ඖෂධ හිඟයක් ගැන වෛද්‍ය චමල් සංජීවගෙන් අනාවරණයක්..
රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් උද්ගතව ඇති ආර්ථික උද්ධමනය හමුවේ, බාහිර ඖෂධ සැපයුම්කරුවන් සිය සැපයුම් කටයුතු නිසි පරිදි සිදු නොකිරීම නිසා පෞද්ගලික ඔසුහල්වල පවා අත්‍යවශ්‍ය ඖෂධ රැසක දැඩි හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ රෝගාබාධ සඳහා භාවිත කරන ඖෂධ මෙලෙස වෙළඳපොළේ හිඟ වීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
මේ හේතුවෙන් පිළිකා, වකුගඩු සහ අක්මා රෝගීන් මෙන්ම ශල්‍යකර්ම සඳහා බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් ද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
තවද, බෝ නොවන රෝග සඳහා දීර්ඝකාලීන ප්‍රතිකාර ලබන රෝගීන්ට ද අවශ්‍ය ඖෂධ සපයා ගැනීම මේ වන විට ගැටලුවක් වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
පවතින ඖෂධ හිඟය සඳහා ඩොලරයට සාපේක්ෂව රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීම, ඖෂධ සඳහා නියම කර ඇති පාලන මිලට මෙරටට ඖෂධ ආනයනය කිරීමට සැපයුම්කරුවන් අකමැති වීම, ඇතැම් ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් බලපා ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි:
පවතින තත්ත්වය මත ඇතැම් රෝගීන්ට සිය ඖෂධ විදේශ රටවලින් පෞද්ගලිකව ගෙන්වා ගැනීමට සිදුව ඇති අතර, ඒ සඳහා මූල්‍ය පහසුකම් නොමැති අසරණ රෝගීන් මරණාසන්න තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතින බව ඔහු අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන් කඩිනමින් මැදිහත් වී විසඳුම් ලබා නොදුනහොත්, මෙරට රෝගී සත්කාරක සේවාවන් සම්පූර්ණයෙන්ම බිඳ වැටිය හැකි බවට ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..