපේ විශේෂ අවධානය යොමු වූයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරම්කරුවන් පිළිබඳවයි. ඒ අනුව ලබාගත් තොරතුරුවලට අනුව මේ වන විට දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස කටයුතු කරගෙන යන විට අපට විවිධ බාධක වලටද මුහුණ දීමට සිදුවනවා. ඇතැම් ආගමික නායකයින්, නීතිඥවරුන් මෙය මාධ්‍ය සංදර්ශනයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කරනවා. මෙලෙස අපව අධෛර්යයට පත් කිරීමට කටයුතු කරන්නේ ජාවාරම්කරුවන් හෝ පාතාලය සමඟ සබඳතා පවත්වන අය පමණයි. මේ තුළින් ඇතිවන අවාසිදායක තත්ත්වය හේතුවෙන් ඔවුන් කලබල වී තිබෙනවා. ඒ හේතුවෙන් විවිධ මාධ්‍ය සාකච්ඡා ඔස්සේ අපට පහර එල්ල කරනවා. ඒ තුළින් අපව ආපස්සට යවන්නට හැකි බව ඔවුන් විශ්වාස කරනවා.මේ වන විට මටත් අවස්ථාව ලබා දෙන්නේ තවත් පෝය හතක් පමණක් බවට තර්ජන එල්ල කර තිබෙනවා. එවැනි තත්ත්වයක් කිසිසේත්ම ඇති වන්නේ නැහැ. කවර ආකාරයේ බාධක, තර්ජන, අභියෝග මුහුණ දීමට සිදුවුවත් මෙම මෙහෙයුම් නවතන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.මේ වන විට පොලිසිය විසින් සිදුකර ඇති මෙහෙයුම් පිළිබඳ සත්‍ය තත්ත්වය පිලිබඳ ජනතාව දැනුවත්ව සිටිනවා.
අපට අවශ්‍ය ශක්තිය ලබාදීමට ජනාධිපතිතුමා නිරතුරුව පසුපසින් සිටිනවා. අවශ්‍ය තීරණ ගැනීමට අවශ්‍ය නිදහස ලබා දී තිබෙනවා. මෙම අමාත්‍ය ධුරය වගකීම දරන තාක් කල් කිසිදු ප්‍රබලයෙකුගේ අත පෙවීමකට හෝ යටත් වීමට සූදානම් නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල අපරාධකරුවන් බේරා ගැනීමට ඉඩ ලබා දෙන්නේ නැහැ.
අපට අවශ්‍ය වන්නේ ජනතාවගේ සහයෝගයයි. නොබියව තොරතුරු ලබාදීමයි. එහි රහස්‍යභාවය අප ආරක්ෂා කරනවා. මේ වන විට පොලිස් නිලධාරීන් දිනකට පැය දොළහකට, පහළොවකට ආසන්න කාලයක් එකම නිල ඇඳුමෙන් දිවා රෑ වෙහෙසී රාජකාරී නිරත වෙනවා. ඔවුන්ට ජනතාවගේ ධෛර්යය ලබා දිය යුතුයි. මේ සතිය තුළ ලබාගත් ප්‍රගතිය පිළිබඳ වැඩබලන පොලිස්පතිතුමා ඇතුළු සියලුම නිලධාරීන්ටත්, විශේෂ කාර්ය බලකායටත් මාගේ ගෞරවය පිරිනමනවා. සෑම පලාතකම, සියළුම තරාතිරමේ නිලධාරීන් මේ කාර්යය වෙනුවෙන් උපරිම කැපවීම සිදු කර තිබෙනවා. පොලිසිය මේ කැපවීම සිදුකරන්නේ මහජනතාව වෙනුවෙන්. ළමා පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන්. පදනමකින් තොර විවිධ ප්‍රචාරයන්ට හසු නොවන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අවශ්‍ය අවස්ථාවල, අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පොලිසියට අප අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. එම නිසා පාතාල ක්‍රියාකාරකම් සිදු කරන අයටත්,මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන අයටත් එය නතර කරන ලෙස දන්නා සිටිනවා. කවර අභියෝගවලට මුහුණ දීමට සිදුවත් මේ මෙහෙයුම නතර කරන්නේ නැහැ.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු ඉහළ පොලිස් නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
මහජන ආරක්ෂක අමාත්‍යංශය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..