කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමේ සූදානමක්.. - වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයෙන් දැඩි විරෝධය..
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය (ECT) පෞද්ගලීකරණය කිරීම සඳහා රජය සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, එම උත්සාහයට එරෙහිව සියලු බලවේග ඒකාබද්ධ කරමින් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය (PJTUA) අවධාරණය කරයි.
වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සන්ධානය පෙන්වා දෙන්නේ, නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය සඳහා පිඹුරුපත් සකස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ බලධාරීන් වෙත උපදෙස් දී ඇති බවයි.
වත්මන් රජය බලයට පත්වීමට පෙර මෙම පර්යන්තය පෞද්ගලීකරණය නොකරන බවට පොරොන්දු ලබා දුන් බව ද ඔවුහු සිහිපත් කරති.
පසුගිය අප්‍රේල් 29 වන දින මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ දී පැවති වැඩමුළුවකදී වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද දත්ත මගින් පර්යන්තය පෞද්ගලීකරණය කිරීමේ අවාසි පැහැදිලි කර ඇති බව වෘත්තීය සමිති පවසයි.
එහිදී අනාවරණය වී ඇත්තේ වසර 27 ක් පුරා පෞද්ගලික අංශය (SAGT) විසින් මෙහෙයවනු ලැබූ පර්යන්තයකින් රජයට ලැබී ඇති මුළු ආදායම ඩොලර් මිලියන 250 කට වඩා අඩු බවත් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වුවහොත්, එහි පළමු මංතීරු 10 තුළින් පමණක් වසරකට ඩොලර් මිලියන 360 ක පමණ ආදායමක් උපයා ගත හැකි බවත්ය. පර්යන්තය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ පසු වාර්ෂික ආදායම ඩොලර් මිලියන 700 ඉක්මවනු ඇතැයි ගණන් බලා ඇත.
පර්යන්තයේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය Straddle Carriers යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරය වසර එකහමාරක් තිස්සේ ප්‍රමාද කිරීම, පර්යන්තය පෞද්ගලීකරණය කිරීම සඳහා මග සැකසීමේ කුමන්ත්‍රණයක කොටසක් බවට ද වෘත්තීය සමිති චෝදනා කරයි.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..