පොහොර මිලදී ගැනීම ගැන පොහොර ලේකම් කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්..
රජය විසින් වැඩි මිලට පොහොර මිලදී ගෙන ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ නියෝජිතයෙකු විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය අවධාරණය කරන්නේ, අදාළ ප්‍රකාශයේ ඇතැම් කරුණු සත්‍ය නොවන බවය.
කසකස්තානයෙන් අඩු මිලට පොහොර ලබාගත හැකිව තිබියදී අමෙරිකානු ඩොලර් 800කට පොහොර ආනයනය කර ඇති බව අදාළ නියෝජිතයා විසින් පෙන්වා දෙනු ලැබීය.
එරටින් යුරියා පොහොර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 220ත් 320ත් අතර ප්‍රමාණයකට මිලදී ගැනීමේ හැකියාවක් පවතියි.
මෙවන් පසුබිමක ඩොලර් 800ක් වැනි වැඩි මිලකට පොහොර ආනයනය කිරීම සඳහා සමාගම්වලට රජය අවසර ලබාදී ඇති බව ඔහු හෙළි කළේය.
මේ සම්බන්ධයෙන් අවධානය කරන ජාතික පොහොර ලේකම් කාර්යාලය අනාවරණ කළේ, එරටින් යුරියා පොහොර ආනයනය සඳහා සිදු කළ ඉල්ලීම්වලට තමන් අප්‍රමාදව අනුමැතීන් ලබාදී ඇති බවය.
මේ දක්වා එම ආයතන කසකස්තානයෙන් යුරියා පොහොර ආනයනය කර නොමැති බව ද එම කාර්යාලය පෙන්වා දෙයි.
එමෙන්ම අප්‍රේල් මස 29 වෙනිදා Ceylon Trading and Plantation (Pvt) Ltd නමැති ආයතනයක් යුරියා මෙට්‍රික් ටොන් 25,000ක් ඇණවුමක් ලබාගෙන තිබේ.
කෙසේ වෙතත් මේ වන තෙක් එම ආයතනය ද යුරියා පොහොර ආනයනය කර නොමැති බව ද ජාතික පොහොර ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..