ආයුර්වේද කොමසාරිස් ධුරයේ වැඩ බලන්න දේශපාලන හිතවතියක් පත්කරලා.. - රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයෙන් චෝදනා
උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් ධුරයෙහි වැඩ බැලීම සඳහා සුුුදුසුකම් නොමැති එහෙත් පළාතේ දේශපාලන ප්‍රබලයෙකුගේ හිතවතියක පත්කර ඇතැයි ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරයි.
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ආයුර්වේද සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සදාචාර විරෝධී ලෙස මෙම පත්කිරීම සිදුකර ඇත්තේ 76 වසර දූෂිත පාලනය නිමා කිරීමේ අභිලාෂයෙන් ජනතාව සමග සියලු ආයුර්වේද වෛද්‍යවරුන්ද එක්ව පත්කර ගත් වර්තමාන ආණ්ඩුව විසින් බවයි.
මෙම තනතුර සඳහා වෛද්‍ය පරිපාලන i හෝ ii සුදුසුකම් සහිත වෛද්‍ය නිලධාරීන් පත්කළ යුතු බවද එම සංගමය අවධාරණය කරයි. සෙසු පළාත්වල එම තනතුරේ පුරප්පාඩු පියවීම සඳහා අයඳුම්පත් කැඳවා ඇති අතර සුදුසු නිලධාරීන් වැඩබැලීමටද පත්කර ඇත.
කෙසේ වුවද උතුරු මැද පළාතේ ඒ සඳහා අයඳුම්පත් කැඳවා නොමැති අතර වෛද්‍ය පරිපාලන ii සුදුසුකම් සපිරි වෛද්‍යවරයෙකු සිටින අවස්ථාවක කිසිදු සුුදුසුකම් නොමැති නිලධාරිනියක හුදු දේශපාලන හිතවත්කම මත මෙම තනතුරේ වැඩ බැලීමට පත්කර ඇත.
ආණ්ඩුව මෙම තීන්දුව වහා හකුළානොගෙන සුදුසුකම් සහිත නිලධාරියෙකු අදාළ තනතුර සඳහා පත්කරනොගහොත් සිය සංගමය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙන බවටශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..