News Category
From Date
To Date
Maximum Number of Result

හෝමූස් සමුද්‍ර සන්ධියේ අයිතිය මාරු කළ දිනය: ක්‍රියා තුනක්, එක් පින්තූරයක් සහ අවහිරයක නිහඬ මරණය

Apr 30, 2026 at 01:29 PM
|

මහාචාර්ය ජියැං Jiang Xueqin විසින් ඉදිරිපත් කරන "China Just BETRAYED Trump — The Strait Of Hormuz Is Now Theirs" නම් යූ ටියුබ් විශ්ලේෂණය මත පදනම්ව, මෙම විශේෂාංග ලිපිය, ලෝකයේ වැදගත්ම ජල මාර්ගයේ පාලනය ඇමරිකාවෙන් චීනයට සහ ඉරානයට නිහඬව මාරු කිරීමට ගත් ක්‍රියාමාර්ග තුනක් පරීක්ෂා කරයි. අනුවර්තනය ජීවන්ත ජයතිස්ස


දින 60ක් තිස්සේ සහ ඩොලර් බිලියන 20ක් වැය කරමින් ඇමරිකාව ලෝකයේ වැදගත්ම සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට උත්සාහ කළේය. එහෙත් එය සාර්ථක වූයේ නැත. එසේ වූවේ නාවික හමුදාවක් හෝ බෝම්බයක් නිසා නොව, ගෝලීය බලයේ නීති නැවත ලියූ කුඩා, විචාරශීලීව ක්‍රියාත්මක කළ ක්‍රියා තුනක් නිසා ය.

හෝමූස් යනු තවදුරටත් උදාසීන ජාත්‍යන්තර  මුහුදු ගමන් මාර්ගයක් නොවේ. එයට නව පරිපාලනයක් ඇත. එලෙසම ඓතිහාසිකව වැදගත්කමක් නොමැති දිනයක, වෙනම ක්‍රියා තුනක් මගින් එම පරිපාලනය පිළිතුරු දෙන්නේ කාටද යන්න හරියටම තහවුරු කළේය. පිළිතුරු එක්සත් ජනපදයට නොවේ. පස්වන බලඇණියටද නොවේ.චීනයටයි.

අවහිරය බිඳ දැමූ දිනය දෙස අපි ආපසු හැරී බලමු. අවහිරය බිඳ දැමුණේ ඝෝෂාවකින් නොව, වචන තුනකින්, මුදල් හුවමාරුවකින් සහ දුම්රිය මාර්ගයකින් වීම විශේෂත්වයකි.

පළමු ක්‍රියාව: වචන තුන

ඇමරිකාව ඉරාන තෙල් මිලදී ගැනීම දිගටම කරගෙන ගියහොත් චීනයට 100% තීරුබදු පනවන බවට තර්ජනය කළේය. සියයට සියයක බදු යනු සම්පූර්ණ සම්බාධකයකින් තොරව ඇමරිකානු රජයට ලබා ගත හැකි වඩාත්ම ආන්තික ආර්ථික ලීවරය විය. අමෙරිකාව චීනයට ලබා දෙන පණිවිඩය පැහැදිලි විය. එනම්, ඉරානයට අරමුදල් සැපයීම නවත්වන්න, නැතහොත් අපගේ වෙළඳපොළට ඔබේ ප්‍රවේශය අපි බිඳ දමමු. එහෙත් චීනයේ ප්‍රතිචාරය ප්‍රසිද්ධියේ කථා කරන ලද වචන තුනක් පමනක් විය. එනම් වාර්තාවන ආකාරයට "අපිට කමක් නැහැ." එම වචන තුන විය.

හෝමූස් සමුද්‍ර සන්ධිය වෙනුවෙන් ලෝකයේ විශාලතම ආර්ථිකය එහි බරම මූල්‍ය අවිය යෙදවීය. ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය තර්ජනයට බියෙන් පසුබට වූයේ නැත. චීනය සාකච්ඡා කළේ නැත. එලෙසම චීනය ප්‍රමාද කළේද නැත. චීනය පැවසුවේ, "තීරුබදු තබා ගන්න. අපි දිගටම ඉරානයෙන් ඛනිජ තෙල් මිලදී ගන්නෙමු" යනුවෙනි.

චිනයේ මෙම ප්‍රවේශය වැදගත් වන්නේ ඇයි? අවහිර කිරීමේ සම්පූර්ණ තර්කනය රඳා පවතින්නේ ඉරානයේ ආදායම කපා හැරීම මත ය. චීනය වෙනත් ඕනෑම රටකට වඩා ඉරාන තෙල් විශාල ප්‍රමානයකින් මිලදී ගනී. චීනය අමෙරිකානු අණට කීකරු වුවහොත්, ඉරානය තුළ ලේ ගලා යනු ඇත. චීනය අමෙරිකාවේ තර්ජනය ප්‍රතික්ෂේප කළහොත්, අවහිර කිරීමේ මධ්‍යම යාන්ත්‍රණය අර්ධ වශයෙන් නොව, ව්‍යුහාත්මකවම අසාර්ථක වනු ඇත.

අමෙරිකානු තර්ජනය නොසලකා හැරීම ප්‍රසිද්ධියේ කිරීමෙන්, බීජිනය මිහිමත ඇති සෑම රජයකටම පණිවිඩයක් යවා ඇත. එනම්, ඇමරිකානු ආර්ථික තර්ජන පෙනෙන්නට තිබෙන ප්‍රමාණයට වඩා අඩු විශ්වසනීය බවකින් යුක්තයි. එලෙසම අමෙරිකාව තම හැසිරීම නාටකාකාර ලෙස නොව, ස්ථාවරවම වෙනස් කරනු ලබයි. ඒ අනුව වොෂින්ටනයේ පීඩනය හේතුවෙන් කල් දැමූ එහෙත් දැන් නැවත ගණනය කිරීම් කරන ලෝකයේ මුදල් අමාත්‍යාංශ සහ වෙළඳ දෙපාර්තමේන්තු විසින් ගනු ලැබූ කුඩා තීරණ සියය ගණනක් නැවත සලකා බැලීමට පෙළෙඹෙනු ඇත.

දෙවන ක්‍රියාමාර්ගය: ජපන්  ඛනිජ තෙල් ප්‍රවාහන නෞකාව සහ යුවාන්

අමෙරිකා ඊශ්‍රායල- ඉරාන ගැටුම ආරම්භ වූ පසු පළමු වරට ජපන් ඛනිජ තෙල් ප්‍රවාහන නෞකාවක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කළේය. එය  හුදු  ප්‍රවෘත්තියක් පමණක් නොව ඇත්ත වශයෙන්ම සිදුවූයේ මූල්‍යමය ගනුදෙනුවකි. එනම්, ජපන් ඛනිජ තෙල් ප්‍රවාහන නෞකාව ඉරානයට චීන යුවාන් වලින් ගෙවීය.

ජපානය ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකයයි. ජපානය වසර 80 ක් තිස්සේ ඇමරිකාවේ සමීපතම සගයන්ගෙන් කෙනෙකු විය. තවද මෙම ගෙවීම මගින් ජපානය පෙට්‍රොඩොලර් ක්‍රමය මඟ හැරියේය. එනම් ගෝලීය ඛනිජ තෙල් ඩොලර් වලින් නම් කර තබා ගන්නා, ඇමරිකානු ණය ගැනීමේ පිරිවැය සහ ගෝලීය මූල්‍ය ආධිපත්‍යය පවත්වා ගන්නා 1974 පටන් පැවැති ගිවිසුම ජපානය අත හැරියාය.

ඛනිජ තෙල් ප්‍රවාහන නෞකාවක් යුවාන් වලින් ගමන් ගාස්තු ගෙවන සෑම අවස්ථාවකම, පෙට්‍රොඩොලර් ක්‍රමයේ පදනම ඛාදනය වේ. නාටකාකාර ලෙස හෝ තනි ගනුදෙනුවක් ලෙස හෝ නොව සමුච්චිතව පෙට්‍රොඩොලර් ක්‍රමයේ පදනම ඛාදනය වේ. සමුද්‍ර සන්ධිය හරහා මේ වන විට දිනකට නැව් 135 ක් පමණ ඛනිජ තෙල් ප්‍රවාහනයේ යෙදෙයි. වත්මන් ගාස්තු අනුපාතවලට අනුව, එය ගෝලීය ඩොලර් ඉල්ලුමේ සැලකිය යුතු, අඛණ්ඩ අඩුවීමක් පෙන්නුම් කරයි. සෑම යුවාන් ගෙවීමක්ම ඊළඟ ගෙවීම සාමාන්‍යකරණය කරනු ලබයි.

ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය තවදුරටත් ඛනිජ තෙල් නිසා හුස්ම හිරවන ස්ථානයක් නොවේ. දැන් හෝමූස් සමුද්‍ර සන්ධිය යුවාන් වලින් ගෙවීම් කරන මුරපොලක් බවට පත්ව තිබේ.

තුන්වන ක්‍රියාව: වැටලීම බිඳ දැමූ දුම්රිය මාර්ගය

ලෝකය හෝමූස් සමුද්‍ර සන්ධිය දෙස බලා සිටියදී, වෝල් ස්ට්‍රීට් ජර්නලය තහවුරු කළේ ඉරානය දැන් දුම්රිය මාර්ගය ඔස්සේ චීනයට ඛනිජ තෙල් අපනයනය කරන බවයි. ඒ අනුව අවහිරය සම්පූර්ණයෙන්ම මග හැර ඇත. 

එම ක්‍රියාවලියේ අදහස සම්බන්ධයෙන් සිතා බලමු. අමෙරිකානු අවහිර කිරීම ඉරාන වරායන් වෙත මුහුදෙන් ප්‍රවේශය පාලනය කරයි. නමුත් අවහිරය දුම්රිය මාර්ග පාලනය නොකරයි. එලෙසම අවහිරය චීනයේ මිලදී ගැනීමේ තීරණ පාලනය නොකරයි. කුමන මුදල් කුමන ඛනිජ තෙල් නෞකා භාවිතා කරන්නේද යන්න අමෙරිකාව පාලනය නොකරයි. ඒ අනුව හිඩැස් තුනකට විසඳුම් තුනක් ලැබී තිබේ.එනම්, දුම්රිය හෝමූස් සමුද්‍ර සන්ධිය මඟ හරියි. චීනයේ අමෙරිකානු විරෝධතාවය අමෙරිකානු තීරුබදු තර්ජනය උදාසීන කරයි. යුවාන් මගින් කරන ගෙවීම් සමාන්තර මූල්‍ය පද්ධතියක් නිර්මාණය කරයි.

මෙය පද්ධතිය වැඩිදියුණු කිරීමක් නොව ගෘහ නිර්මාණ ශිල්පයයි. ඇමරිකාව ඔවුන්ගේ අවහිර කිරීම නිවේදනය කරමින් සිටියදී මාස ගණනාවක් තිස්සේ චීනය සහ ඉරානය නව පද්ධතියක් ගොඩනගා ඇත. ප්‍රතිපත්තිවලට වඩා පද්ධති අහෝසි කිරීම දුෂ්කර ය. දුම්රිය පවතී. යුවාන් වලින් ගෙවීමේ යටිතල පහසුකම් පවතී. චීනය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ගොඩ නගා ගත් කීර්තිය ගෝලීය වශයෙන් අහිමි කර නොගෙන ආපසු හැරිය නොහැකි බවයි.

චීනය සහ ඉරානය එක්ව සාදන පින්තූරය

නලයක් අවහිර කිරීමෙන් ජලය ගලා යාම නැවැත්වීමට උත්සාහ කිරීම පිළිබඳව අවධානය යොමු කරමු. ජලය එකවර තවත් මාර්ග තුනක් සොයා ගනී. එනම් වම් පසින් පරතරයක්, පතුලේ ඉරිතැලීමක්, අවහිර කරන්නා නොදැන සිටි වෙනස් නලයක්. අවහිරය තවමත් එලෙසම පවතී. නමුත් ජලය කෙසේ හෝ ගලා යයි.

මෙහිදී සිදු වූයේද එයයි. ඉරාන ඛනිජ තෙල්, ආදායම් සහ බලශක්ති අපනයන විකල්ප මාර්ග තුනක් හරහා ගමන් කරයි. නව ප්‍රවාහන මාර්ගය අවහිරය පැමිණෙන නිසාම ඉදිකරන ලද්දකි.

අවහිරය නිසා ඇති කරන පිරිවැය සාමාන්‍ය ජනතාව මත පැටවේ. සෑම යුවාන් ගෙවීමක්ම ඩොලර් ඉල්ලුම අඩු කරයි, එය කාලයත් සමඟ ඇමරිකානු ණය ගැනීමේ පිරිවැය, උද්ධමනය සහ ඇමරිකානු පවුල්වල මිලදී ගැනීමේ ශක්තියට බලපානු ලබයි. අවහිරය මඟ හරින ඛනිජ තෙල් ගෝලීය වෙළඳපොළට ළඟා වන්නේ ඉරාන මිල ගණන් යටතේ මිස අවහිරය විසින් නිපදවිය යුතු යැයි සැලකූ ඉහළ මිල ගණන් යටතේ නොවේ. ආර්ථික පීඩනය ගොඩබෑමට සැලසුම් කළ ස්ථානයට පමණක් ගොඩබසින්නේ නැත. එය සෑම තැනකම බෙදා හරිනු ලැබේ.

කිසිවෙකු ශබ්ද නඟා අසන්නේ නැති ප්‍රශ්නය

ඇමරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට දින 60 ක් සහ ඩොලර් බිලියන 20 ක් වැය කළේය. චීනය කිසිවක් වියදම් කළේ නැත, වචන තුනක් කීවේය, සමුද්‍ර සන්ධිය සැබවින්ම ඔවුන්ගේ ය.

ඉරානය ජල මාර්ගය පාලනය කරයි. චීනය ඉරානයේ ආදායම ආරක්ෂා කරයි. දුම්රිය මාර්ගය අවහිර කිරීම සම්පූර්ණයෙන්ම මඟ හරියි.

පැන නගින අවංක ප්‍රශ්නය නම්, කිසිදු නිල ප්‍රකාශයක් කිසි විටෙකත් ශබ්ද නඟා නොනගන ප්‍රශ්නයයි. එනම්, ඇමරිකාව ඉහත විස්තර කළ පින්තූරය වෙනස් කරන ලීවරයක් ඉතිරි කර තිබේද? යන්නයි.

මක්නිසාද යත්, අද, ඕනෑම ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කරන නෞකා කණ්ඩායමකට කළ හැකි ප්‍රමාණයට වඩා බලය සැබවින්ම කේන්ද්‍ර වී ඇති ස්ථානය අනුගමනය කරන ක්‍රියා මාර්ග තුනක් ඔබ හමුවේ තැබූ බැවිනි. ඒ අනුව සැක සහිත වීම, සාක්ෂි දෙස විමසිලිමත්ව බැලීම මෙන්ම සත්‍ය සොයා ගැනීමට ධෛරයමත් වීම අප සතු වගකීමකි. ඒ අනුව අප බලය සැබවින්ම ක්‍රියා කරන්නේ කෙසේදැයි විමසීම කිසි විටෙකත් නතර නොකළ යුතුය.

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.