නඩු තීන්දු දෙන්නේ ජනාධිපතිවරයා, ජේවීපී වේදිකාවේ ඉදන්...- නාමල්
'අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා.ඒක එදා තහවුරු කළා. ඉතින් ජෙවිපි වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දීලා ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවනම් ඒක අපි බලාගමු' යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින කළුතරදී මාධ්‍යවේදීන් ඉදිරියේ තම අදහස් ඉදිරිපත් කරමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
"දැන් ඔය ජේවීපී එකම සීයට තුන තියෙන කාලෙත් ගෝල්ෆේස් එක පුරවලා රැස්වීම් කෙරුවා.හැබැයි දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඔවුන් මැතිවරණ කාලයේ දීපු පොරොන්දු ඉෂ්ඨ කරනවද නැද්ද කියලා.ඉතින් තමන් පොරොන්දු වෙච්ච දේවල් ඉටු කරගන්න බැරි උනාම මැයි රැලි තියලා අපිට බැන්නට හරියන්නේ නැහැ.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට අපි මැයි රැලි කරේ නැහැ පෝය දවසේ හින්දා. අපි පන්සල්වල ආගමික වතාවත් කළේ.හැබැයි ඉතින් ජේවිපි මැයි රැළියේ අමතක කරන්නම බැරිෙච්ච වචන සෙට් එකෙන් එකක් තමයි රාජපක්ෂලා සහ පොහොට්ටුව.ඉතිං ඒකෙන්ම තේරෙනවා ඔවුන්ගේ මානසිකත්වය කොහොමද කියලා.ඉතින් ඒකෙත් කම්කරුවන්ගේ අයිතිය කම්කරුවන්ට වෙන සේවාවන් රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කරන්නේ කොහොමද කම්කරුවෝ දිරිගන්වන්නෙ කොහොමද මේ රටේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා නෙවෙයි ජනාධිපතිවරයා කතා කළේ.ජනාධිපතිවරයා මැයි දිනයට නැගලා අපිව හිරේ දාන්නේ කොහොමද කියලා කතා කරනවා.ලැජ්ජාවේ බෑ! ඉතින් මේක තමයි මේ රටේ විධායක ජනාධිපතිවරයාගේ තනතුර වැටිච්ච තැන.ඉතින් ඔය ටික අහන මිනිස්සු මැයි දිනයකට එන්න ඕනද. ඔය කතා ටික ජනාධිපතිවරයා විපක්ෂයේ ඉන්න කාලේ ඉඳන් කරපු කාරණා ටික තමයි තවම කියන්නේ. හැබැයි ඉතින් අපි එදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා.ඒක එදා තහවුරු කළා. ඉතින් ජෙවිපි වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දීලා ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවනම් ඒක අපි බලාගමු."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..