රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා අද දිවයිනට..
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද (03) දින දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඔවුන් මෙම සංචාරයේදී මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාවයන් සහ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම දූත පිරිස විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත බව සඳහන්ය.
මොවුන් මැයි 04 වන දින කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක නිරතවීමට ද නියමිත අතර ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකඟතාවයන්ට එළඹීමට ද අදහස් කර ඇත.
එමෙන්ම මෙම සංචාරයේදී ඖෂධ සහ වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයින්ගේ පුහුණුව සහ උසස් පුහුණුව, අධ්‍යයන සහයෝගීතාව (හුවමාරු, ඒකාබද්ධ පාඨමාලා ආදිය), ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය, සංචාරක සෞඛ්‍ය සේවාව ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන ක්ෂේත්‍රයන්ගේ සහයෝගීතාව වර්ධනය කිරිම උදෙසා සෞඛ්‍ය සේවාවේ එක් එක් අංශ සමග සාකච්ඡා සහ අදහස් හුවමාරු කර ගැනීමට ද රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස බලාපොරොත්තුවෙන් සිටී.
රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස සිය තෙදින සංචාරය නිමා කරමින් ලබන පස්වෙනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. දිවයිනට
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..