ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු පසුබෑමක.. - ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ
2019 වසරේ ආරම්භ වූ විදේශ විනිමය අර්බුදයත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉන්දියාවට සාපේක්ෂව දරුණු ලෙස ඇද වැටී ඇති බව ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දෙයි.
2019 වසරේ මුල් භාගය වන තෙක් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඉන්දියාව හා සමාන මට්ටමක පැවති බව මහාචාර්යවරයා පවසයි. එහෙත් 2019 වසරේ ඇති වූ මුදල් අර්බුදය සහ ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මැදිහත්වීමෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය මෙතෙක් යථා තත්ත්වයට පත්වී නොමැති බව ඔහු සඳහන් කරයි.
2008 සිට 2025 දක්වා කාලය තුළ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස්වීම් පදනම් කර ගනිමින් මෙම දත්ත ඉදිරිපත් කර ඇත. 2008 වසරේදී දර්ශකයක් ලෙස 100 මට්ටමේ සමානව තිබූ රටවල් දෙකෙහි වර්ධනය, 2025 වන විට ඉන්දියාව 232.36 දක්වා ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකාව පවතින්නේ 158.10 වැනි පහළ මට්ටමක බව ඔහු පෙන්වා දෙයි.
බටහිර මාධ්‍ය වාර්තා කරන කරුණුවලට පටහැනිව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් පවතින්නේ බරපතල පසුබෑමක බව මහාචාර්ය හැන්කේ වැඩිදුරටත් අවධාරණය කරයි.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..