සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කරයි..
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනම්ව සිටි, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පත් කරන ලද සිව් පුද්ගල අධිකරණ වෛද්‍ය උපදේශක මණ්ඩලයේ වාර්තාව මේ වන විට නිකුත් වී තිබේ.
අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලය නිගමනය කර ඇත්තේ අධ්‍යක්ෂවරයාගේ සිරුරේ දක්නට ලැබුණු සියලුම තුවාල ඔහු විසින්ම සිදුකරගත් ඒවා (Self-inflicted) බවයි.
ඒ අනුව, මෙම මරණය තියුණු ආයුධයකින් සිදු වූ බහු කැපුම් තුවාල හේතුවෙන් ඇති වූ දරුණු රුධිර වහනයක් හේතුවෙන් සිදුවූ බවට එම වෛද්‍ය මණ්ඩලය නිගමනය කර තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් පැන නැගුණු සැකසහිත තත්ත්වයන් හේතුවෙන් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට විශේෂ අධිකරණ වෛද්‍ය උපදේශකවරුන් පිරිසක් පත් කිරීමට මීට පෙර පියවර ගැනිණි.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි මුදල් අමාත්‍යංශයේ නිලධාරින් 04 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර පෙරේදා කැපුම් තුවාල සහිතව ඔහුගේ ගෙවත්තේ තිබියදී සොයාගැණිනි.
මෙලෙස මියගොස් තිබුණේ රංග නිශාන්ත නැමැති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ සහකාර අධ්‍යක්ෂවරයෙකි.
මෙම සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නිලධාරියා දින දෙකක් කැඳවා තිබුණත් ඔහු නොපැමිණි බවට පළමුව වාර්තා වී තිබුණත්, පසුව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේ විමර්ශන සඳහා පැමිණ ඇති ඔහු ලැප්ටොප් පරිගනක ඇතුලු දත්ත උපකරණද විමර්ශන අංශ වෙත භාරදී තිබූ බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..