පොහොර මිලදී ගැනීම ගැන ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිවේදනය හොරාට කලින්ම කෙසෙල් කැන වැට පැනීමක් - ජාතික ගොවිජන එකමුතුව
ඉකුත් දා ජාතික ගොවිජන එකමුතුව විසින් ශ්‍රි ලංකාව විසින් කසකස්තානයෙන් ඩොලර් 290 ට ගත හැකි යූරියා පොහොර මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 800 ක් වැනි මුදලකට ගැනීමට යන බවත් එමගින් වාර්ෂිකව රටට අහිමිවන මුදල ඩොලර් මිලියන 250 ක් හෙවත් රුපියල් කෝටී අටදහසක් බවත් ප්‍රකාශ කරන ලදී.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය පැහැදිලි කිරීමක් සිදු කරමින් මේ වන විට ප්‍රකාශකර ඇත්තේ අදාළ ප්‍රකාශයේ ඇතැම් කරුණු සත්‍ය නොවන බවය.
කෙසේ වුවද ජාතික ගොවිජන එකමුතුව විසින් එම ලිපියට පිළිතුරක් ලෙස අප වෙත එවා ඇති ලිපියක දක්වා ඇත්තේ ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනය හොරාට කලින්ම කෙසෙල් කැන වැට පැනීමක් බවය.
ඉන්දියාව විසින් ඩොලර් 900 ක මිලකට පොහොර මිලදී ගන්නා බව එහි දක්වා ඇති බවත් එහි සත්‍යතාව ඔප්පුකර පෙන්වන ලෙසත් එම එකමුතුව මෙම ලිපිය මගින් අවධාරණය කරයි.
ඉන්දියාව ගොවීන් වෙත ඩොලර් 900 ට පොහොර ලබාදී අපේ රටේ නිශ්පාදන වියදමටත් වඩා අඩුවෙන් අල ලූනු විශේෂයෙන්ම හාල් ගෙන එන්නේ කෙසේද යන්න පොහොර ලේකම් කාර්යාලය පැහැදිලි කළ යුතු බවත් එම ලිපියේ සඳහන්කර ඇත.
අදාළ ලිපිය පහළින්..
හොරාට කලින්ම කෙසෙල් කැන වැට පැනීම
පසුගිය දින ජාතික ගොවිජන එකමුතුව විසින් ශ්‍රි ලංකාව විසින් කසකස්තානයෙන් ඩොලර් 290 ට ගත හැකි යූරියා පොහොර මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 800 ක් වැනි මුදලකට ගැනීමට යන බවත් එමගින් වාර්ෂිකව රටට අහිමිවන මුදල ඩොලර් මිලියන 250 ක් හෙවත් රුපියල් කෝටී අටදහසක් බවත් ප්‍රකාශ කරන ලදි.
හොරාට කලින්ම කෙසෙල් කැන වැට පැන ජාතික පොහොර ලේකම් කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
තවද එම ලිපිය සමග argus Nitrogen නම් සමාගමක පීඩීඑෆ් එක සමග ඉන්දියාව විසින් ඩොලර් 900 ක මිලකට පොහොර මිලදී ගන්නා බව දක්වා ඇත.
පොහොර ලේකම් කාර්යාලයට පලමුව කිවයුත්තේ පනිවිඩකරු කියන දෙය ඇත්ත හෝ බොරුද යන්න ව්දේශ කටයුතු අමාත්‍යාංශය හරහා හෝ ඉදුරාම කසකස්තාන් රජයේ බලශක්ති අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කොට එවැනි මිලකට පොහොර මිලදි ගැනීමට හැකියාවක් ඇත්තේද යන්න සොයා බැලීමය.
දෙවනුව කිවයුත්තේ මේ රටේ ජංගම දුරකථන වලින් බහුතරයක් අන්තර් ජාල සම්බන්දතාවය සහිතව ලෝකයේ ඕනිම දෙයක් ක්ෂණිකව බලා ගැනීමේ හැකියාව ඇති දුරකථන බවට පොහොර ලේකම් කාර්යාලය විසින් දැනගත යුතු බවයි.
තෙවනුව කිවයුත්තේ ඩොලර් 900 ට ඉන්දියාව විසින් පොහොර මිලදී ගන්නා බව පැවසීමම ඔබගේ ලාමක බව එම ලිපිය මගින් සනාථ වන බවයි.
ඉන්දියාව විසින් ඔවුන්ගේ රටේ නිශ්පාදන වියදම් අවම කිරීම ගොවීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තෙල් පොහොර ගෑස් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීම් මගින් ලබාගන්නා බවත් ඔවුන් ඔවුන්ගේ රටේ නිශ්පාදනයට අමතරව රුසියාවෙන් සහ අනිකුත් රටවලින්ද යුද්ධය කාලයේ පවා එවැනි මිලදි ගැනිම් ආරක්ෂා සහිතව තම රටට ලබාගත් බවය.
එසේම ඇමරිකාව විසින් ඉන්දියානු වෙළදපොළ විවෘත කර ගැනීම සඳහා අධික බදු පැනවූවත් ඒවාට බිය නොවී ඔවුන්ගේ රටේ ගොවීන් ගේ ආරක්ෂාව රැකගත් බවත්ය.
හිනායන වැඩේ කියන්නේ ඉන්දියානු ගොවීන් වෙත ඩොලර් 900 ට පොහොර ලබාදී අපේ රටේ නිශ්පාදන වියදමටත් වඩා අඩුවෙන් අල ලූනු විශේෂයෙන්ම හාල් ගෙන එන්නේ කෙසේද යන්න පොහොර ලේකම් කාර්යාලය ඊලග ලිපිය මගින් පැහැදිලි කල යුතුය.
තවද මැදපෙරදිග යුද්ධය නිසා ඒ ආශ්‍රිත රටවල පොහොර මිල ඩොලර් 790 ක් වැනි මිලක් බව රහසක් නොවේ එසේම එම නිශ්පාදන ලෝකයේ අනිකුත් රටවලට ගෙනයාම අසීරු බැවින් එම රටවල නිපදවන සියල්ල මිල වැඩි බව රහසක් නොවේ.
එසේම එම රටවල මිල දඩමීමා කරගනිමින් පොහොර ලේකම් කාර්යාලය ගොරකා දඩමස් කිරීමට අතීතයේ හැකි වූවත් වර්තමානයේ හැකියාවක් ඇත්තේම නැති බව පෙන්වා දෙමු.
එසේම මේ සමග අද දින ලෝකයේ විවිධ රටවල පොහොර මිල ගනන් සහිත තොරතුරු සොයාගැනීමට හැකි අන්තර්ජාල යොමු ඇතුළත්ව ඇති අතර ,පොහොර ලේකම් කාර්යාලය විසින් එවා ඇති ලිපියේ සදහන් සතිපතා මිලගනන් නොව තත්පරයෙන් තත්පරයට ලෝකයේ සියලු ඛනිජ ,ලෝහ නිශ්පාදන ඇතුළත්ව රටවල නම් සහිතව ඇති බවත් පෙන්වා දෙමු.
අප පොහොර ලේකම් කාර්යාලයට කියනුයේ ඉන්දියාව විසින් ඩොලර් 900 ට පොහොර මිලදීගන්නා බව කඩිනමින් මෙරට ජනතාවට දැනගැනීම සදහා එහි සත්‍යතාවය ඔප්පු කර පෙන්වන ලෙසයි.
ජාතික ගොවිජන එකමුතුව

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..