මීට පස්සේ වෙන ආණ්ඩු නෑ.. මාලිමාණ්ඩුව විතරයි.. - ටිල්වින් කියයි
මීට පස්සේ වෙනත් ආණ්ඩු බිහි නොවන බවත්, රට ගොඩනැගීමේ අරමුණ ඇතිව ඉදිරියට යන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.
කළුතර නගරයේ පැවැති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ, පක්ෂ අනාථ වී විසිරී සිටින සුළු පිරිසක් එක්ව හන්දිගානේ කෑගැසූ පමණින් මෙම ආණ්ඩුව පෙරළිය නොහැකි බවයි.
"වෙන ආණ්ඩු මීට පස්සේ නෑ කියන එක අපි ඕගොල්ලන්ට කියන්න ඕන. මේ රට හදනකම් රට හදන්න ඉන්නේ මාලිමාවේ ආණ්ඩුව, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි" යනුවෙන් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.
ආණ්ඩුව පෙරළීමට හෝ අරගල කිරීමට උත්සාහ කරන පිරිස්වලට පිළිතුරු දෙමින් ලේකම්වරයා පැවසුවේ, අරගල පිළිබඳ ඉගෙන ගැනීමට අවශ්‍ය නම් එය ඉගෙන ගත යුත්තේ තමන්ගෙන් බවයි.
මෙම ආණ්ඩුවට අත තැබීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා කළුතරට රැස්ව සිටින්නේ දැවැන්ත "ජන පවුරක්" බවත් ඔහු පෙන්වා දුන්නේය.
"මේ රටේ ජනතාව තමන් හදාගත්තු ආණ්ඩුවට ඒවා මේවා කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ" යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අතීතයේ කම්කරු පන්තියේ අයිතිවාසිකම් කප්පාදු කළ සහ ජනතාවට පීඩා කළ පාලකයින් අද වන විට ඉතිහාසයේ කුණු කූඩයට වැටී ඇති බවත්, ඔවුන්ට මැයි දිනයක් පවා පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවත් ටිල්වින් සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..