රුසියාව සහ චීනය දෙරට අතර ගනු දෙනු වලදී ඩොලර් භාවිතයෙන් ඉවත් වුනා - රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින්
රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින්ට අනුව දෙරට අතර අතර සියලුම ගනුදෙනු මේ වන විට රුබල් සහ යුවාන් වලින් පමණක් සිදු කරන බැවින් බටහිර මුදල් ඒකක රුසියානු-චීන වෙළඳ ගනු දෙනු වලදී භාවිතය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.
පසුගිය 19 වනදා ඔහුගේ චීන සගයා වන Li Qiang සමඟ පැවති සාකච්ඡාවක් අතර තුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කරන ලදී. සැලසුම් කරන ලද රුසියානු සහ චීන රජයේ ප්‍රධානීන්ගේ රැස්වීමකට සහභාගි වීම සඳහා රුසියානු අග්‍රාමාත්‍යවරයා මේ වන විට බීජිං හි දෙදින සංචාරයක නිරත වේ.
“අපි අන්‍යෝන්‍ය රටවල ජාතික මුදල් ඒකක වලින් කරන ගනු දෙනු කොටස අඛණ්ඩව වැඩි කරනවා. 2020 දී මෙම අගය 20% ක් පමණ වූවා . මේ වසරේ දී අපි එකිනෙකා අතර කරන ගනු දෙනු වලදී තුන්වන රටක මුදල් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙන්වා.”මිෂුස්ටින් ප්‍රකාශ කළේය.
පසුගිය මැයි මාසයේ ෂැංහයි නුවරදී පැවති ඒකාබද්ධ ව්‍යාපාරික සංසදයකට දෙරටේම ව්‍යවසායකයින් 1500කට වැඩි පිරිසක් ආකර්ශනය වූ බව සිහිපත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ව්‍යාපාරික සබඳතා තව තවත් ශක්තිමත් වූ බවය.
“අපි රුසියානු සහ චීන වෙළඳපලවල වාණිජ සමාගම්වල කටයුතු වඩාත් ලෙහෙසියෙන් කර ගෙන යාමට ලිහිල් කොන්දේසි නිර්මානය කරමින් සිටිනවා. අපට පුළුල් ඒකාබද්ධ න්‍යාය පත්‍රයක් තිබෙනවා.” මිෂුස්ටින් අවධාරණය කළේය.
අනෙක් අතට, "ගෝලීය කැළඹිලි" පසුබිමට එරෙහිව මොස්කව් සහ බීජිං අතර සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් වන අතරම එය වඩ වඩාත් වැදගත් වෙමින් පවතින බව චීන අගමැති Li Qiang සඳහන් කළේය.
බටහිර මූල්‍ය පද්ධතිය තුළ සම්බාධක පනවා මොස්කව් කපා හැරීමෙන් පසු රුසියාව සහ ඔවුන්ගේ වෙළඳ හවුල්කරුවන් අන්‍යෝන්‍ය වෙළඳාමේ විකල්ප මුදල් වෙත මාරු වීමට පටන් ගෙන තිබේ. මේ ක්‍රියාවලියට ජාතීන් ගණනාවක් එක්වෙමින් වෙළඳ ගනුදෙනු වලදී ජාතික මුදල් පියවීම් වෙත යොමු වෙමින් සිටී. https://www.rt.com/business/589334-russia-china-trade-dollar/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..