අධිබලැති යතුරුපැදි සිද්ධියෙන් කුරුලු උයනේ හිමිකරු නිදොස්කොට නිදහස්..
අධිබලැති යතුරු පැදි 11ක් ඇතුළු යතුරුපැදි 21ක් නීති විරෝධීව මෙරටට ගෙන්වූ බවට චෝදනා එල්ල වූ හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු අජිත් ගාල්ලගේ ඇතුළු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළේය.
අදාළ නඩු විභාගය කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශවය වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් අදාළ පැමිණිල්ල තවදුරටත් පවත්වාගෙන නොයන බවට අධිකරණය හමුවේ කරුණු සැළකර සිටිමත් සමග ඉදිරිපත් වු කරුණු සළකා බැලිමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
හම්බන්තොට කුරුළු උයනේ තිබී රුපියල් කෝටි 25ක් පමණ වටිනා යතුරුපැදි 21ක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් පසුගිය වසරේ ජූලි 12 වනදා එහි සේවකයන් දෙදෙනෙකුද සමග අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව සිදුකල විමර්ශනවලින් අනතුරුව කුරුලු උයනේ හිමිකරු වූ අජිත් ගාල්ලගේ නැමැත්තාද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
පසුව සැකකරුවන් ඇප මත නිදහස් කෙරුණු අතර, ඊට අදාල නඩු විභාගය හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි.
ඒ අනුව යතුරුපැදි ගෙන්වීම, සන්තකයේ තබාගැනීම හා එකලස් කිරීම ඇතුළු චෝදනා යටතේ ඉදිරිපත් කර තිබූ චෝදනාවලින් ප්‍රධාන සැකකරු වූ කුරුලු උයනේ හිමිකරු, ගබඩා පාලකවරයා හා තවත් සේවකයෙකු මෙලෙස නිදොස්කොට නිදහස් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..