News Category
From Date
To Date
Maximum Number of Result

හෝමූස් සමුද්‍ර සන්ධියේ අයිතිය මාරු කළ දිනය: ක්‍රියා තුනක්, එක් පින්තූරයක් සහ අවහිරයක නිහඬ මරණය

Apr 30, 2026 at 01:29 PM
|

මහාචාර්ය ජියැං Jiang Xueqin විසින් ඉදිරිපත් කරන "China Just BETRAYED Trump — The Strait Of Hormuz Is Now Theirs" නම් යූ ටියුබ් විශ්ලේෂණය මත පදනම්ව, මෙම විශේෂාංග ලිපිය, ලෝකයේ වැදගත්ම ජල මාර්ගයේ පාලනය ඇමරිකාවෙන් චීනයට සහ ඉරානයට නිහඬව මාරු කිරීමට ගත් ක්‍රියාමාර්ග තුනක් පරීක්ෂා කරයි. අනුවර්තනය ජීවන්ත ජයතිස්ස


දින 60ක් තිස්සේ සහ ඩොලර් බිලියන 20ක් වැය කරමින් ඇමරිකාව ලෝකයේ වැදගත්ම සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට උත්සාහ කළේය. එහෙත් එය සාර්ථක වූයේ නැත. එසේ වූවේ නාවික හමුදාවක් හෝ බෝම්බයක් නිසා නොව, ගෝලීය බලයේ නීති නැවත ලියූ කුඩා, විචාරශීලීව ක්‍රියාත්මක කළ ක්‍රියා තුනක් නිසා ය.

හෝමූස් යනු තවදුරටත් උදාසීන ජාත්‍යන්තර  මුහුදු ගමන් මාර්ගයක් නොවේ. එයට නව පරිපාලනයක් ඇත. එලෙසම ඓතිහාසිකව වැදගත්කමක් නොමැති දිනයක, වෙනම ක්‍රියා තුනක් මගින් එම පරිපාලනය පිළිතුරු දෙන්නේ කාටද යන්න හරියටම තහවුරු කළේය. පිළිතුරු එක්සත් ජනපදයට නොවේ. පස්වන බලඇණියටද නොවේ.චීනයටයි.

අවහිරය බිඳ දැමූ දිනය දෙස අපි ආපසු හැරී බලමු. අවහිරය බිඳ දැමුණේ ඝෝෂාවකින් නොව, වචන තුනකින්, මුදල් හුවමාරුවකින් සහ දුම්රිය මාර්ගයකින් වීම විශේෂත්වයකි.

පළමු ක්‍රියාව: වචන තුන

ඇමරිකාව ඉරාන තෙල් මිලදී ගැනීම දිගටම කරගෙන ගියහොත් චීනයට 100% තීරුබදු පනවන බවට තර්ජනය කළේය. සියයට සියයක බදු යනු සම්පූර්ණ සම්බාධකයකින් තොරව ඇමරිකානු රජයට ලබා ගත හැකි වඩාත්ම ආන්තික ආර්ථික ලීවරය විය. අමෙරිකාව චීනයට ලබා දෙන පණිවිඩය පැහැදිලි විය. එනම්, ඉරානයට අරමුදල් සැපයීම නවත්වන්න, නැතහොත් අපගේ වෙළඳපොළට ඔබේ ප්‍රවේශය අපි බිඳ දමමු. එහෙත් චීනයේ ප්‍රතිචාරය ප්‍රසිද්ධියේ කථා කරන ලද වචන තුනක් පමනක් විය. එනම් වාර්තාවන ආකාරයට "අපිට කමක් නැහැ." එම වචන තුන විය.

හෝමූස් සමුද්‍ර සන්ධිය වෙනුවෙන් ලෝකයේ විශාලතම ආර්ථිකය එහි බරම මූල්‍ය අවිය යෙදවීය. ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය තර්ජනයට බියෙන් පසුබට වූයේ නැත. චීනය සාකච්ඡා කළේ නැත. එලෙසම චීනය ප්‍රමාද කළේද නැත. චීනය පැවසුවේ, "තීරුබදු තබා ගන්න. අපි දිගටම ඉරානයෙන් ඛනිජ තෙල් මිලදී ගන්නෙමු" යනුවෙනි.

චිනයේ මෙම ප්‍රවේශය වැදගත් වන්නේ ඇයි? අවහිර කිරීමේ සම්පූර්ණ තර්කනය රඳා පවතින්නේ ඉරානයේ ආදායම කපා හැරීම මත ය. චීනය වෙනත් ඕනෑම රටකට වඩා ඉරාන තෙල් විශාල ප්‍රමානයකින් මිලදී ගනී. චීනය අමෙරිකානු අණට කීකරු වුවහොත්, ඉරානය තුළ ලේ ගලා යනු ඇත. චීනය අමෙරිකාවේ තර්ජනය ප්‍රතික්ෂේප කළහොත්, අවහිර කිරීමේ මධ්‍යම යාන්ත්‍රණය අර්ධ වශයෙන් නොව, ව්‍යුහාත්මකවම අසාර්ථක වනු ඇත.

අමෙරිකානු තර්ජනය නොසලකා හැරීම ප්‍රසිද්ධියේ කිරීමෙන්, බීජිනය මිහිමත ඇති සෑම රජයකටම පණිවිඩයක් යවා ඇත. එනම්, ඇමරිකානු ආර්ථික තර්ජන පෙනෙන්නට තිබෙන ප්‍රමාණයට වඩා අඩු විශ්වසනීය බවකින් යුක්තයි. එලෙසම අමෙරිකාව තම හැසිරීම නාටකාකාර ලෙස නොව, ස්ථාවරවම වෙනස් කරනු ලබයි. ඒ අනුව වොෂින්ටනයේ පීඩනය හේතුවෙන් කල් දැමූ එහෙත් දැන් නැවත ගණනය කිරීම් කරන ලෝකයේ මුදල් අමාත්‍යාංශ සහ වෙළඳ දෙපාර්තමේන්තු විසින් ගනු ලැබූ කුඩා තීරණ සියය ගණනක් නැවත සලකා බැලීමට පෙළෙඹෙනු ඇත.

දෙවන ක්‍රියාමාර්ගය: ජපන්  ඛනිජ තෙල් ප්‍රවාහන නෞකාව සහ යුවාන්

අමෙරිකා ඊශ්‍රායල- ඉරාන ගැටුම ආරම්භ වූ පසු පළමු වරට ජපන් ඛනිජ තෙල් ප්‍රවාහන නෞකාවක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කළේය. එය  හුදු  ප්‍රවෘත්තියක් පමණක් නොව ඇත්ත වශයෙන්ම සිදුවූයේ මූල්‍යමය ගනුදෙනුවකි. එනම්, ජපන් ඛනිජ තෙල් ප්‍රවාහන නෞකාව ඉරානයට චීන යුවාන් වලින් ගෙවීය.

ජපානය ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකයයි. ජපානය වසර 80 ක් තිස්සේ ඇමරිකාවේ සමීපතම සගයන්ගෙන් කෙනෙකු විය. තවද මෙම ගෙවීම මගින් ජපානය පෙට්‍රොඩොලර් ක්‍රමය මඟ හැරියේය. එනම් ගෝලීය ඛනිජ තෙල් ඩොලර් වලින් නම් කර තබා ගන්නා, ඇමරිකානු ණය ගැනීමේ පිරිවැය සහ ගෝලීය මූල්‍ය ආධිපත්‍යය පවත්වා ගන්නා 1974 පටන් පැවැති ගිවිසුම ජපානය අත හැරියාය.

ඛනිජ තෙල් ප්‍රවාහන නෞකාවක් යුවාන් වලින් ගමන් ගාස්තු ගෙවන සෑම අවස්ථාවකම, පෙට්‍රොඩොලර් ක්‍රමයේ පදනම ඛාදනය වේ. නාටකාකාර ලෙස හෝ තනි ගනුදෙනුවක් ලෙස හෝ නොව සමුච්චිතව පෙට්‍රොඩොලර් ක්‍රමයේ පදනම ඛාදනය වේ. සමුද්‍ර සන්ධිය හරහා මේ වන විට දිනකට නැව් 135 ක් පමණ ඛනිජ තෙල් ප්‍රවාහනයේ යෙදෙයි. වත්මන් ගාස්තු අනුපාතවලට අනුව, එය ගෝලීය ඩොලර් ඉල්ලුමේ සැලකිය යුතු, අඛණ්ඩ අඩුවීමක් පෙන්නුම් කරයි. සෑම යුවාන් ගෙවීමක්ම ඊළඟ ගෙවීම සාමාන්‍යකරණය කරනු ලබයි.

ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය තවදුරටත් ඛනිජ තෙල් නිසා හුස්ම හිරවන ස්ථානයක් නොවේ. දැන් හෝමූස් සමුද්‍ර සන්ධිය යුවාන් වලින් ගෙවීම් කරන මුරපොලක් බවට පත්ව තිබේ.

තුන්වන ක්‍රියාව: වැටලීම බිඳ දැමූ දුම්රිය මාර්ගය

ලෝකය හෝමූස් සමුද්‍ර සන්ධිය දෙස බලා සිටියදී, වෝල් ස්ට්‍රීට් ජර්නලය තහවුරු කළේ ඉරානය දැන් දුම්රිය මාර්ගය ඔස්සේ චීනයට ඛනිජ තෙල් අපනයනය කරන බවයි. ඒ අනුව අවහිරය සම්පූර්ණයෙන්ම මග හැර ඇත. 

එම ක්‍රියාවලියේ අදහස සම්බන්ධයෙන් සිතා බලමු. අමෙරිකානු අවහිර කිරීම ඉරාන වරායන් වෙත මුහුදෙන් ප්‍රවේශය පාලනය කරයි. නමුත් අවහිරය දුම්රිය මාර්ග පාලනය නොකරයි. එලෙසම අවහිරය චීනයේ මිලදී ගැනීමේ තීරණ පාලනය නොකරයි. කුමන මුදල් කුමන ඛනිජ තෙල් නෞකා භාවිතා කරන්නේද යන්න අමෙරිකාව පාලනය නොකරයි. ඒ අනුව හිඩැස් තුනකට විසඳුම් තුනක් ලැබී තිබේ.එනම්, දුම්රිය හෝමූස් සමුද්‍ර සන්ධිය මඟ හරියි. චීනයේ අමෙරිකානු විරෝධතාවය අමෙරිකානු තීරුබදු තර්ජනය උදාසීන කරයි. යුවාන් මගින් කරන ගෙවීම් සමාන්තර මූල්‍ය පද්ධතියක් නිර්මාණය කරයි.

මෙය පද්ධතිය වැඩිදියුණු කිරීමක් නොව ගෘහ නිර්මාණ ශිල්පයයි. ඇමරිකාව ඔවුන්ගේ අවහිර කිරීම නිවේදනය කරමින් සිටියදී මාස ගණනාවක් තිස්සේ චීනය සහ ඉරානය නව පද්ධතියක් ගොඩනගා ඇත. ප්‍රතිපත්තිවලට වඩා පද්ධති අහෝසි කිරීම දුෂ්කර ය. දුම්රිය පවතී. යුවාන් වලින් ගෙවීමේ යටිතල පහසුකම් පවතී. චීනය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ගොඩ නගා ගත් කීර්තිය ගෝලීය වශයෙන් අහිමි කර නොගෙන ආපසු හැරිය නොහැකි බවයි.

චීනය සහ ඉරානය එක්ව සාදන පින්තූරය

නලයක් අවහිර කිරීමෙන් ජලය ගලා යාම නැවැත්වීමට උත්සාහ කිරීම පිළිබඳව අවධානය යොමු කරමු. ජලය එකවර තවත් මාර්ග තුනක් සොයා ගනී. එනම් වම් පසින් පරතරයක්, පතුලේ ඉරිතැලීමක්, අවහිර කරන්නා නොදැන සිටි වෙනස් නලයක්. අවහිරය තවමත් එලෙසම පවතී. නමුත් ජලය කෙසේ හෝ ගලා යයි.

මෙහිදී සිදු වූයේද එයයි. ඉරාන ඛනිජ තෙල්, ආදායම් සහ බලශක්ති අපනයන විකල්ප මාර්ග තුනක් හරහා ගමන් කරයි. නව ප්‍රවාහන මාර්ගය අවහිරය පැමිණෙන නිසාම ඉදිකරන ලද්දකි.

අවහිරය නිසා ඇති කරන පිරිවැය සාමාන්‍ය ජනතාව මත පැටවේ. සෑම යුවාන් ගෙවීමක්ම ඩොලර් ඉල්ලුම අඩු කරයි, එය කාලයත් සමඟ ඇමරිකානු ණය ගැනීමේ පිරිවැය, උද්ධමනය සහ ඇමරිකානු පවුල්වල මිලදී ගැනීමේ ශක්තියට බලපානු ලබයි. අවහිරය මඟ හරින ඛනිජ තෙල් ගෝලීය වෙළඳපොළට ළඟා වන්නේ ඉරාන මිල ගණන් යටතේ මිස අවහිරය විසින් නිපදවිය යුතු යැයි සැලකූ ඉහළ මිල ගණන් යටතේ නොවේ. ආර්ථික පීඩනය ගොඩබෑමට සැලසුම් කළ ස්ථානයට පමණක් ගොඩබසින්නේ නැත. එය සෑම තැනකම බෙදා හරිනු ලැබේ.

කිසිවෙකු ශබ්ද නඟා අසන්නේ නැති ප්‍රශ්නය

ඇමරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට දින 60 ක් සහ ඩොලර් බිලියන 20 ක් වැය කළේය. චීනය කිසිවක් වියදම් කළේ නැත, වචන තුනක් කීවේය, සමුද්‍ර සන්ධිය සැබවින්ම ඔවුන්ගේ ය.

ඉරානය ජල මාර්ගය පාලනය කරයි. චීනය ඉරානයේ ආදායම ආරක්ෂා කරයි. දුම්රිය මාර්ගය අවහිර කිරීම සම්පූර්ණයෙන්ම මඟ හරියි.

පැන නගින අවංක ප්‍රශ්නය නම්, කිසිදු නිල ප්‍රකාශයක් කිසි විටෙකත් ශබ්ද නඟා නොනගන ප්‍රශ්නයයි. එනම්, ඇමරිකාව ඉහත විස්තර කළ පින්තූරය වෙනස් කරන ලීවරයක් ඉතිරි කර තිබේද? යන්නයි.

මක්නිසාද යත්, අද, ඕනෑම ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කරන නෞකා කණ්ඩායමකට කළ හැකි ප්‍රමාණයට වඩා බලය සැබවින්ම කේන්ද්‍ර වී ඇති ස්ථානය අනුගමනය කරන ක්‍රියා මාර්ග තුනක් ඔබ හමුවේ තැබූ බැවිනි. ඒ අනුව සැක සහිත වීම, සාක්ෂි දෙස විමසිලිමත්ව බැලීම මෙන්ම සත්‍ය සොයා ගැනීමට ධෛරයමත් වීම අප සතු වගකීමකි. ඒ අනුව අප බලය සැබවින්ම ක්‍රියා කරන්නේ කෙසේදැයි විමසීම කිසි විටෙකත් නතර නොකළ යුතුය.

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.